Author: LFN

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර තිබේ. ඒ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මෙලෙස මුදාහැර ඇත. ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව ඒ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

Read More

ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක්වෙමිනි. මේ අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේවනවිටත් වෙන්කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එංගලන්ත පාර්ලිමේන්තුව තුළ යම් නීතියක් සම්මත වූ පසු ඒ පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයේ පදනම එයයි. උත්තරීතර වන්නේ පාර්ලිමේන්තුවයි. ඇමරිකානු ක්‍රමවේදය මීට වෙනස්. ඇමරිකානු ක්‍රමවේදය මගින්, ඔවුන් යම් නීතියක් කෙටුම්පත් කරන විට, විධායක බලතල ජනාධිපතිටත්, ව්‍යවස්ථාදායක බලතල කොන්ග්‍රසයටත් සහ අධිකරණ බලතල අධිකරණයටත් ලබා දුන්නා.…

Read More

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. අද (29) අලුයම් කාලයේදී කිසියම් පුද්ගලයෙකු විසින් එම ඝාතනය සිදුකර ඇත. මරණකාරිය යම්කිසි අවශ්‍යතාවයක් සඳහා අලුයම් කාලයේදී නිවසෙහි ඉදිරිපස කාමරයකට ගිය අවස්ථාවේදී මෙලෙස කිසිවෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇත. තියුණු ආයුධ පහරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි එක්දරු මවකි. ඝාතනයට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි. මේ අතර, ගලිකිරියාගම…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහිදී අදාළ වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. හිටපු ජනාධිපතිනිය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවය. ඒ අනුව සිරිසේන මහතා අදාළ…

Read More

20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමු වේ. අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 181ක් රැස්කර ගත්තේය. ඩිල්ෂාන් මධුෂංක ලකුණු 39ට කඩුලු දෙකක් දවාගත්තේය. ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදීද නෙදර්ලන්තය සමඟ තරගයක් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ පන්දු යවා තිබුණේ නැහැ. ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක්…

Read More

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මනූෂ නානායක්කාර අමාත්‍යවරයා පවසයි. ඔහු පැවසුවේ “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බවය. www.garusaru.lk යන වෙබ් අඩවිය යටතේ මේ වනවිට විෂය කේෂ්ත්‍ර ගණනාවකට ලියාපදිංචි වීමට අවස්ථාව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. “විශේෂයෙන්ම වෘත්තීය සමිති හදන්න බැරි මාධ්‍යවේදීන්ට, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, පින්තාරුකරුවන්ට, ත්‍රීරෝද රථ රියදුරෝ, බස් රියදුරෝ සියලුදෙනාට මේක හරහා ලියාපදිංචි වෙලා ශක්තිමත් වෙලා තමන්ගේ ගරුත්වය හදාගන්න පුළුවන් වැඩසටහන අපි හදනවා. මම අනුමැතිය…

Read More

යුක්‍රේන – රුසියා යුද්ධය ට එක්වී අසරණ වී ඇති ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සඳහා රජය උපරිම වශයෙන් මැදිහත් වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. සමහර පුද්ගලයින් මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීමට උත්සාහ ගනිමින් පවතින බවත් ඉන් කිහිපදෙනෙක් මේ වනවිට විනෝද චාරිකාවකට එක්වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එය නොකළ යුතු දෙයක් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. රුසියාවට හෝ යුක්‍රේනයට ගිය පුද්ගලයින්ගේ තොරතුරු ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් දුරකථන අංකයක් හඳුන්වාදුන් බවත් ඒ ඔස්සේ මේ වනවිට පැමිණිලි 451ක් ලැබී ඇති බවත් ඔහු කීය. එසේම පොලීසිය විසින් 301 දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා හෙළිකළේය.

Read More

මැතිවරණ කල්දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයකට යහපත් නොවන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බවය. ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කර තිබේ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් පෙරේරා නොහොත් කුඩු සනා නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල්වලින් මිලදීගත් අධි සුඛෝපභෝගී නිවාස දෙකක් සහ මෝටර් රථ තුනක් පොලිසිය විසින් ඊයේ තහනම් කර තිබේ. එම දේපොළවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බව පොලීසිය පවසයි. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නමැත්තා සහ ඔහුගේ සහෝදරයා පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය. අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සැකකරුගේ දේපොළ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට දැනුම්දී තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නීති…

Read More