Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉලක්ක සපුරා ගැනීමට AI තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතුයි -ජනපති
    Featured

    ඉලක්ක සපුරා ගැනීමට AI තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතුයි -ජනපති

    By LFNJune 1, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණික ක්‍රම රට තුළ ප්‍රවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    AI තාක්ෂණය මෙරටට හඳුන්වාදීම පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

    කෘතිම බුද්ධිය මෙරට විවිධ ක්ෂේත්‍ර සඳහා හඳුන්වාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සමඟ පසුගිය (30) පැවැත්විය.

    ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් මේවන විට සිදුකරමින් පවතින ව්‍යාපෘති පිළිබඳ ද අදහස් පළකළේය.

    ”තාක්ෂණය ගැන සැලකූ විට ශ්‍රී ලංකාවට විශාල පිම්මක් පනින්න ඕනේ. තාක්ෂණය අතින් අපි ගොඩක් පසුපසින් ඉන්නවා වගේම තාක්ෂණික දැනුම ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදාගෙන නැහැ. නව ක්ෂේත්‍රය තමයි AI නැතිනම් කෘත්‍රිම බුද්ධිය. අපිට AI අංශයෙන් පසුබසින්න බැහැ අපි AI සමඟ ඉදිරියට යනවා නම් අනෙක් තාක්ෂණික දැනුමත් ඒ සමඟ වැඩි දියුණු කරගන්න හැකි වේවි. අනාගතයේදී අපිව විනිශ්චය කරන ප්‍රධානම මිනුම් දණ්ඩ වන්නේ අපි AI භාවිත කරන ආකාරයයි.

    එහිදී අපට අපහසුතාවයට පත්වන්න බැහැ. තොරතුරු තාක්ෂණයේදී අප කළ වරද මෙහිදී කරන්න බැහැ. තොරතුරු තාක්ෂණයේදී අප සැමවිටම අවධානය යොමු කළේ ව්‍යාපෘති පිළිබඳ මිස ඒවායේ යෙදීම පිළිබඳ නොවේ. ඒ නිසා අප එය ජාතික වශයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. එහි ප්‍රතිඵලය තමයි ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව අපි පසුපසින් පසුවීම. අපි තාක්ෂණික අමාත්‍යාංශය හා එක්ව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතන පිහිටුවීමට කටයුතු කරනවා. ඩිජිටල්කරණය හරහා සමාජ ආර්ථික පරිවර්තනයක් ද සිදුකළ යුතුයි. එය ව්‍යාපෘතියකින් ඔබ්බට ගිය තත්ත්වයක්.

    අප ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා ගමන් කරමින් පවතින නිසා මෙය ඉතාමත් වැදගත් වනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා මේවන විට අවසන් අදියරේ පවතිනවා. අපිට පවතින ණය ගෙවීම සඳහා 2027 සිට 2040 දක්වා කාලයක් ලබා දී තිබෙනවා. ඒ නිසා 2025වන විට අපි ආර්ථිකයේ සැලකිය යුතු පරිවර්තනයක් ඇතිකළ යුතුයි. AIවලට එහි ප්‍රධාන භූමිකාවක් පවතිනවා. ඒ හේතුව නිසයි මම AI දිරිමත් කරන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.