Author: LFN
කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. එහිදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 70කට අධිකාර ප්‍රමාණයක් සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 28කට ආසන්න බව නාවික හමුදාව පවසයි. ඩිංගි යාත්‍රාවකින් එම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නාවික හමුදාව සිය භාරයට ගෙන තිබූ කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
වෙනත් අයෙකුගේ වීසා බලපත්‍රයක් භාවිත කර කැනඩාවට පළායාම සඳහා පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සිය ගුවන් ගමන් නිශ්කාශන කටයුතු නිමාකර ආගමන විගමන කවුළුව වෙත පැමිණ සිය ගමන් බලපත්‍රය ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි. එහිදී අදාළ ගමන් බලපත්‍රයේ ඇති ජායාරූපය සහ ඔහුගේ ජායාරූපය එකිනෙකට වෙනස් බවක් පෙන්නුම් කිරීම හේතුවෙන් මෙම ගමන් බලපත්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා එහි තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය වෙත ඇතුළත් කර තිබේ. ඒ අනුව මෙම ගමන් බලපත්‍රය හිමි තැනැත්තාට එරෙහිව ත්‍රිකුණාමලය අධිකරණය විසින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවට ද කරුණු අනාවරණය…
අද දිනයේදීත් රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් වසාතැබීමට සබරගමුව පළාත් සභාව තීරණය කර තිබේ. ඒ අනුව රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර, කුරුවිට හා ඇහැළියගොඩ කොට්ඨාස වලට අයත් සියලු පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලු පාසල් වසා තැබෙනු ඇත. මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සියලු පාසල් අද දිනයේ යළි විවෘත කිරිමට තීරණය කර තිබේ. ගංවතුරෙන් හානියට පත්වූ පාසල් සහ අවතැන්වූවන්ගේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් පිළිබඳව තීරණය කිරිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පැවරූ බවද දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කුඩා දරුවෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාව ඇතුළු සියලු සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. එම සැකකරුවන් පදවිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ජුනි මස 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත. එසේම පහරකෑමට ලක්වූ කුඩා දරුවා එහිදී පරිවාස භාරයට පත්කර ඇත. දරුවාට පහරදීමේ සිදුවීමේ සැකකරුවන් ඊයේ (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි. ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේශ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ (05) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි. මෙහිදී පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය. එසේ තිබියදී පෙත්සම්කරු…
මධ්‍යම ගාසා කලාපය කේන්ද්‍ර කොටගෙන නව හමුදා ක්‍රියාන්විතයක් ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි. හමාස් සටන්කාමීන් ඉලක්කකර මෙම ක්‍රියාන්විතය ආරම්භ කළ බව ඊශ්‍රායල බලධාරීන් පවසයි. මේ අතර පලස්තීන වෛද්‍ය අංශ පැවසුවේ ගුවන් ප්‍රහාර හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි. මේ හේතුවෙන් සටන් විරාමයක් ඇතිකිරීම සඳහා විවිධ පාර්ශ්වයන් ගන්නා උත්සාහය ප්‍රතිඵල රහිත වෙතැයි විචාරකයෝ පවසති.
අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් දුෂ්කර ගමනක් මැද ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන උවමනාවලින් තොරව රට ගැන සිතූ පිරිසක් එක්කර ගනිමින් දෙවසරක් තුළ මෙරට ආර්ථිකය නැංවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය. “සමහරු මගෙන් අහනවා කොහොමද මේක කරන්නේ? සමෘද්ධිය වගේ තුන්ගුණයක් දෙනවා. බංකොලොත් ආණ්ඩුවක් මේ දේවල් කරන්නේ කොහොමද? රජයේ සේවකයින්ට රු.10,000ක දීමනාවක් දුන්නා. ලංකා ඉතිහාසයටම අවස්ථා දෙකකදී දුන්නේ. මේක විජ්ජාවක්ද කියලා මගෙන් අහනවා? අමාරු කාලයේ අනෙක් නායකයින් ධාවන සපත්තු දමද්දී අපි සෙරෙප්පු දාගෙන ආණ්ඩුව ගත්තා. මගේ සපත්තු සියල්ලම ගිනි තිබ්බා. අපි…
නිසි පරිදි අදාල ආයතන වලින් අනුමැතිය නොගෙන ඉදිකරන ලද කඳු ආශ්‍රිත ගෙවල් අනවසර ඉදිකිරීම් ලෙස සලකන්නට සිදුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. කඳු ආශ්‍රිත නිවාස හදද්දී අදාල අනුමැතීන් ලබාගත යුතු නමුත් එලෙස අනුමැතිය නොගත් නිවාස බොහොමයක් තිබෙන්නේ යැයි තෙන්නකෝන් මහතා කීය. එවැනි නිවාස අනවසර ඉදිකිරීම් ලෙස සලකා ආපදා සහනාධාර ලබාදීමේදී වෙනසක් සිදු කරන්නට සිදුවෙනු ඇතැයි තෙන්නකෝන් මහතා කීය.
අයහපත් කාලගුණික තත්ත්වය මයි මස 15 වනදා සිට මේදක්වා පුද්ගල මරණ 30ක් වාර්තා වී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය. පවුල් 65,777 අයත් පුද්ගලයින් 240,406 දෙනෙකු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන්ය. සුරක්ෂිත මධ්‍යස්ථාන 165ක් තුළ පුද්ගලයින් 113,028 දෙනෙකු තවදුරටත් රඳවා ඇති බව අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබාදුන්නේය. තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන මහලේකම් සරත් ඒකනායක යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් ලිපිය ඉවත් කර ගන්නේද? නැත්ද? යන තීරණය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙසට ය.…