Author: LFN

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ව හමුවී තිබේ. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීය. එහිදී ශ්‍රී ලංකා තුළ Starlink ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන් මස්ක් සමග සාකච්ඡා කර තිබේ. ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

මාලදෙණිය, නාල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් එකම පවුලේ තිදෙනෙකු නිවස තුළදී ඝාතනය කර තිබේ. අද (19) උදෑසන 42 හැවිරිදි පුද්ගලයෙකු විසින් එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 80 හැවිරිදි පියා, 77 හැවිරිදි මව සහ 42 හැවිරිදි පුත්‍රයාය. සිද්ධිය සම්බන්ධයෙන් මාලදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පානදුර මාර්ගයේ මහවිල ප්‍රදේශයේදී පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පින්තාරු රැකියාවේ යෙදුණු අයෙකි. මියගිය පුද්ගලයා පාපැදියෙන් හොරණ පානදුර මාර්ගයේ පානදුර දෙසට යමින් සිටියදී එම දිසාවටම ගමන්කරමින් තිබූ යතුරුපැදියක් පාපැදියේ පිටුපසින් ගැටී මෙම අනතුර වී ඇතැයි පොලීසිය කීය. සිදුවූ අනතුරින් පාපැදිකරු මෙන්ම යතුරුපැදියේ ගමන් ගත් පැදිකරු සහ පසු පැදිකරු තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පාපැදිකරු මිය ගිය බව පොලීසිය කියයි.

Read More

නීතිවිරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. කිලිනොච්චිය, නගර්කෝවිල් හා කුඩාරප්පු මුහුදු ප්‍රදේශයන්හි සහ ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම් මඟින් සැකකරුවන් සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. එහිදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු සමග ඩිංගි යාත්‍රා හතක්, මුහුදු කූඩැල්ලන් 400ක පමණ තොගයක් සහ තහනම් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 25ත් 50ත් අතර වයසේ පසුවන මන්නාරම, කල්පිටිය, මාමුණෙයි සහ නිලාවේලී යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව සඳහන්ය. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයටත්, ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත් භාරදීමට…

Read More

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුය සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (19) ප.ව. 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩිතද වැසි…

Read More

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ අද (19) අලුයම 03 සිට හෙට (20) අලුයම 03 දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. ඒ අනුව අදියර 02 යටතේ වන අනතුරු ඇගවීමේ නිවේදන බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නිකුත් කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් සඳහා මෙන්ම මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33ක් සඳහා අදියර 1 යටතේ වන එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බව ගොඩනැගිලි…

Read More

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක්වූ වයස අවුරුදු 13ක් වූ පාසල් සිසුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් වී තිබුණි. සිසුවා පැවසුවේ, වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බවට පවසමින් පොලීසිය තමන්ට පහරදුන් බවය. පහරකෑමට ලක්වූ දරුවා, “ත්‍රීවීල් එක එලවපු මාමා නම් ගැහුවේ නැහැ. අනිත් අය නම් කටත් මිරුකුවා. දැන් කනට බෙහෙත් දුන්නා.”

Read More

පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ. ඒ පොලිස් විශේෂ කාර්යය බළකායට අයත් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකෙරුණු විශේෂ උඳුන තුළදීය.

Read More

රුසියානු – යුක්‍රේන යුද පෙරමුණුවලට අනීතික ලෙස ගොස් දරුණු ලෙස තුවාල ලබා දිවි බේරාගෙන යළි මෙරටට පළා ආ විශ්‍රාමික සෙබළුන් කිහිපදෙනෙකු තමන් මුහුණදුන් බිහිසුණු හා අමිහිරි අත්දැකීම් ගැන මාධ්‍යට අනාවරණය කළේය. ඔවුන් පවසන්නේ, ඉහළ වැටුප් හා විවිධ පහසුකම් ලබාදෙන බව පවසා තමන්ව එරටට යොමු කළත් ඒ කිසිවක් නිසි ආකාරයෙන් නොලැබුණු බවය. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර 22ක කාලයක් සේවය කර විශ්‍රාම ගොස් රුසියාවට ගිය පසුව එරට කුලී හමුදාවට සම්බන්ධවී යළි මෙරටට පැමිණි මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේ පදිංචි ලලිත් ශාන්ත මාධ්‍යට සිය අත්දැකීම් විස්තර කළේය. “16 දෙනෙත් විතර ගියා… එක එක තැන්වලට දැම්මා. ඒ තැනින් ඉදිරි ආරක්ෂක පෙළට දැම්මා. මෝටාර් ප්‍රහාරයක් එල්ල වුණා.…

Read More

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබේ. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් බව වාර්තා වෙයි. චන්ද්‍රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවකි. පසුගිය කාලය පුරාම ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇය ඊට පිළියම් ලෙස නිරන්තරයෙන්ම ශාන්තිකර්ම සිදුකළ අතර තම පවුලට හිස එසවිය නොහැකි වන තරමටම කිසිවකු සිය පවුලට හූනියමක් සිදුකර ඇතැයි යන විශ්වාසයේ එල්බ තිබුණි. ඇය පසුගිය කාලය පුරාම කිරිඇල්ල ප්‍රදේශයේ යකදුරෙකු හමුවට ගියේ එකී හූනියම ඉවත් කර ආරක්ෂාවක් කර ගැනීම සඳහාය. රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැය කරමින් ඇය එම හූනියමක්…

Read More