Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රජයේ වැටුප් ගැන ජනපති දුන් සහතිකය
    Hot News

    රජයේ වැටුප් ගැන ජනපති දුන් සහතිකය

    By LFNMay 31, 2024No Comments4 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය (29) පැවති උත්සවයට එක් වෙමිනි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බදුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන් “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    “අද අප රටක් ලෙස ඉදිරියට යන්නේ අසීරු තත්ත්වයක සිටයි. අපේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා. අද අපේ රටේ ජනතාව සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරු අන්දම දෙස බැලූ විට එක අතකින් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබෙන බව කියන්න පුළුවන්. නමුත් මම එයින් සෑහිමකට පත් වන්නේ නැහැ. වැටී සිටී අප දැන් නැගිට ඇවිදිමට පටන් ගත්තා පමණයි. අපට තව දුර යාමට තිබෙනවා. අප එය මතක තබා ගෙන කටයුතු කළයුතුයි. 2027 වන තෙක් ණය නොගෙව සිටීමට අප දැන් අවස්ථාව ලබාගෙන තිබෙනවා. පොළිය ගෙවීමට තිබෙනවා. නමුත් ණය ගෙවන්නේ නැහැ. ණය ගෙවීමේ කාලය 2042 දක්වා අප ඉල්ලා තිබෙනවා. අප ඒ පිළිබද සාකච්ඡා කර අවසාන එකඟතාවකට පැමිණීමට කටයුතු කරනවා. ණය බර නිසා රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දිය නොහැකියි. නමුත් අප ආනයන පදනම් කරගත් ආර්ථිකයක තවදුරටත් රැදී සිටියහොත් අපට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා. මේ විදියට විදේශ ණය ලබාගැනීම අඛණ්ඩව සිදු කළහොත් අප එම ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි.

    ඒ වගේම දේශීය ණය ලබා ගැනීමත් සීමා කිරීමට අප දැන් තීරණය කර තිබෙනවා. දේශීය ණය සීමා කළ විට සේවක අර්ථ සාධක අරමුදලින් ලබාගත හැකි මුදල් ද සීමා වෙනවා. ඊළගට මතු වන්නේ එම ආයතනවල රැස්වන මුදල් ආයෝජනය කරන්නේ කෙසේද, දේශීය වශයෙන් ආයෝජනය කරනවාද විදේශීය වශයෙන් ආයෝජනය කරනවාද කියන ප්‍රශ්නයයි. එම තීරණය ගතයුත්තේ කවුරුන් විසින්ද යන්න අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු විය යුතු කරුණක් බවට පත්ව තිබෙනවා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වැදගත්ම අංශ වන්නේ මූල්‍ය අංශයයි. බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් තමයි වෙළෙඳ ආර්ථිකය තීරණය කර තිබෙන්නේ. ඒ නිසා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන මේ සියල්ල ශක්තිමත් කර බැංකු ක්ෂේත්‍රය තුළ රජයේ අයිතිය තබා ගැනීමට රජය කටයුතු කරනවා. පාලනය කරන බැංකු කිහිපයකුත්, පුද්ගලික බැංකුවලත් කොටස් ලබාගෙන මූල්‍ය අංශයේ රජයේ ශක්තිය තබා ගැනීමට කටයුතු කළයුතුයි. එතැන් සිට තමයි අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ.

    රජයේ අනෙක් ආයතන සඳහා, එදිනෙදා කෙරෙන දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් සිදු නොවන අයුරින් නව නීති කිහිපයක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ රට දියුණු කිරීම පිළිබඳ අප අලුතින් සිතිය යුතුව තිබෙනවා. ආර්ථිකය දියුණු නොකළහොත් ලංකාවට අනාගතයක් නැහැ. මේ රටේ ජනතාව විදි දුක පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. 2019 වසරේ 15%ක්ව තිබූ මේ රටේ බහුමාන්‍ය දිළිදුකම අද 26%ක් දක්වා වැඩි වී තිබෙනවා. ආදායම් මාර්ගයක් නැති, අධ්‍යාපන පහසුකම් නැති කොටසක් සිටිනවා. 2032 වන විට එය 10%ක් දක්වා අඩු කර ගැනීමට ඒ අනුව අප දැන් එකඟ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවල ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. මෙම බහුමාන්‍ය දිළිදුභාවයට විසදුම් ලබාදීම වෙනුවෙන් තමයි අපි උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියත් එම පදිංචිකරුවන්ට ලබාදීමට අප කටයුතු කරනවා. වත්කමක් නැති ජනතාව වෙනුවෙන් එම වත්කම ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අප අලුතින් සිතිය යුතුයි.

    අපි දැන් ආර්ථික වශයෙන් දෙපයින් සිට ගත්තා විතරයි. අපිට දැන් ඇවිදින්න තිබෙනවා. කෙසේ හෝ මෙම වසරේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළා. ඒ හා සමගාමීව පුද්ගලික අංශයේද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වසරේ දී තවත් සහන ලබාදීමට ආර්ථික ශක්තියත් නොතිබුණද ලබන වසරේදී රාජ්‍ය සේවකයන්ට යම් සහනයක් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසදීමට කමිටුවක් පත් කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ අනුව කමිටුවට සුදුසු අය පත්කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය අසීරු ගමනක්. පසුගිය ආර්ථිකය අර්බුදයෙන් වැඩීම පීඩාවට ලක්වූයේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. අප සියලුදෙනා එකට මේ ගමන යා යුතුයි. විශේෂයෙන්ම අපි සේවක කේන්ද්‍රයක් ඇති කරමු. අලුත් වෘත්තීය සමිති, සේවක අයිතිවාසිකම් ලබා ගැනීම්, ක්‍රමවේද කුමක්ද කියා අවධානය යොමු කර ඒවා ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුවෙන් වසරකට යම්කිසි මුදලක් ලබාදීමට කටයුතු කරනවා මේ පිළිබඳ අප තවදුරටත් සාකච්ඡා කරමු.

    මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සහ දේශපාලය සහ වෘත්තීය සමිති ව්‍යාපාරය අතර තිබෙන සම්බන්ධතාවත්, අනාගතයේ ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳවත් සිතිය යතුයි. අද අපේ රට වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ සියලුදෙනාගේ අදහස් ඉදිරිපත් කර එකඟතාවකට පැමිණීමට සේවක කේන්ද්‍රයක් ඇති කිරීමටත්, ඒ සඳහා ආණ්ඩුවෙන් මුදලක් ලබාදීමටත් අප සූදානම් බව ප්‍රකාශ කරමින් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙම කාලය තුළ කළ සේවයට මාගේ ස්තූතිය පිරිනමනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.