Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්
    Featured

    ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්

    By LFNMay 25, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණයත් සමග ඇතිවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය මේ සඳහා අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

    ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේය.

    “ගස් කඩා වැටීම නිසා සිදුවු මරණ සංඛ්‍යාව 6යි. තුවාල ලැබු සංඛ්‍යාව 11යි. අපිට නිරීක්ෂණය වෙනවා ගස් කඩා වැටීම්වල වැඩිවීමක්. දැනට අපේ රටේ ගස් සිටුවීම ගැන කිසිදු ප්‍රතිපත්තියක් නෑ. ඒ ගැන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යෝග්‍යයයි කියලා අපට අවබෝධ වෙලා තියෙනවා. සිංගප්පූරු මෝඩලය අපි අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි කාලයේ දී මාර්ගය දෙපස සිටුවීමට සුදුසු ගස් ගැන ජනතාව දැනුවත් කර ප්‍රතිපත්තියක් සැකසීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට භාරදීලා තියෙනවා. අපි විශේෂ කමිටුවක් ජාතික ප්‍රතිප්තිය සැකසීමට බලාරොත්තු වෙනවා.

    අපිට නිරීක්ෂණය වෙනවා ගස් කඩාගෙන වැටීම්වල වර්ධනයක්. පෙරේදා දිනයේ පාසලක ගසක් කඩා වැටීම නිසා දරුවන් 4 දෙනෙක් සුළු තුවාල ලැබුවා. ඒ නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ අවධානය ප්‍රමුඛව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මාර්ග දෙපස ගස් කඩා වැටීම් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අධිකාරිය ඒ වගේම පළාත් පාලන ආයතනවල සහාය අපි මේ වෙලාවේ බලාරොත්තු වෙනවා මේ තත්ත්වය පාලනයට හා අවම කිරීම සඳහා.”

    එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

    “කෙටි කාලීන හා දීර්ඝ කාලින සැලසුමක් සකස් කරලා තියෙනවා. මේ තාක්කල් මේ තත්ත්වය ගැන අවධානය යොමු වුණ බවක් අපිට පේන්නේ නෑ. ගස් සම්බන්ධයෙන් අවධානමක් නිකුත් කරන්න අපේ රටේ ආයතනයක් ක්‍රියාවලිය තුළ නෑ. අපි දැන් ඒ වගකීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් ඉන්නේ…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.