Author: LFN

පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වනඅලි හත්දෙනෙකුගේ සිරුරු හමුවී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ත් 10ත් අතර වයසේ පසුවන අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන වන අලින් දෙදෙනෙක් බවට සැලකේ. වනජීවි නිලධාරීන් පවසන්නේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී සැඩපහරට හසුවී ගසාගෙන ගොස් මඩෙහි එරී මියයන්නට ඇති බවය.

Read More

ප්‍රසූතියේ දී මියගිය බව කියන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරයි. ඔවුන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවය. මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය. මදුෂානි එම රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පෞද්ගලික වෛද්‍ය සායනයකට එක්ව ඇති අතර, දරු ප්‍රසූතිය සඳහා අදාළ රෝහල තෝරාගෙන ඇත්තේද ඒ අනුවයි. බිලිඳා කුස තුළ නිරෝගී තත්ත්වයෙන් පසුවන බවට පෞද්ගලික සායනයේ දී…

Read More

ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රි ලාංකිකයෙකු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. උමේෂ් බාලා රවින්ද්‍රන් නැමැති 45 හැවිරිදි අදාළ පුද්ගලයා ඉන්දියාවේ මධ්‍යම අපරාධ කාර්යාංශය මගින්න් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 2010 වසරේ ඉන්දියාවට ගොස් ඇති මෙම ශ්‍රි ලාංකිකයා රජයේ ලියකියවිලි නීති විරෝධි ලෙස සකස් කිරිමේ ජාවාරම සම්බන්ධයෙන් 2014 වසරේ දීද අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණි. 2016 වසරේ නීතිවිරෝධී ලෙස යළි ඉන්දියාවට සංක්‍රමණය වී ඇති මොහු කර්නාටක ප්‍රාන්තයේ නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් එම ජාවාරම සිදුකර ඇති බව එරට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු සතුව…

Read More

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු තත්ත්වය දක්වා ගංගාවල ජල මට්ටම ඉහළගොස් ඇති බවය. අද දිනය තුළදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවුවහොත් එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද ඒ මහතා පවසයි. මේ අතර නිරිතදිග මෝසමේ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් එල්ල වෙමින් තිබේ. ‍ අයහපත් කාලගුණික…

Read More

වන්දනා ගමනක් යමින් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ. ගල්ගමුව, මීඔය ආසන්නයේදී අද (26) අලුයම එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. පාදෙණිය දෙස සිට අනුරාධපුර දෙසට ගමන්කළ වෑන්රථය රියදුරු ට නින්දයාම හේතුවෙන් මීඔය පාලමේ දූපතේ ගැටී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටී එම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ 15 දෙනෙකු පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වෙයි. වෑන් රථයේ ගමන්ගත් එක අයෙකු අනතුර සිදුවූ අවස්ථාවේදීම මියගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් 13 දෙනෙකු ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ…

Read More

නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත කටුගස්තොට නගරයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 හා 51 අතර වයස්වල පසුවන හෙයියන්තුඩුව, ගාල්ල, හිනිදුම සහ ඇතුල්කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරිය හබරකඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි. මෙම සැකකරුවන් ව්‍යාජ මැණික්ගල් තැරැවුකරුවන් මාර්ගයෙන් ගැණුම්කරුවෙකු සම්බන්ධකර විකිණීම සඳහා ගාල්ල, නෙළුව ප්‍රදේශයේ සිට කටුගස්තොට ප්‍රදේශයට පැමිණ ඇත. තරැවුකරුවන් විසින් මෙම මැණික්ගල් ව්‍යාජ මැණික්ගල් බවට අනාවරණය කරගෙන ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.…

Read More

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවේ. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි. උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු,…

Read More

මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහර අවසානයේ ඇතෙකු කුලප්පුවී තිබේ. එලෙස කුලප්පූ වූ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. එම ඇතා මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් රාජා නම් ඇතා බව වාර්තාවේ. පෙරහර අවසානයේ ඊයේ රාත්‍රීයේ 8.00 පමණ එම සිදුවීම වාර්තා විය.

Read More

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබේ. එම ගින්නෙන් පුද්ගලයින් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. එලෙස මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු පමණ සිටින බව වාර්තා වේ. සිදුවීම සැලවීමත් සමඟ සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීමටත් කටයුතු කරමින් සිටී. මෙම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

Read More

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනාට සම්බන්ධ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. මේ අතර ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් පුද්ගලයින් මෙරට තුළ සිටින බව අනාවරණ කරගැනීම සඳහා ආරක්ෂක අංශ මගින් විමර්ශන කටයුතු ක්‍රියාත්මකය. පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදීන් සිව්දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අදාළව ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ සැකකටයුතු පුද්ගලයෙකු සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව සැකකරුගේ රූපරාමු කිහිපයක් සහ ඡායාරූපයක් ද පොලීසිය ඊයේ (25) මාධ්‍යයට නිකුත් කළේය. 46 හැවිරිදි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් එම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අඩි 05යි අඟල්…

Read More