Author: LFN

කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලුඔය මේ වන විටත් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළාය. මේ නිසා ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජාඇළ, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද දිනයේ ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මේ අතර කැලණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රදේශවල ජල මට්ටමට මේ වනවිට ක්‍රමයෙන් පහළ බසින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි. මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික…

Read More

පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිසිදු වීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදාමක් මතුව ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය සඳහන් කළේ, හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසය. “මේ දවස්වල ජල මුලාශ්‍ර අපවිත්‍ර වීම හේතුවෙන් පාචනය හා මී උණ වැනි බෝවන රෝග පැතිර යෑමේ අවධානමක් තියෙනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකම උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පානය කරන්න. පලතුරු, එළවළු සහ පළාවර්ග භාවිතයට පෙර ඉතා හොඳින් පිරිසිදු ගත යුතුයි. මේ දිනවල පමණක් හැකිතාක් දුරට අමු එළවළු හා පළා වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. හොඳින්…

Read More

මේ වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, පාසල් බොහොමයක මඳුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් බවය. “ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපි දැක්කා 2023 වර්ෂයේ අග භාගය වෙන විට රෝගීන් 90,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ හා සමානව ජනවාරි මාසයේත් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. 10,000 අධික ප්‍රමාණයක් මේ වනවිට රෝගීන් මේ මාස 05 තුළ 25,000කට අධික ප්‍රමාණය වාර්තා වෙලා තියෙනවා නමුත් ජනවාරි මාසයෙන් පස්සේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල ක්‍රමක් ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීමේ අඩුවක්…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබේ. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබඳව මෙමගින් මනාව තහවුරු වන බවය. එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවයන් ශක්තිමත් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බවද එමගින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Read More

හංවැල්ල පාලම යට සිරවී තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයාගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබේ. එහි මිල රුපියල් මිලියන 30 ක් පමණ වන බව වාර්තා වෙයි. එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟේ ජලයේ මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස්කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබනු ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයකි. ජලය සමඟ ගසාගෙන පැමිණි එය උණ පඳුරු සහ කැලිකසල තුළ පැටලී, ප්‍රධාන යන්ත්‍රයෙන් ගැලවී ගොස් ඇති බවත්, එම GPS යන්ත්‍රය සොයාගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් සහාය ලබාදෙන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි. එම ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව,…

Read More

කෑගල්ල ප්‍රදේශයේදී පස් කන්දකට යටවී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක කුඩා දරුවෙකි. එම දරුවාගේ නිවසේ පසුපස ආරක්‍ෂිත පැතිබැම්මක් ඉදිකිරීම සඳහා අද උදෑසන කාණුවක් කපා තිබී ඇත. කුඩා දරුවා එම කාණුව තුළ සිටි අවස්ථාවේ ඊට ඉහළින් පිහිටි පස් තට්ටුවක් කුඩා දරුවා මතට කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. අනතුරුව එහි පැමිණි පිරිස දරුවා මතට වැටී තිබූ පස් ඉවත්කර කඩිනමින් කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ගෙනගොස් තිබුණි. එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවා මියගොස් ඇති බවය. කෑගල්ල පොලීසිය එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අද (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කළාපයේ සියලුම පාසල් වසා තැබෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා මෙම තීරණය දැනුම්දී තිබේ. එසේම නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් ද අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත. එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. එසේම අද දිනයෙන් පසුව ඇතිවන කාලගුණ තාත්තය මත කළාප අධ්‍යක්ෂවරුන් දැනුවත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ලබන බවද සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටී.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 26ක් වාර්තා වී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41 ක් මේ වනවිට තුවාල ලබා ඇති බවය. එසේම දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල් 33,422ක පුද්ගලයින් 130,021ක් ආපදාවට ලක්ව ඇත. රජය විසින් එම ප්‍රදේශ ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථාන 116ක පවුල් 2,368කට අයත් පුද්ගලයින් 9,248ක් රඳවා ඇති බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More

20යි 20 ලොක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජ වීමට හේතුව නායක වනිඳු හසරංග පැහැදිලි කළේය. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වමින් වනිඳු මාධ්‍යයට පවසා සිටියේ, ලකුණු 160ට වැඩි ලකුණු සංඛ්‍යාවක් තම කණ්ඩායමේ ඉලක්කය වී තිබූ බවත් එය හඹා යෑම පරාජයට හේතු වූ බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ වනිඳු, “අපේ ස්ට්‍රෙන්ත් එක බෝලින්. අපිට ඕනේ වුණේ යම්කිසි ලකුණු ප්‍රමාණයක් බෝඩ් එකට දාලා අපි එයාලට ප්‍රෂර් එක දීලා, අපි දන්වා අපේ බෝලීන් අපි අන්තිම 20යි 20 තරග සියල්ලම ජයග්‍රහණය කළේ දෙවනියට බෝල් කරලා. ටීම් එකක් විදිහට අපි කතා වෙලා අපේ තියෙන ස්ට්‍රෙන් එකත් එක්ක ගත්තු තීරණයක්. අපි දැක්කා…

Read More