Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාවාරම්කරුවෙකුගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි
    Featured

    ජාවාරම්කරුවෙකුගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි

    By LFNMay 29, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් පෙරේරා නොහොත් කුඩු සනා නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල්වලින් මිලදීගත් අධි සුඛෝපභෝගී නිවාස දෙකක් සහ මෝටර් රථ තුනක් පොලිසිය විසින් ඊයේ තහනම් කර තිබේ.

    එම දේපොළවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බව පොලීසිය පවසයි.

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන දිනේෂ් පෙරේරා නොහොත් “කුඩු සනා” නමැත්තා සහ ඔහුගේ සහෝදරයා පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

    අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සැකකරුගේ දේපොළ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට දැනුම්දී තිබුණි.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කළේය.

    අනතුරුව එහි විමර්ශන පැවරුණේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙතටය.

    එහි ප්‍රථිඵලයක් ලෙස අද දිනයේදී “කුඩු සනා” නමැත්තාට අයත් ගෝනපල ප්‍රදේශයේ පිහිටි කෝටි 2කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවස මෙලෙස පවරාගනු ලැබීය.

    එය ඔහුගේ බිරියගේ නමින් මිලදීගෙන ඇති අතර එය මිලදීගැනීමට මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත්වී තිබේ.

    අනතුරුව විමර්ශන නිලධාරීන් සැකකරුගේ මවගේ නමින් මිලදීගෙන තිබූ මොරන්තුඩුව ප්‍රදේශයේ නිවසක්ද පවරාගෙන තිබුණි.

    එම සුඛෝපභෝගී නිවස නාන තටායකින්ද සමන්විතය.

    එහි වටිනාකම පමණක් රුපියල් කෝටි 5කට අධික බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

    මේ අතර රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඇතුළු මෝටර් රථ තුනක් ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.