Author: LFN
කළු ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළයෑම හේතුවෙන් රත්නපුරයේ ගංවතුර තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් පවසයි. කළු ගගේ ජල මට්ටම පුළුඟුපිටිය ජල මාපක 07 සීමාව කරා ළඟාවෙමින් ඇති බවද වාර්තා වෙයි. මේ හේතුවෙන් රත්නපුර අළුපොත ප්‍රධාන බස් මාර්ගය ඇත් ඔය ප්‍රදේශයෙන් යළි යටවී ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. ප්‍රධාන මාර්ගවලට ප්‍රවේශ වන අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇති අතර නිවාස ද අවදානමට ලක්වී ඇතැයි වාර්තා වෙයි. ජල මට්ටම මාපකයේ 07 සීමාවට ළඟා වුවහොත් ලොකු ගංවතුර තත්ත්වයක් ඇති වෙතැයි ජනතාව බිය පළ කරයි.
කහතුඩුව වෑතර රෝහල ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා තිබූ ස්කූටරයක සහ මාර්ගයේ ගමන් ගත් සිසුවෙකුගේ ගැටීමෙන් එම සිසුවා බරපතළ තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලබා ඇත්තේ වෑතර මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙකි. ස්කූටරය සමග මෝටර් රථය කෙටි දුරක් ඉදිරියට ඇදී ගොස් ඇති අතර පසුව විදුලි රැහැන් කණුවක ද ගැටී තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා වෑතර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත. පිළියන්දල දෙස සිට කහතුඩුව දෙසට ධාවනයවෙමින් තිබූ මෝටර් රථයේ දකුණුපස පිටුපස ටයරයේ හුළං යෑම හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගත…
දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවය. හෙටට (31) යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි. දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ය. මේ වන විට මෙරට දුම්වැටි භාවිතය සියයට 9.1කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ඝීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. දුම්කොළ සමාගම් වාර්තාවලට අනුව පසුගිය වසර…
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසන්නේ මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැකි බවය. මේ අතර අද (30) දිනයේත් ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ. තවදුරටත් වැසි ඇදහැලුණ හොත් එම ගංගා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බවද දැනුම්දෙයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නොසිතූ ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ යන බැවින් ජනතාව…
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (30) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයෙන් ඒ බව පෙන්වා දෙයි. ඒ හේතුවෙන් අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවෙයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇදහැලෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ…
කොළඹ වරායේ නැංගූරම්ලා ඇති බව සඳහන් නෞකාවක කපිතාන්වරයෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම තහනම පනවා ඇත්තේ ඉන්දීය නෞකාවක කපිතාන්වරයෙකුටය. අදාළ ඉන්දීය නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට වරාය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම තහනම පැනවීමට පියවර ගෙන තිබේ. වරාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරයි.
මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්‍රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර මෙම නියෝග 2024 ස්ථීර වාස වීසා පත්‍ර නියෝග ලෙස හදුන්වා ඇති බව සඳහන් වෙයි. ඒ අනුව ශ්‍රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු හෝ පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ මෙරට පුරවැසිභාවය නතර වී ඇති මෙන්ම විදේශීය කාලත්‍රයෙකුට නව රෙගුලාසි යටතේ විවාහ වී මාස 6කට පසු අයදුම් කිරිමට අවස්ථාව හිමිවෙයි. විවාහය වසර 5කට පෙර අහෝසි වුවහොත් ස්ථීර පදිංචි තත්ත්වය ස්වයංක්‍රීයව…
වසර 3කට පසුව සිය නිවස වෙත යමින් සිටි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවකි. ඇය වසර 03කට ආසන්න කාලයක් කුවේට් රාජ්‍යයේ සේවයේ නිරතව සිට පැමිණ යළි සිය නිවස වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණි. ඔවුන් ගමන්කරමින් තිබූ ත්‍රිරෝද රථය බස් රථයක ගැටීමෙන් පැල්මඩුල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි. ත්‍රිරෝද රථයේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබුණි. අනතුර සිදුව තිබුණේ පැල්මඩුල්ල පොලිස් වසමේ රිල්හෙන ප්‍රදේශයේදීය. අනතුරින් බස් රථයේ ගමන්කළ 10 දෙනෙකු තුවාල ලබා ඇත මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්කළ මියගිය කාන්තාව…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ වගකීමක් නැති ප්‍රකාශ හරහා රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පවතින වාතාවරණය තුල මැතිවරණය පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්ද? මැතිවරණය ගැන දැනටමත් රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත්කරල තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නට පුළුවන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. සැප්තැම්බර් ඔක්තෝම්බර් මාස දෙක අතර එය සූදානම්…
දඹුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයෙනි. මීට දින දෙකකට පෙර එම නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවද අද දිනයේද එලෙසම මත්පැන් පානය කළ දෙදෙනෙකු මියගිය බවද ප්‍රදේශවාසීන් පවසයි. මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පොලීසිය විසින් සැකකරුවන් අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දඬුවම් ලැබ තිබීමද විශේෂත්වයකි. කලක සිට පවත්වාගෙන යනු ලබන මෙම නීතිවිරෝධී මත්පැන් විකිණීමේ ජාවාරම හේතුවෙන් ප්‍රදේශවාසීන් මේ වනවිට දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවටද තොරතුරු වාර්තාවෙයි. මෙලෙස මියගොස් ඇති පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අමතරව…