Author: LFN

සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 16 අතර කාලසීමාව තුළදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. VIEW මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිව්‍ය ලෝකය ඔළුවට කඩන් වැටුණත් ජනාධිපතිවරණය කල්දැමීමට බැරි බවය. “මැතිවරණ නීති බලාත්මකව තිබෙන කාලයේදී බෙදාදීම් සිදුකිරීම වැරදියි. දේශපාලන පක්ෂවලට වාසි සහගත කිසිදු දෙයක් කිරීම වැරදියි. මෙවැනි බෙදාහරින තැන්වලදී කොමිෂන් සභාව සහ නිරීක්ෂණ සංවිධාන ඉස්සර වගේ බැනර් එකක් ගැසිය යුතුයි..”

Read More

කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති පුද්ගලයින් කවුරුන්දැයි සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ඇති බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය.

Read More

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කෙරුණි. 2024 මැයි මස 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය ජුනි 4 වනදා පවත්වා කල්තබන ලද අතර විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වුණි. මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මගින් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සපයා ඇත. එසේම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම ඇතුළු ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන…

Read More

හෙට (21) යෙදී ඇති පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී ඇත. ඒ අනුව හෙට දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබාදී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ සිදු කිරීමට නියමිතය.

Read More

අද (20) උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මුණගැසී තිබේ. ඒ ජනාධිපති මන්දිරයේ දී ය. ………Update…………………. මේ අතර ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය අද (20) නිරාවරණය කළේය. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා එක්ව එය නිරාවරණය කළ අතර කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් භාරදීම ද එහිදී සිදු කෙරිණ

Read More

ධාතුසේන රජතුමා විසින් කරවන බවට සැලකෙන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිධන් වස්තු කිසියම් පිරිසක් සොරා ගෙන ඇතැයි ඉපලෝගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගනිමින් ගල විද අදාළ නිධන් වස්තු රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත. කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේ ම අධි ආරක්ෂිත කලාපයේ මෙම සොරකම සිදුව තිබේ. මෙම සොරකම මහවැලියේ ඇතැම් නිලධාරීන් විසින් යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරති. බෝවතැන්න ජලාශ භාරා ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් අප කළ විමසීමේදී කියා සිටියේ, තමන්ට ද ඊයේ (19) උදෑසන මෙම සිදුවීම පිළිබඳව දැන ගැනීමට හැකි වූ බවත්, මේ හේතුවෙන් වැවේ වානට…

Read More

යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවද ඔහු පැවසීය. එබැවින් සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි. කැසිනෝ ශාලා සඳහා සිදු කළ බදු සංශෝධනවලට අදාළ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය. බද්දට යටත් වන 10%ක තරම් පිරිසගෙන් අය කර ගන්නා බදු සෙසු 90%ක් වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ අතර කැසිනෝ ශාලාවලින් නියමිත අයුරින් බදු මුදල අය…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී තේරී පත්වී තිබේ. මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තේරී පත්වී ඇත්තේ දුමින්ද දිසානායක මහතාය.

Read More

පානදුර තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් පස්දෙනෙකු ඊයේ (19) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලීසිය පවසයි. තැපැල් ස්ථානාධිපතිවරයා සහ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් කරන ලද පැමිණිලි මත එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා පැවැත්වූ වැඩවර්ජනයේදී සේවකයින් රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් එම පහරදීම සිදුකර ඇති බවත් පොලීසිය පැවසීය. සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඔවුන් සමථ මණ්ඩලය වෙත යොමුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More