Author: LFN

ගිනිඅවි බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කිරීමේ අරමුණින් තුවක්කු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇති බව සඳහන් ය. 1916 අංක 33 දරන තුවක්කු ආශා පනත හා 1996 අංක 22 දරන තුවක්කු සංශෝධන පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනිඅවි නිකුත් කිරීම සිදුකරනු ලබන අතර ඒ සඳහා වාර්ෂික බද්දක් අය කිරීම සිදු වෙයි. මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති ගිනිඅවි ප්‍රමාණය 34,318ක් වන අතර බලපත්‍ර ගාස්තු වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 45ක් පමණ මුදලක් මහා…

Read More

කොළඹ ජාතික රෝහලට පිළිස්සුම් තුවාල ලබා ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධය ලබා දී ඇති බව වාර්තා වේ. එන්නත ලබාදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇති බව සඳහන්ය. මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව වාර්තා වේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කොළඹ ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයාගේ මරණය පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය. ප්‍රතිජීවක ඖෂධය ලබාදීම…

Read More

කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබේ. ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මංතීරුව අවහිර වී ඇතැයි වාර්තාවේ. ගස කඩා වැටීමත් සමග මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබූ අතර, මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

Read More

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට අදාළ රතු නිවේදනය නිකුත් කර තිබේ. එම ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් හෙට (24) වන විට පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශය හරහා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉන්පසුව එය බෙංගාල බොක්ක ඊසාන දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වේ. ඒ වනවිට දිවයින වටා මුහුදු…

Read More

මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා මුදල් වෙන්කර අවසන් බවය.

Read More

බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා මෙරට බෞද්ධ ජනතාව දැඩි උනන්දුවකින් පසුවේ. වෙසක් පොහොය දිනයේ සිය අධ්‍යාත්මික දියුණුව වැඩි දියුණු කරගැනීම සඳහා ජනතාව කැපවිය යුතු බව සියම් මහනිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පුජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමි පැවසීය. මේ අතර වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා…

Read More

අදට (23) යෙදෙන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විශේෂ කොන්දේසි දෙකක් යටතේ මෙලෙස සිරකරුවන් හට රාජ්‍ය සමාව හිමිවනු ඇත. ඒ අනුව දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් සිරකරුවන් 278 දෙනෙකු අද දිනයේ නිදහස් කිරීමට සැලසුම් කර තිබේ. වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු සහ මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 37 දෙනෙකු මෙලෙස නිදහස් කෙරෙන සිරකරුවන් අතරට අයත් ය. එමෙන්ම නිදහස ලබන සිරකරුවන් අතර කාන්තා රැඳවියන් 10 දෙනෙකු ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි. බි. දිසානායක…

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රී ලංකාවේ විද්‍යුත් විකාශන ආයතනවල කටයුතු කෙරෙහි එකී පනත් කෙටුම්පතේ යෝජිත ඇතැම් සංශෝධනයන් මගින් සිදුවන අගතිදායක බලපෑම සහ එමඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඔවුන් තම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

Read More

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ඉහත විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බවය. ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ. කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද අවධාරණය කරයි.

Read More

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) අනාවරණ කළේය. ඒ අනුව GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමිවන අතර, අලුතින් එම සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක්…

Read More