Author: LFN

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ. අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර, ඒත් සමග මාර්ගය අවහිර වීමෙන් වාහන තදබදයක් ද ඇති වූ බව අප වාර්තාකරු පැවසීය. අනතුරින් වාහන කිහිපයකට ද හානි සිදුව ඇත. කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේ කටයුතුවල නියැලෙමින් සිටී.

Read More

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය. මෙම මෝසම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නෑ. ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ මහත්මිය සිය නීතිඥ වරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ද ඉදිරි පැය 48 දක්වා වූ කාලයේ ඉහළ යාමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ගංවතුර අවදානමට ලක්ව තිබේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 08කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා…

Read More

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බවය.

Read More

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) දහවල් කොළඹදී පැවැත්වෙයි. එහිදී දේශීය සහ විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින් ය. කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් යෙදවෙයි. එක් එක් කණ්ඩායම් මේ වනවිට කොන්ත්‍රාත් අත්සන් කර ඇති සහ රඳවා ගන්නා ක්‍රීඩකයින්…. කොළඹ චාමික කරුණාරත්න, තිසර පෙරේරා, සදීර සමරවික්‍රම, නිපුන් ධනංජය, ශඩාබ් ඛාන්, ග්ලෙන් පිලිප්ස් දඹුල්ල ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, දුෂාන් හේමන්ත, ප්‍රවීන් ජයවික්‍රම, මුස්ටෆිසූර් රහමන්, ඉබ්‍රාහිම් සද්‍රාන් ගාල්ල භානුක රාජපක්ෂ, ලසිත් කෘෘස්පුල්ලේ, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, ටීම් සයිෆර්ට්, ඇලෙක්ස් හෙල්ස් යාපනය කුසල්…

Read More

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසයි. පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786කි. එමෙන්ම නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති බවත් පුද්ගලයින් 1,140දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් සඳහන් ය. ගතවූ පැය 24තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එය මිමි 141ක අගයකි. වැසි හමුවේ දිස්ත්‍රික්ක ගණනාවක පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාතර කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබුණි. මේ අතර කොළඹ කිරුලපන පූර්වාරාම මාර්ගයේ ගමන්කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එහි…

Read More

ශ්‍රී ලංකා රජය විසින් අද (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කරයි. ඒ අනුව හෙට දින සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

Read More

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත. නිවසත් තුළ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා තිබුණේ ටී-56 ගිනිඅවියකින් බව පොලීසිය පැවසීය.

Read More

හෝමාගම, හිරිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණියක් පොලීසිය පැමිණෙන අවස්ථාවේදී නිවසේ ඉහළ මහලින් පැන පළායාමට උත්සාහ කිරීමේදී තාප්පය මතට වැටී තිබේ. එහිදී තාප්පයේ තිබූ යකඩ කූරු ඇයගේ උදරයේ ඇනී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක, පහළ බෝපේ, කුරුන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි. හෝමාගම හිරිපිටිය බෝගහවිල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණාය. එම පැමිණිල්ලට අනුව හොමාගම පොලීසිය එම ස්ථානය වෙත ගොස් පරින්ෂා කිරීමේ 19 හැවිරිදි තරුණිය එලෙස ඉහළ මහලින් පැන…

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතිනු ඇති බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයින හරහා විටින්විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි…

Read More