Author: LFN
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝතා මතු කර තිබුණි. එම මූලික විරෝධතා පිළිගෙන අදාළ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිය විසින් මතු කළ ආකාරයට මෙම විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ මාර්තු මස 26 වනදා…
වාහන ආනයනය සඳහා ඉඩ ලබාදෙන බවට රජය නිතර පවසන දේ සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා මේ බව පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ කෙසේවෙතත් වාහන ආනයනයට ඉඩ ලබාදුන් පසු මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ද ඇති බවය. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා, “අවුරුදු 4 පුරා අපි බලන් ඉන්නවා වාහන ආනයනය සම්බන්ධව. ළඟදීම ගේන්න දෙනවා කියලා කියනවා. නමුත් දිනයක් කාලයක් කියන්නේ නෑ. ක්‍රමානුකූලව ලිහිල් කරන්න පුළුවන් කියලා මහ බැංකු අධිපති කිව්වා.ලංකාවේ වාහන එකලස් කිරීම කරනවා. නමුත් තවමත් අපනයනයක් කරලා නැහැ. අපි වාහන ආනයනය කළාම 200% ක් පමණ රජය බදු…
පාතාල ක්‍රියාකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා මිදිගම රුවන් නමැත්තා අද අලුයම මේ රටට රැගෙන එනු ලැබීය. ඩුබායි රටේදී එරට පොලිසිය විසින් මීට මාස දෙකකට පෙරදී අත්අඩංගුවට ගැනුණු මිදිගම රුවන් නමැත්තා මේ රටට රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් එරටට ගොස් තිබිණි. ඩුබායි රටේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමකට සම්බන්ධය යැයි කියමින් මොහු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ මිදිගම රුවන් නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා විශේෂ රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස්…
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අද (31) දිනයේත් අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. ඒ අනුව අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට වැසි ඇතිවෙයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට…
මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට චෝදනා කරමින් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ විවිධ වර්ගයේ පක්ෂීන් හා පක්ෂීන්ගේ බිත්තර එම පක්ෂීන් ආනයනය කළ හිමිකරුට මුදාහරිණ ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත. මෙම පක්ෂීන් විදේශයක සිට ආනයනය කළ අයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සළකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පක්ෂීන් නීතිවිරෝධී ලෙස ආනයනය කළ සතුන් නොවන බවත් සුරතල් සතුන් අලෙවි කරන ස්ථානයකින් මිලදීගෙන ඒවා මෙරටට රැගෙනවිත් ඇතිබවත් සඳහන් කළේය. මෙම පක්ෂීන් සත්ත්ව උද්‍යානයේ රඳවා තැබුවහොත් ඔවුන්ට අවශ්‍ය ආහාර මෙන්ම පහසුකම් නිසි පරිදි නොලැබීයාමෙන් ඔවුන්…
නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සන්තකයේ තිබී විදෙස් දුම්වැටි 7,000 ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 590,000කට ආසන්න බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබේ. සැකකාර සහකාර රේගු අධිකාරීවරයා දුම්වැටි තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලීසිය වෙත භාරදී තිබේ.
පාර්ලිමේන්තුව ලබන 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. පසුගියදා 28 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. එහිදී කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජුනි 4, ‘අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජුනි 5, ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජුනි 6, පැවැත්වීමට නියමිතය.
රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය (29) පැවති උත්සවයට එක් වෙමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බදුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන් “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අද අප රටක් ලෙස ඉදිරියට යන්නේ අසීරු තත්ත්වයක සිටයි. අපේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා. අද අපේ රටේ ජනතාව සිංහල අලුත් අවුරුද්ද, වෙසක්…
විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී සැකකාර දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ප්‍රබල දේශපාලන පක්ෂයක් නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. එහිදී ඔහු සන්තකයේ තිබී දුම්වැටි 6000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ. එහිදී උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇත්තේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිපත මගින් වඩාත් හොඳින් පුද්ගල දරිද්‍රතාවය හඳුනා ගත හැකි බවය. මේවනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත්බවක් නොමැති බව පෙන්වා දුන් කාරක සභාව ඒවා හැකි ඉක්මණින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද උපදස් ලබාදී ඇත. එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා ඇත්‌තේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී…