Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්
    Featured

    ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්

    By LFNMay 25, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණයත් සමග ඇතිවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය මේ සඳහා අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

    ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව කියා සිටියේය.

    “ගස් කඩා වැටීම නිසා සිදුවු මරණ සංඛ්‍යාව 6යි. තුවාල ලැබු සංඛ්‍යාව 11යි. අපිට නිරීක්ෂණය වෙනවා ගස් කඩා වැටීම්වල වැඩිවීමක්. දැනට අපේ රටේ ගස් සිටුවීම ගැන කිසිදු ප්‍රතිපත්තියක් නෑ. ඒ ගැන ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යෝග්‍යයයි කියලා අපට අවබෝධ වෙලා තියෙනවා. සිංගප්පූරු මෝඩලය අපි අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි කාලයේ දී මාර්ගය දෙපස සිටුවීමට සුදුසු ගස් ගැන ජනතාව දැනුවත් කර ප්‍රතිපත්තියක් සැකසීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට භාරදීලා තියෙනවා. අපි විශේෂ කමිටුවක් ජාතික ප්‍රතිප්තිය සැකසීමට බලාරොත්තු වෙනවා.

    අපිට නිරීක්ෂණය වෙනවා ගස් කඩාගෙන වැටීම්වල වර්ධනයක්. පෙරේදා දිනයේ පාසලක ගසක් කඩා වැටීම නිසා දරුවන් 4 දෙනෙක් සුළු තුවාල ලැබුවා. ඒ නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ අවධානය ප්‍රමුඛව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මාර්ග දෙපස ගස් කඩා වැටීම් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අධිකාරිය ඒ වගේම පළාත් පාලන ආයතනවල සහාය අපි මේ වෙලාවේ බලාරොත්තු වෙනවා මේ තත්ත්වය පාලනයට හා අවම කිරීම සඳහා.”

    එහිදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,

    “කෙටි කාලීන හා දීර්ඝ කාලින සැලසුමක් සකස් කරලා තියෙනවා. මේ තාක්කල් මේ තත්ත්වය ගැන අවධානය යොමු වුණ බවක් අපිට පේන්නේ නෑ. ගස් සම්බන්ධයෙන් අවධානමක් නිකුත් කරන්න අපේ රටේ ආයතනයක් ක්‍රියාවලිය තුළ නෑ. අපි දැන් ඒ වගකීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් ඉන්නේ…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.