Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
    Featured

    රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

    By LFNMay 28, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළු ගඟ සහ අතු ගංගාවල ජලමට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඊයේ (27) දිනය පුරා ඇදහැලුණු වර්ෂාවත් සමග එම ප්‍රදේශවල ජනතාවට කල්පනාකාරී වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පැවසීය.

    රත්නපුර ජල මාපකයේ ජලමට්ටම මීටර් 6.5 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, මේ තත්ත්වය හේතුවෙන් රත්නපුරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඉදිරි කාලයේ ගංවතුර අවදානමක් ඇති විය හැකි බව සඳහන් කළේය.

    ඒ අනුව රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කිරිඇල්ල සහ ඇළපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස ජනතාවට අද සහ හෙට දැඩි අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එමෙන්ම අද දහවල් කාලයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් මෙම තත්ත්වය දරුණු විය හැකි බව ද සුගීෂ්වර මහතා පැවසීය.

    මේ අතර ගිං ගඟ සහ නිල්වලා ගඟෙහි ජලමට්ටම ද අවධානය යොමුකළ යුතු මට්ටමට ළඟා වී ඇති බව පැවසූ ඒ මහතා, එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් මෙතෙක් ඇති විය නොහැකි වුවත් අද රාත්‍රීයේ හෝ දහවල් කාලයේ දී දැඩි වර්ෂාවක් ඇති වුවහොත් එම ගංගාත් පහසුවෙන් ගංවතුර තත්ත්වයක් දක්වා පත්වෙනු ඇතැයි ද කියා සිටියේය.

    මීට අමතරව අත්තනගලු ද්‍රෝණිය සහ කැලණි ගඟත් ඉහළ ජලමට්ටම්වල සිටින බැවින් ජනතාවට ඒ පිළිබඳවත් සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.