Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති දුන් පොරොන්දුව
    Featured

    ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති දුන් පොරොන්දුව

    By LFNMay 29, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියානු යුක්‍රේන යුද ගැටුම් සඳහා මැදිව සිටින මෙරට විශ්‍රාමික යුද හමුදා සෙබළුන් කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් අද පෙරවරුවේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවුණි.

    මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි වලේබොඩ සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද සහභාගී වී සිටියේය.

    විරෝධතාවයේ නිරත පිරිස රුසියානු තානාපති කාර්යාලයට සංදේශයක් භාරදුන් අතර එහිදී ඔවුන්ගෙන් සිව්දෙනෙකුට රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවුණි.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan,

    “මට පැහැදිළියි ඇයි මේ ජනතාව රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් ඉන්න කාරණය මොකක්ද කියලා. මට කණගාටුයි මේ වනවිට සිදුවෙමින් පවතින දේ ගැන. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙස මම පොරොන්දු වෙනවා මම මගේ උපරිමයෙන්ම කටයුතු කරනවා මේ ප්‍රශ්නය හැකි ඉක්මනින්ම සමථයකට පත්කර ශ්‍රී ලාංකික අපේ මිතුරන් යළි ගෙන්වා ගැනීමට. මම මගේ උපරිමයෙන්ම එය සිදුකරනවා.”

    මේ අතර රුසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 140කට අධික පිරිසකගෙන් මුදල් වංචා කළ පුද්ගලයින් තිදෙනෙක් මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එසේම රුසියාවේ යුද ගැටුම් සඳහා මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු කමිටුව ජුනි 05 වැනිදා එරටට ගොස් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මාධ්‍යට සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.