Author: LFN
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට නැවත වතාවක් පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අදාළ පත්කිරීම සිදුකර ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත. ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එම පත්කිරීම වලංගු වේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුහුණදෙන බවට පැවසෙන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ට කරන ලද නියෝගයක් මත එම තීරණය ගෙන තිබේ. ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ මුදල් කාරක සභාවේ සභාපතිකම භාරගනු ලැබුවේ අභියෝග රැසක් මද්‍යයේ බවය. තමාට කාර්යාලයක් නොමැති බවත්, සේවය කිරීමට ඇත්තේ තිදෙනෙකු පමණක් බවත් සඳහන් කර සිටි හර්ෂ ද සිල්වා මහතා ඇතැම් විට ඔවුන්ට තම පෞද්ගලික මුදලින් වැටුප් ගෙවන බව ද සඳහන් කළේය. එමෙන්ම ගල් අඟුරු ප්‍රශ්නය, සීනි වංචාව…
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළ මෙරට ආර්ථිකය නිවැරදි මඟකට ගෙන ඒමේ පළමු පියවර තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒකල ප්‍රදේශයේ ඉදිකෙරුණු Cephalosporin ( සෙෆලෝස්පොරින් ) එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයාගේ ඒ බව පැවසීය. මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර එහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා පසුව කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණි. එම අවස්ථාව සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටීම විශේෂත්වයකි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “ඕපදූප කතාකරලා වැඩක් නැහැ නියම ප්‍රශ්නය කතා…
පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9%ක සුළු පහළ යාමකි. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,389 සිට ඩොලර් මිලියන 5,367 ක් දක්වා 0.4% කින් මෙහිදී පහළ ගොස් තිබේ.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (09) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක වැසි ඇති වේ. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්…
ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ අද (07) ජනතාව දැනුවත් කෙරුණි. එහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඒ සඳහා ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය බවය. “ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිඳු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අවශ්‍ය වෙනවා.” අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 01 වනදා සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113ක එනම් දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වී ඇති බවද ඔහු පැවසීය. පුද්ගලයන් 239,000කට අධික පිරිසක් අවතැන්වී ඇති බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට (08) උදෑසන 10 සිට සවස 7 දක්වා විටින් විට වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා පවසයි. මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන් විකල්ප මාර්ග භාවිතරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරත් දන්වා සිටී.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවය.
මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පවතින ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ බව පෙන්වා දී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙම කාලය තුළ ඩෙංගු මරණ 09ක් වාර්තා වී ඇති නමුත් අධි වසංගත තත්ත්වයක් දක්වා රෝග ව්‍යාප්තිය වර්ධනය වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවය. කෙසේවෙතත් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල කල් දැමීමට සිදුවී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමණසේන මහතා සඳහන් කළේය. ගංවතුර තත්ත්වයන් පහව ගියද පාචන රෝග…
මෙක්සිකෝවේ කාන්තාවක, සිය පුතු ද සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටිද්දී, දුම්රියක ගැටී මියයෑමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ එම සිද්ධියට අදාල වීඩියෝ දසුන්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙද්දීය. කාන්තාව හැපුණේ කැනඩාවේ සිට ඇමෙරිකාව හරහා මෙක්සිකෝව දක්වා දිවෙන සුප්‍රසිද්ධ ‘එම්ප්‍රස්’ නමැති වාෂ්ප බලයෙන් ධාවන වන දුම්රියේ ගැටීමෙනි.