Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»13 හැවිරිදි සිසුන් දෙදෙනෙක් රු ලක්ෂ 2ක් සොරකම් කරයි
    Featured

    13 හැවිරිදි සිසුන් දෙදෙනෙක් රු ලක්ෂ 2ක් සොරකම් කරයි

    By LFNJune 1, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වටවල හයිඩ්‍රි වතුයායේ නිවසක රුපියල් ලක්ෂ 02ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පොලීසිය භාරයට ගෙන තිබුණි.

    අද (01) එම සිසුන් දෙදෙනා සිය භාරයට ගත් බව වටවල පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා පැවසීය.

    පසුගිය 28 වනදා සැකකාර පාසල් සිසුන් දෙදෙනා ඔවුන් පදිංචි නිවාස ආසන්නයේ පිහිටි තවත් නිවසක දොරගුළු විවෘත කර නිවස තුළට ඇතුළුවී එම මුදල සොරාගෙන ඇති බව වාර්තා වෙයි.

    සොරකම් කර එම මුදල්වලින් ජංගම දුරකථනයක්, ක්‍රිකට් පිත්තක් සහ බෝලයක්, පරවියන් 08 දෙනෙකු, විසිතුරු මසුන් ඇති කරන විදුරු ටැංකි දෙකක් මිලදී ගෙන ඇති බව පොලීසිය කියයි.

    මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් වටවල පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසු සැකකාර පාසල් සිසුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරිමේදී සොරකමේ තොරතුරු අනාවරණය වී ඇත.

    සොරාගන්නා මුදලින් රුපියල් 12,000ක මුදලක් සැකකාර පාසල් සිසුන් දෙදෙනා සන්තකයේ තිබූ බවත්, එම සිසුන් දෙදෙනා මිතුරන් බවත්, පොලීසිය පැවසීය.

    මේ අතර ඔවුන් හැටන් නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකට ගොස් සොකරම් කරන ලද මුදල්වලින් දුරකථනයක් මිලදී ගෙන ඇත.

    එහිදී එම දුරකථන අලෙවිසැලේ හිමිකරු විසින් රුපියල් 20,000ක පමණ වටිනාකමින් යුත් භාවිත කරන ලද ජංගම දුරකථනයක් සැකකාර පාසල් සිසුන් දෙදෙනාට රුපියල් 80,000ක මුදලකට අලෙවි කර ඇති බවද පොලීසිය පැවසීය.

    පාසල් ළමුන් දෙදෙනාට මෙපමණ මුදලක් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු අනාවරණය නොකරගෙන පාසල් සිසුන් දෙදෙනා රවටා අධික මිලකට ජංගම දුරකථනය අලෙවි කළ හැටන් ප්‍රදේශයේ පදිංචි අලෙවිසැලේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    සොරකම් කරන ලද මුදලින් සැකකාර පාසල් සිසුන් දෙදෙනා මිලදී ගත් භාණ්ඩ සියල්ල පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, එම සැකකාර පාසල් සිසුන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

    මෙම පාසල් සිසුන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වටවල පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.