Author: LFN
20යි 20 ලොක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජ වීමට හේතුව නායක වනිඳු හසරංග පැහැදිලි කළේය. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වමින් වනිඳු මාධ්‍යයට පවසා සිටියේ, ලකුණු 160ට වැඩි ලකුණු සංඛ්‍යාවක් තම කණ්ඩායමේ ඉලක්කය වී තිබූ බවත් එය හඹා යෑම පරාජයට හේතු වූ බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ වනිඳු, “අපේ ස්ට්‍රෙන්ත් එක බෝලින්. අපිට ඕනේ වුණේ යම්කිසි ලකුණු ප්‍රමාණයක් බෝඩ් එකට දාලා අපි එයාලට ප්‍රෂර් එක දීලා, අපි දන්වා අපේ බෝලීන් අපි අන්තිම 20යි 20 තරග සියල්ලම ජයග්‍රහණය කළේ දෙවනියට බෝල් කරලා. ටීම් එකක් විදිහට අපි කතා වෙලා අපේ තියෙන ස්ට්‍රෙන් එකත් එක්ක ගත්තු තීරණයක්. අපි දැක්කා…
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ උගන්ඩාව අතර පැවති තරගයෙන් ලකුණු 125ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වුණි. C කාණ්ඩයේ එම තරගය පැවැත්වුණේ Guyana හීදී ය. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස්කළේය. එහිදී Rahmanullah Gurbaz ලකුණු 76ක් රැස්කළ අතර Ibrahim Zadran ලකුණු 70ක් රැස්කළේය. පන්දු යැවීමෙන් Cosmas Kyewuta සහ Brian Masaba කඩුලු 2 බැගින් දවාගත්හ. ලකුණු 184ක ඉලක්කයක් හඹාගිය උගන්ඩා කණ්ඩායම පන්දුවාර 16දී රැස්කරගත හැකි වූයේ ලකුණු 58ක් පමණි. Robinson Obuya ලකුණු 14ක් රැස්කළේය.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පුවක්පිටිය, වග පාදුක්ක, යන ප්‍රදේශයන්හි අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙත උදෑසන ආහාරය කොස්ගම ශ්‍රීලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය විසින් සපයා ඇති බවට වාර්තාවේ. තවද යුද්ධ හමුදාව විසින් බැලුම්මහර සිට වැලිවේරිය දක්වා දිවෙන මාර්ගයේ, වැලිවේරිය මාර්ගය මීටර් 200 ක පමණ කොටසක් අඩි 3 ක් පමණ ජලයෙන් යටවි තිබීම හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන ජනතාව යුධ හමුදා ට්‍රක් රථයක් භාවිතා කරමින් ප්‍රවාහනය පහසුකම් ලබා දී ඇති බවද වාර්තාවේ. තවද කුලියාපිටිය හොරම්බාව ප්‍රදේශයේ නිවාස වෙත ගස් කඩා වැටීම හේතුවෙන් ආපදාවට පත්වූ නිවෙස් වෙත ගොස් යුද්ධ හමුදාව විසින් අදාල ගස ඉවත් කිරීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ. තවද…
වටවල හයිඩ්‍රි වතුයායේ නිවසක රුපියල් ලක්ෂ 02ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පොලීසිය භාරයට ගෙන තිබුණි. අද (01) එම සිසුන් දෙදෙනා සිය භාරයට ගත් බව වටවල පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා පැවසීය. පසුගිය 28 වනදා සැකකාර පාසල් සිසුන් දෙදෙනා ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පිහිටි තවත් නිවසක දොරගුළු විවෘත කර නිවස තුළට ඇතුළුවී එම මුදල සොරාගෙන ඇති බව වාර්තා වෙයි. සොරකම් කර එම මුදල්වලින් ජංගම දුරකථනයක්, ක්‍රිකට් පිත්තක් සහ බෝලයක්, පරවියන් 08 දෙනෙකු, විසිතුරු මසුන් ඇති කරන විදුරු ටැංකි දෙකක් මිලදී ගෙන ඇති බව පොලීසිය කියයි. මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් වටවල පොලීසියට…
පොල්පිතිගම අලුත් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙම පුද්ගලයා ඊයේ (31) සවස ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග අලුත් වැවේ දියනෑමට ගොස් සිටිය දී මෙලෙස දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි. පොලීස් විමර්ශනවලදී හෙළි ඇත්තේ මෙම පුද්ගලයා වැව අසල තිබූ කුඹුක් ගසකට නැඟ එහි අත්තක් මත සිට වැවට පැනීමේ දී මෙලෙස දියේ ගිලී ඇති බවය. මෙලෙස මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි කිරිබමුණේගම පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොල්පිතිගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 317කි. එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර එහි මිල රුපියල් 377කි. භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට පවසයි.
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ වූ සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ථ විමර්ශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් කොළඹදී අත්අඩංගුවට ගත් බවය.
ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්‍රම රට තුළ ප්‍රවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. AI තාක්ෂණය මෙරටට හඳුන්වාදීම පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය. කෘතිම බුද්ධිය මෙරට විවිධ ක්ෂේත්‍ර සඳහා හඳුන්වාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සමඟ පසුගිය (30) පැවැත්විය. ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් මේවන විට සිදුකරමින් පවතින ව්‍යාපෘති පිළිබඳ ද අදහස් පළකළේය. ”තාක්ෂණය ගැන සැලකූ විට ශ්‍රී ලංකාවට විශාල පිම්මක් පනින්න ඕනේ. තාක්ෂණය අතින් අපි ගොඩක් පසුපසින් ඉන්නවා වගේම තාක්ෂණික දැනුම ආර්ථික…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ඩුබායිහි සිට ඊයේ (31) දිවයිනට රැගෙන එනු ලැබීය. ඒ අලුයම 05.45ට පමණය. ඔහු රැගෙන එනු ලැබුවේ ඒ සඳහා ඩුබායි රාජ්‍ය බලා පසුගිය (30) පිටත්ව ගිය ත්‍රස්ත මර්දන කොට්ඨාස නිලධාරී කණ්ඩායමක් විසිනි. කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය තුළ සැකකරු කෙටි වේලාවක් රඳවාගෙන මූලික ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ. අනතුරුව ඔහු කොළඹ ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත රැගෙන ආ අතර මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. මිදිගම රුවන් මීට මසකට පමණ ඉහතදී ඩුබායීහී රාත්‍රී සාමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් එරට පොලීසිය මගින්…