Author: LFN

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනාට සම්බන්ධ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. මේ අතර ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් පුද්ගලයින් මෙරට තුළ සිටින බව අනාවරණ කරගැනීම සඳහා ආරක්ෂක අංශ මගින් විමර්ශන කටයුතු ක්‍රියාත්මකය. පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අදාළව ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ සැකකටයුතු පුද්ගලයෙකු සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව සැකකරුගේ රූපරාමු කිහිපයක් සහ ඡායාරූපයක් ද පොලීසිය ඊයේ (25) මාධ්‍යයට නිකුත් කළේය. 46 හැවිරිදි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් එම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අඩි 05යි අඟල්…

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහනගර සභාව පවසයි. වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ ඒවා බවට කොළඹ මහනගර සභාව සිදුකළ විමර්ශනයක දී තොරතුරු අනාවරණය විය. එම ගස්වලින් බොහෝ ප්‍රමාණයක් කද දිරායාම හේතුවෙන් කඩාවැටීමේ අවදානමට ලක්වී තිබු ඒවා බව කොළඹ මහනගර සභාව තවදුරටත් සඳහන් කළේය. එලෙස හඳුනාගත් ගස්වලින් ගස් 100කට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කිරීමට පියවර ගත් අතර අනෙකුත් ගස්වල අතු කප්පාදු කිරීමට පියවර ගනු ලැබීය. කෙසේවෙතත් නිරිත දිග මෝසම් තත්ත්වය සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ…

Read More

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කිහිපයක් ඉවත් කිරීමට ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිතය. ඒ, හේතුවෙන් මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහාතා රියදුරන්ගෙන් ඉල්ලා සිටී. රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද එම ස්ථානට ගොස් ස්ථානීය පරික්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුවය. පසුගිය 23 වනදා මෙම මාර්ගයට විශාල ගසක් කඩාවැටීමෙන් පසු එම ප්‍රදේශය පිළිබඳ පරීක්ෂණය සිදුකර තිබුණි. එහිදී නිරික්ෂණය වී තිබුණේ මාර්ගයට ඉහළින් දැඩි අවදානම් සහිත ගල් කුට්ටි කිපයක් හා විශාල ගස් කිහියක්ද අවදානම් තත්ත්වයේ ඇති බවය.

Read More

අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට හඳුනාගෙන තිබූ කටුගහහේන ඩන්කන් නමැත්තාට අයත් බවට සැක කෙරෙන ගිනිඅවියක් වළදමා තිබියදී සොයාගෙන ඇත. මතුගම ප්‍රදේශයේ සිටි කටුගහහේන ඩන්කන් නමැත්තාව 2020 වසරේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබුණි. ඔහු සතුව ගිනිඅවියක් තිබූ බවට දීර්ඝ කාලයක සිට සිදුකළ විමර්ශනවලට අනුව මෙම ගිනිඅවිය සොයාගෙන ඇත. ඒ, මැණික්ගොඩ ප්‍රදේශයේ බෝතලයක් තුළ දමා ඇළ ඉවුරක වළදමා තිබියදී ය. සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ 16වන ඒකකයේ පොලිස් කොස්තාපල් ප්‍රභාත් මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. මෙලෙස සොයාගෙන ඇත්තේ මිලිමීටර් 8 ස්වයංක්‍රීය ගිනිඅවියක් වන අතර එම ගිනිඅවියට යොදන මැගසීනයද හමුවී ඇත. අදාළ ගිනිඅවිය මනා ක්‍රියාකාරීත්වයේ පවතින ගිනිඅවියක් බවට පොලීසිය හඳුනාගෙන…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය. තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්.…

Read More

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350කට අධික වර්ෂාවක් ලැබී ඇති බවට වාර්තා වෙන බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී ඇදහැලෙන සුළු වර්ෂාවකදී පවා නායයෑමේ අනතුරක් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනතුරු අඟවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා මේ බව පැවසීය. “කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 350ට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් සිටින්න ඕනේ. ඉදිරියේදී ලැබෙන සුළු වර්ෂාවකින් වුවද කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් අනතුරක් සිදුවිය හැකියි.”

Read More

වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ‍‍යෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වනදා රාත්‍රී කාලයේ දී කටුකුරුන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ‍ෙනකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට ‍වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබුණි. ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් ති‍දෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (24) සවස පැලපිටියාගොඩ හා නුගේගොඩ ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ‍ගෙන තිබේ. සැකකරුවන් 24, 39, 41 යන වයස්වල පසුවන තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. වැඩිදුර විමර්ශන වලදී ‍මොවුන් සතුව තිබී ක්‍රියාකාරී නොමැති ටී 56 වර්ගයේ ගිනි අවියක්, හිස් පතරොම් ගැබ් 2ක්,…

Read More

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලට මුල්වූ ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී හමාස් සංවිධානය ඊශ්‍රායල හමුදා සෙබළියන් හත් දෙනෙකු ප්‍රාණඇපයට ගන්නා වීඩියෝවක් ඊශ්‍රායල මාධ්‍ය විකාශය කර තිබේ. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ, දකුණු ඊශ්‍රායලයේ හමුදා කඳවුරකදීය. මේ අතරින් අයෙක් නිදහස් කර ඇති අතර තවත් අයෙක් මියගොස් ඇති බව සඳහන් වේ. ඊශ්‍රායල ජනතාවගේ අපේක්ෂාව වන්නේ, ප්‍රාණඇපකරුවන් නිදහස් කරගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහුට එල්ලවන පීඩනය මෙම වීඩියෝව මඟින් තීව්‍ර වනු ඇති බවය.

Read More

2023-2024 වර්ෂය සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් විමත් සමඟ ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කිරීම ඊයේ (24) සිදුකෙරිණි. ඉන් එක් පෙරහරක් ශ්‍රී පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් තවත් පෙරහරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ත් වැඩම කළ අතර, තවත් පෙරහරක් ශ්‍රී පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසයි. නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට…

Read More

අයහපත් කාලගුණයත් සමග ඇතිවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය මේ සඳහා අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය. ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේය. “ගස් කඩා වැටීම නිසා සිදුවු මරණ සංඛ්‍යාව 6යි. තුවාල ලැබු සංඛ්‍යාව 11යි. අපිට නිරීක්ෂණය වෙනවා ගස් කඩා වැටීම්වල වැඩිවීමක්. දැනට අපේ රටේ ගස් සිටුවීම ගැන කිසිදු ප්‍රතිපත්තියක් නෑ. ඒ ගැන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යෝග්‍යයයි කියලා අපට අවබෝධ…

Read More