Author: LFN
රුසියානු යුක්‍රේන යුද ගැටුම් සඳහා මැදිව සිටින මෙරට විශ්‍රාමික යුද හමුදා සෙබළුන් කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් අද පෙරවරුවේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවුණි. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි වලේබොඩ සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද සහභාගී වී සිටියේය. විරෝධතාවයේ නිරත පිරිස රුසියානු තානාපති කාර්යාලයට සංදේශයක් භාරදුන් අතර එහිදී ඔවුන්ගෙන් සිව්දෙනෙකුට රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවුණි. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan, “මට පැහැදිළියි ඇයි මේ ජනතාව රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් ඉන්න කාරණය මොකක්ද කියලා. මට කණගාටුයි මේ වනවිට සිදුවෙමින් පවතින දේ ගැන. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙස…
වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊ (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති බවය. “සමහර වාහනවලට දැනටමත් ඉඩදීලා තිබෙනවා. වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කරන එක වැදගත් තීරණයක්. විදේශ විනිමය කළමනාකරණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා.”
අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී. එම ප්‍රදේශවල මාර්ග සහ අතුරු මාර්ගවල ගමන් කිරීමේදී ආරක්ෂාකාරී වන ලෙස ද දැනුම්දෙයි. මේ අතර කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ එම පක්ෂයේ සාමාජිකයෙක් වශයෙන් පෙනී සිටීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය. ලසන්ත අලගියවන්න මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු එළඹෙන පොසොන් පොහොයට පෙර නිම කිරීමට හැකියාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු අගෝස්තු මාසය වනවිට නිමකළ හැකි බවය. මේ අතර පොසොන් පොහොය නිමිති කරගෙන විශේෂ බස් රථ සේවාවක් අරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම බස් රථ සේවා පොසොන් පොහොය යෙදී ඇති දිනට පෙර දිනත්, පොසොන් පොහොය දිනත් ක්‍රියාත්මක කරන බව ඔහු පවසා සිටියේය. මෙම විශේෂ බස් රථ සේවාව සඳහා ලංකා…
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ දෙක වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා, “දැන් මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න තියෙනවා, රටේ ආර්ථිකය හදන්න තියෙනවා, IMF සහ ජාත්‍යන්තර සංවිධාන සමග අපේ එකඟතාවයන් තියෙනවා. මේ එකඟතාවයන් අපි කඩකරගත්තොත් නැවතත් අපි යන්නේ අර 2022 තිබුණ තැනට. ඉතින් අපි දැන දැන එතැනට ගිහිල්ලා විනාශ වෙනවා ද ? එහෙම නැත්නම් පොදු එකඟතාවයකට ඇවිල්ලා අවුරුදු දෙකකට මේ දෙකම දික් කරනවා ද ? ජනාධිපතිතුමාට ඉන්න පෙරේතකමට නෙමෙයි. අපියි මේ කියන්නේ .…
පසුගිය 08 වනදා අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුව පසුගිය දා වැලිඔය පොලිස් වසමේ වෙෙහරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේදී වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වෙහෙරතැන්න බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. සැකකරු මෙම වෙඩිතැබීමේ සිද්ධියේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවට පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කළු ගඟ සහ අතු ගංගාවල ජලමට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ (27) දිනය පුරා ඇදහැලුණු වර්ෂාවත් සමග එම ප්‍රදේශවල ජනතාවට කල්පනාකාරී වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසීය. රත්නපුර ජල මාපකයේ ජලමට්ටම මීටර් 6.5 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, මේ තත්ත්වය හේතුවෙන් රත්නපුරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඉදිරි කාලයේ ගංවතුර අවදානමක් ඇති විය හැකි බව සඳහන් කළේය. ඒ අනුව රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කිරිඇල්ල සහ ඇළපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස ජනතාවට අද සහ හෙට දැඩි අවධානය යොමු කරන…
තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (28) උදෑසන 10.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70ත් දක්වා වැඩි වන අතර එම ප්‍රදේශයේ මුහුද ඉතා රළු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3 දක්වා ඉහළ යා හැකිය. මේ හේතුවෙන්…
නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අයිතිවාසිකම් ඉවත් කිරීම මඟින් කම්කරු අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන යෝජිත නව ප්‍රතිසංස්කරණ පිළිබදව අදාළ සංවිධානය සිය කනස්සල්ල පළකර තිබේ. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල ඉල්ලීම් සැලකිල්ලට නොගතහොත් ඉදිරියේ දී දැඩි විරෝධතා ඇතිවිය හැකි බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බව වාර්තා වේ.