Author: LFN

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් අට දෙදෙනෙකු අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත අයෙකු සහ පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු බවට පැවසෙන අයෙකු ද සිටින බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු, අයිස්, ගංජා, ඩිජිටල් තරාදියක් සහ මුදලින් රුපියල් දස දහසක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාවේ නිරත පුද්ගලයා සහ පෞද්ගලික බැංකු කළමනාකරු 29 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්නකිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාදී තිබේ. හෙරොයින් මත්කුඩු අලෙවි කරමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී මෙම පිරිස අත්අඩංගුවට…

Read More

අනතුරු ඇඟවීම් නොතකා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනට බලපෑ නිරිත දිග මෝසම් වැසි තත්ත්වය හමුවේ ධීවරයින් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදී එම ධීවරයින් මුහුදු ගොස් ඇති බවය. මේ අතර පවතින අධික සුළං හමුවේ මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24දීත් බස්නාහිර සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැඩි ඇතිවිය හැකි බවය. ගතවූ පැය 24 වැඩිම වර්ෂාවක් ලැබී තිබුණේ රත්නපුර කරගල ප්‍රදේශයට වන අතර එම අගය මිලිමීටර් 143.3කි. මේ අතර…

Read More

මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය බව කියන බිලිඳාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ නියෝග කළේය. ඒ සිය බිලිදා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් එම මව්පියන් ඉල්ලා සිටි අවස්ථාවේ රෝහල් අධ්‍යක්ෂවරයා ඊට විරුද්ධවූ බව කියන පසුබිමකය. මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රෝහල වෙත පැමිණ, රෝහල් බලධාරීන් මව්පියන්ට පෙන්වූ බව කියන බිළිඳු මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ. එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ද සිදුකරන ලෙසටය. ‍ මාතර වැලිගම පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වුණේ…

Read More

තුර්කියේ අධිවේගී මාර්ගයක සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දකුණු දිග තුර්කියේ මර්සින් ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුව ඇත. අයපත් කාලගුණික තත්ත්වයත් සමග බස් රථයක් ප්‍රතිවිරුද්ධ මංතීරුවට ලිස්සා ගොස් කාර් රථ දෙකක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. අනතුරුව ලොරි රථයක් එම රථ තුනෙහිම වැදී මෙම අනතුර සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. අනතුරින් තවත් පුද්ගලයින් 39කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි මහතා පැවසුවේ තේ වතු හිමියන්ගෙන් කරුණු විමසීමකින් තොරව අදාළ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවය. ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රොෂාන් රාජදොරෙයි මහතා එම අදහස් පළකළේය. “රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තව දුරටත් දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි. එවැනි අසාධාරණ වැටුප් වැඩි කිරීමක්…

Read More

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඇති හඳුනාගත් අධික අවදානම් සහිත ගස් ඉදිරියේදී කපා ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එලෙස අධි අවදානම් ගස් ඉවත් කිරීමේ වැඩසටහන සඳහා හමුදාව සහ සිවිල් ආරක්ෂ බළකාය යෙදවීමට බලාපොරොත්තු වන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එම ගස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය කොළඹ මහනගර සභාවේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කරන බවත් එසේ ඉවත්කරන ගස් සඳහා අලුත් ගස් සිටුවීමට තීන්දු කළ බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර අයහපත් කාලගුණික…

Read More

මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සඳහා යුද හමුදාව සහන සේවා රැසක් සමග මාලු පාන් හා කොත්තමල්ලි දන්සැලක් පවත්වනවා. මාසයක් පුරා පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට බැතිමතුන් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සහභාගී වෙතැයි අපේක්ෂා කරනවා. ඒ අනූව වන්නි ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාරගේ අදහසක් අනුවයි මෙම විශේෂ දන්සැල හා සහන සේවා පවත්වනු ලබන්නේ. දැන්සැලට අමතරව බැතිමතුන් සදහා වෛද්‍ය කඳවුරක් පවත්වනවා. ඒ සමග කූඩාරම් ලබාදීම ඇතුලු තවත් සහන සේවා රැසක් කෝවිලේ බාරකාර මණ්ඩලය හා එක්ව සිදුකරන බව යුද හමුදාව පවසනවා. 59 වෙනි පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජේසූරිය 591 බලසේනාධිපති බ්‍රිගේඩියර් උබේසේකර නිලධාරීන්ගේ අධීක්ෂණය මතයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

Read More

කුලියාපිටිය තරුණයා ව ඝාතනයට අදාළව වරින්වර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින සැකකරුවන් 10දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (27) නියම කළේය. කුලියාපිටිය කැලෑබද ප්‍රදේශයකදී තරුණයෙකු ඝාතනය සම්බන්ධව කුලියාපිටිය පොලීසිය ගොනුකර තිබූ නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කළේය. නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය සිය පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළේය. මෙම ඝාතනයේ එක් සැකකරුවෙක් වන සිඟිතිගේ මස්සිනා ඇතුළු කිහිප දෙනෙකුට සැඟව සිටීමට උපකාර කළැයි කියන 10වන සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ චන්දන යාපා කියා සිටියේ පොලීසිය කරුණු කියා ඇති ආකාරයට තම සේවාදායකයා ඝාතනයෙන් පසුව සැකකරුවන්ට උපකාර කර ඇති බවය. එසේ තිබියදී…

Read More

කළුතර අපරාධ කොට්ඨාශය විසින් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳව මේ වනවිට තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ. වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “වලපල හාමු” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු බවය. එම සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි තරංගගේ” ප්‍රධාන ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. පානදුර වලපල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති තිලංග සංජීව මහතාට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබුණි. එහිදී පානදුර වලපල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසළ රැඳී සිටි සැකකාර “වලපල හාමු” නමැති 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයාව හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන…

Read More