Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රී ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය කල්දෙයි
    Featured

    මෛත්‍රී ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය කල්දෙයි

    By LFNJune 5, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබාදුන්නේය.

    තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන මහලේකම් සරත් ඒකනායක යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් ලිපිය ඉවත් කර ගන්නේද? නැත්ද? යන තීරණය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙසට ය.

    ඒ අනුව පෙත්සම යලි ජූනි 25 වනදා කැඳවීමට නියමකළ අධිකරණය එදින මෙම තීරණය දැනුම් දෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක යන මහත්වරුන්ට නියෝග කළේය.

    සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා ඉකුත් වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    එහෙත් දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

    එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ ද එම අධිකරණය විසින් ද අදාළ වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

    ඉන් අනතුරුව අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.