Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්වැටි භාවිතය නිසා දෛනික මරණ 50කට ආසන්නයි
    Featured

    දුම්වැටි භාවිතය නිසා දෛනික මරණ 50කට ආසන්නයි

    By LFNMay 30, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවය.

    හෙටට (31) යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

    දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ය.

    මේ වන විට මෙරට දුම්වැටි භාවිතය සියයට 9.1කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ඝීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

    දුම්කොළ සමාගම් වාර්තාවලට අනුව පසුගිය වසර තුළ දුම්වැටි නිෂ්පාදනය සියයට 19කින් පමණ අඩුවී තිබේ.

    ලෝකයේ දුම්වැටි භාවිතය අඩුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුළ ද හොඳ ප්‍රවණාතාවක් පැවතුණ ද තවදුරටත් මිලියන 1.5ක පමණ පිරිසක් දුම්වැටි භාවිතය සිදුකරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

    පවතින තත්ත්වය හමුවේ තරුණයින් සහ ළමුන් දුම්වැටි භාවිතයට යොමුකරවීම සඳහා බහුජාතික දුම්කොළ සමාගම් කූට උපක්‍රම ගණනාවක් දියත් කරමින් සිටින බව සඳහන් ය.

    මේ අතර පාසල් ළමුන් අතර දුම්වැටි භාවිතය සඳහා ඇබ්බැහිවීම ඉහළ යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.