Author: LFN
16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්නන් වන බව පොලීසිය පැවසීය. කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහෝදින උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් තිබුණි. අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය මිතුරියකගෙන් රුපියල් 300ක් ඉල්ලාගෙන සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදී ඇය සිය පෙම්වතාගේ නිවසට ගොස් ඔහු සමග ලිංගිකව එක්ව ඇති අතර පසුව පෙම්වතා අදාළ දැරියව සිය යතුරුපැදියෙන් හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයෙන් බස්වා ගොස් තිබේ.…
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දක්වාත් අවසන් නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා තිබේ. සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පෙරවරුවේ දේවස්ථානය වෙත ගොස් තිබේ. එහිදී ජනාධිපතිවරයා දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා වන රොෂාන් මහේෂන් සමඟ සාකච්ඡාවක නිරත වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ එහිදී කරුණු විමසා සිටි ජනාධිපතිවරයා ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ද නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව පිළිබඳව…
ඉදිරි ජනාධිපතිවරණයක දී තමාගේ සහ තම පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා ඊයේ (22) පස්වරුවේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු ඔහුගේ පාක්ෂිකයින් මුණ ගැසී සාකච්ඡා කර ඇත. ඒ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මුලස්ථානයේදීය. එහිදී ටී.එම්.වී.පී නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සහයෝගය පළ කර තිබේ.
මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයෙකු සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ලෙස දේශපාලන සහ සමාජ ක්‍රියාකාරී අරුන් සිද්ධාර්ත් මහතාව පත්කර තිබේ. ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නායක, දිලිත් ජයවීර මහතා විසින් අදාළ පත්වීම සිදුකළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා සඳහන් කර සිටියේ, ලංකාව ප්‍රගතිශීලි රටක් ලෙස ඉදිරියට ගෙන යෑමට අරුන් සිද්ධාර්ත් මහතා විසින් විශාල සේවයක් කරනු ඇති බවය. විශේෂයෙන්ම සියලුදෙනා එකමුතු විය යුතු යැයි පවසන ශ්‍රී ලාංකිකත්වය තුළ ඔහු විශාල හඬක් නඟනු ඇතැයි තම බලාපොරොත්තුව බව ද දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය. මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් අරුන් සිද්ධාර්ත් මහතා පවසා සිටියේ, මෙම අවස්ථාව ලබාදීම…
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම් ලැබු පවුල් 27,595න් 192 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව ඔප්පු ලබාදීම සිදුකර තිබේ. ඒ මිලියන 2ක සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ ය.
දේපොළ බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 වසරේ පළමු කාර්තුවෙන් පසුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙම බද්ද හරහා සියයට 90ක් වූ ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවය. “මේක මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙන බද්දක් නෙමෙයි. 2025 පළමු කාර්තුවෙන් පසුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඉතාම ධනවත් පිරිස මුළු සමාජයෙන් 10%ක් විතර. මෙම බද්දට මුහුණදෙන්න වෙන්නේ ඒ පිරිසට. 90%කට ජනතාවට තියෙන්නේ අය වෙන බද්දෙන් ලැබෙන ප්‍රතිලාභ. ඔවුන්ට වක්‍ර බදු ලෙස ගෙවන්න තිබුණ බදු ප්‍රමාණය අනාගතයේ දී අපිට අඩු කරන්න පුළුවන්. අනිත් 10% ගත්තත් ඔවුන්ට තියෙන පළමු වත්කමින් අය කිරීම වෙන්නේ නෑ. අනිත් වත්කම්වලින්…
උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවය. මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුණූ බව ද ඔහු සඳහන් කළේය. කෙසේවෙතත් ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කල බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ දේශගුණික විපර්යාසවලට මුහුණ දිමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බවය. පරිසරය හා බැඳුණු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි. අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ සමාප්ති උත්සවයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකශ කළේය. සංවර්ධනය සහ ජනගහණයේ ව්‍යාප්තිය සමඟ අද රට පුරා තෙත්බිම් අහිමි වෙමින් පැවතිම හේතුවෙන් එය සංරක්ෂණය…
රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බවය. “ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබිලත් දැන් යම් තැනකට ඇවිල්ලා රට කරගෙන යනවා. විපක්ෂය දැන් කියන්න උත්සාහ කරනවා මේ අයකර ගන්න තියෙන දේවල් අයකර ගන්නේ නැතුව අලුත් දේවල් කරන්න හදනවා අපි හිටියා නම් ඔහොම නෑ කියන්නනේ ඔය උත්සාහය. ඕක සරල තර්කයක්. රජය හැටියට පැහැදිලිවම කියන්න ඕනේ ඔව් හිඟ බදු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක අපේ රටේ බදු නීතියේ තියෙන අභියාචන අයිතිය. ඒක ලෝකයේම තියෙනවා. රජය විසින් බද්දක් ගෙවන්න කිව්වහම…
නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු අතර මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි. සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 09 වන සම්මේලනයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය. “අමාරු කාලයේ රජයේ ආයතන කඩා වැටුණු අවස්ථාවේ දී ඔබ ඉදිරියට ඇවිත් මේ වගකීම ඉටු කළේ. ඒ කාලේ ඖෂධ තිබුණේ නෑ. ඖෂධ තිබුණත් සල්ලි තිබුණේ නෑ. පැනලා ගියා නම් රට කඩා වැටෙනවා. තමන් තමන්ගේ…