Author: LFN

කළුතර, කටුකුරුන්දේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට යම් වස්තුවක් පාවී පැමිණ තිබේ. කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ අදාළ උපාංගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවය. කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් එහි රැඳීසිටි ජනතාව ඉවත්කර එම උපකරණය සුරක්ෂිතව පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ඉන් යම් ආලෝකයක් නිකුත් කරමින් තිබෙන බවය.

Read More

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු104කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 218ක් රැස්කර ගත්තේය. මෙවර ලෝක කුසලානයේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණි. ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වේ. එහිදි නිකොලස් පූරන් පන්දු 53කින් ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත්විය. පූරන් රැස්කළ ලකුණු 98 වාර්තා අතරට එක්වුණේ මෙවර ලෝක කුසලානයේදි ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය. ජොන්සන් චාල්ස්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබීය. කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2023.11.06 දින විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්…

Read More

ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟපෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිලිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බවයි. ඒ අනුව වාහන ආනයනය යනු රටේ විදේශ සංචිත වලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම, රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය. එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම…

Read More

ඊශ්‍රායලය විසින් එල්ල කරන බිහිසුණු යුද අපරාධවලට ලක්ව සිටින පලස්තීන දරුවන්ට ආධාර පිණිස රුපියල් රු මිලියන 27 කට අධික මුදලක් කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලනය (CDMF) අයත් කලාපීය සම්මේලන 12 විසින් එකරාශි කර ශ්‍රි ලංකා රජය වෙත ලබා දී ඇති බවට වාර්ථා වේ එම මුදල් UNWRA වැනි සුදුසු ආයතන මගින් ගාසා හි දරුවන්ට ආධාර සැපයීම සඳහා භාවිතා කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලන (CDMF) විසින් රජයෙන් ඉල්ලා සිටිනවා. මෙම පරිත්‍යාග/අරමුදල් පිළිබඳ සියලුම ලියකියවිලිවල පිටපතක් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇත.

Read More

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත. ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසැල,වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,නිවත්තකචේතිය ජාතික පාසැල,සහිරා ජාතික පාසැල,විවේකානන්ද මහා විද්‍යාලය,දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය,මිහින්තලේ මහා විද්‍යාලය,මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය වසා තැබීමට නියමිතය. විශේෂ ආරක්ෂක රාජකාරි සදහා පිට පළාත්වලින් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීමට එම පාසල් වසා දැමීමට තීරණය කර ඇත. අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව හා අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා විසින් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කළ ඉල්ලීමක්…

Read More

තණතිලිවල වෙනස්වීම්වලට හැඩගැසීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක චරිත් අසලංක පවසයි. අද පැවති පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත් අසලංක මේ අදහස් පළකළේය. “පිතිකරුවෙකු වශයෙන් අපි බ්ලේම් එක ගන්න ඕනේ. ඕවර් 06කට 50 ගාණකට විකට් දෙකක් දීලා මේ වගේ බැටින් ලයින්අපි එකක් 125කට යන්න බැහැ. මම ඇතුළුව හැම පිතිකරුවෙකුම වගකීම භාර ගන්න ඕනේ.” ප්‍රශ්නය – සිදුවුණ දුර්වලකම්වලට පුහුණුවීම්වලදී වැඩිපුර පිතිකරණ පුහුණුවීම් කරලා වෙන ක්‍රියාමර්ග අරගෙන තියෙනවාද ? “අපි ලංකාවේදී හොඳට පුහුණුවීම් කරලා සූදානම් වුණා. නමුත් තණතීරු වෙනස්වීමට අපිට හුරුවෙන්න බැරිවුණා. අපි වෙන ග්‍රවුන්ඩ්වල ඕවර් 06ට 50ක 55ක ලකුණු ගාණක් තිබ්බොත්…

Read More

පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොළ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ. අනතුරින් පාසල් තුවාල ලැබූ පාසල් ළමුන් සහ දෙමව්පියන් 13 දෙනෙකු ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාලබේ රාහුල විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගෙන රන්ටැඹේ බලා ගමන්කරමින් තිබූ බස් රථයකි. වරකාපොළ ප්‍රදේශයේදී බස් රථය ඇළකට පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණි. අනතුර සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

කොකේන් මත්ද්‍රව්‍ය සමග උගන්ඩා ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවටගත් සැකකරු 31 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකු වන අතර ඔහු එම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසයි. සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගිල දමා තිබූ කොකේන් ගුලි 14ක් පිටතට ගෙන ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකරයි.

Read More

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ කළේය. දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්ය. කෙසේවෙතත් සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කළේය. කෙසේවෙතත් මාධ්‍ය විමසීමකදී…

Read More