Author: LFN
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (22) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි තුන්වන දිනටත් විභාගයට ගත්තේය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති…
අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසීය,. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමග එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත. එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කොකෙන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළ රේගුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී ඇය සතුව තිබී කොකේන් කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 851 ක් සොයාගෙන ඇත. මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200කට අධික බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. ඉතියොපියාවේ අඩිස් අබාබා සිට ඩෝහා – කටාර් හරහා මෙම කාන්තාව මෙරටට පැමිණ ඇති බව ඇති බවට වැඩිදුරටත් වාර්තාවෙයි. ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03 ක් සමග මෙම කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03 සඟවා රැගෙනවිත් තිබුණි. ඇය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන සහකාර ගණකාධිකාරීවරියක්…
අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එසේම නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි. මේ අතර දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ…
තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි. ඒ තරගය විනාඩි 3යි තත්ත්පර 04යි දශම 48කින් අවසන් කරමිනි. ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සමාජිකයින් වන්නේ කාලිංග කුමාරගේ, අරුන දර්ෂණ, පසිඳු ලක්ෂාන් සහ දිනුක දේශාන් ය.
පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි. ඊශ්‍රායලය පැවසුවේ ජෙනින් නගරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකළ බවයි. එම නගරයේ හමාස්, ෆාටා, සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක බව සඳහන් ය. ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරයා සහ ගුරුවරයා සේවාස්ථාන කරා යමින් සිටියදී ප්‍රහාරයට ලක්ව තිබුණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් අදාළ නෞකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනු කළ අභියාචනා පෙත්සමක් ඊයේ (21) සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. මෙම සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 31 වනදා විභාගයට ගැනීමට නියමිතව තිබේ. මෙම පෙත්සමේ සලකා බැලීම අවසන් වන තුරු අදාළ නඩුව මහාධිකරණය හමුවේ විභාග කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි. එම ඉල්ලීම පිළිගත් විනිසුරු…
මදුරන්කුලිය නවගම්මානය ප්‍රදේශයේ පදිංචි ගගන නෙතුසර නැමැති 12 හැවිරිදි දරුවෙකු මීට දින කිහිපයකට පෙර නිවැසියන් සමග අමනාප වී නිවසින් පිටව ගොස් මේ වනවිට අතුරුදන්වී ඇත. දරුවා පිළිබඳ තොරතුරක් වෙතොත් මදුරන්කුලිය පොලිස් ස්ථානයේ 032 2 268 221 අංකයට හෝ 071 8 592 927 අංකය ඔස්සේ මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කරයි.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. පෙත්සම්කරු පෙත්සමෙන් සඳහන් කරන්නේ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුනක් දැරීමට සුදුසුකමක් නොමැති බවට ඉකුත් 08 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බවය. ඒ අනුව ඉකුත් 09 වනදා ඇය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ ප්‍රකාශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට චෝදනා කරයි.
දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබේ. එබැවින්, හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි. එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.