Author: LFN

සර්වජන බලය සිය වැඩපිළිවෙළ ඇතුළත් පළමු කෙටුම්පත ජුනි 27 වනදා ජනතාවට ඉදිරිපත් කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඒ පිළිබඳව ජනතා අදහස් ලබාගැනීමෙන් පසු එහි දෙවැනි කෙටුම්පත නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය. මව්බිම ජනතා පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා… “අපි යම් දිනයක මැතිවරණයට ඉදිරිපත් වන්නේද, එදිනට පෙර ඔබට ඔබගේ ඒ අදහස් ඇතුළත් වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කරනවා උපායමාර්ගික වැඩපිළිවෙළක් ලෙස දින වකවානු එක්ක…”

Read More

මාස පහකට පමණ පසු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනා සමග සමග දික්ඕවිට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. පසුගිය ජනවාරි 17 වනදා එම ධීවර වරායෙන් අරාබි මුහුද බලා යාත්‍රා කළ මෙම යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවිය. පසුව සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය විසින් ධීවරයන් හය දෙනා සමඟ මේ යාත්‍රා මුදා ගැණුනි.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ එංගලන්තය සහ අමෙරිකාව අතර ඊයේ (23) පැවැති තරගය ජය ගැනීමට එංගලන්තය සමත් විය. ඒ කඩුලු 10ක ජයක් වාර්තා කරමිනි. කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්තය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව අමෙරිකාවට ලබා දීමටය. ඒ අනුව පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 18 යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණූ 115ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු ඕවර 9.4කදී කිසිවෙක් නොදැවී ලකුණු 117ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. නායක ජොස් බට්ලර් නොදැවී ලකුණු 83යි. මෙම ජයග්‍රහණයත් සමගම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට එංගලන්තය පත්විය.

Read More

අනාගත පරපුර වෙනුවෙන් තමා ලබාදෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියේ මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී, තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ මෙම හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී පසුගිය (22) පැවැත්විණි. මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. ප්‍රශ්නය – ජනාධිපතිතුමනි රට අර්බුදකාරී තත්ත්වයක තිබියදී ඔබතුමා රටේ වගකීම භාර ගත්තා. ඔබතුමා එම අභියෝගය ජයග්‍රහණය කළේ කොහොමද, රාජකීය විද්‍යාලය වැනි පාසල්වල අධ්‍යාපනය ලැබීමට…

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (22) දින සිට කඩින් කඩ අධික වැසි සමග අධික සුළං තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණ ඇති බව අප වාර්තාකරු පවසයි. අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉඟුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින්ම ගස් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද (23) දින අලුයම සිට බාධා පැමිණ ඇත. දුම්රිය මාර්ගය කඩා වැටි ඇති ගස් කපා ඉවත්කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයට කඩා වැටුණු ගස් කපා ඉවත් කරන තෙක් නානුඔය සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ…

Read More

තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බවට සැක කෙරෙන රුපියල් කෝටි 1 1/2ක් පමණ වටිනා අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි තුනක් ධාවනය කරමින් සිටි තරුණයන් තිදෙනෙක් පැපිලියානේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගේ පුතෙකුද සිටින බව පොලීසිය කීය. යතුරුපැදි තුනෙන් දෙකක ලියාපදිංචි අංක තහඩු සවිකර තිබූ අතර එම එක් යතුරු පැදියක සවිකර ඇත්තේ අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ මවකගේ නමට ලියාපදිංචි කර ඇති ස්කූටර් යතුරු පැදියක ලියාපදිංචි අංක තහඩුව බව පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය විය. බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත පොසොන් පොහෝ…

Read More

එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. X පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා ඒ බව පැවසීය. එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබේ. එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයකි.

Read More

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු 7.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 – 65 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 – 55 දක්වා වැඩි විය හැකිය. එසේම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු පළාතෙත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

පොදු මහජනතාවට යහපත සැලසීමේ අරමුණින් ක්‍රියාවට නැංවෙන සංවර්ධන ව්‍යාපෘති භාවිතයට නොගෙන අතහැර දමන අවස්ථාද නිරන්තරයෙන් වාර්තා වෙයි. වසර 8කට ආසන්න කාලයක් මුළුල්ලේ භාවිතයට නොගෙන අතහැර දමා ඇති පොළොන්නරුව මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයද ඊට කදිම නිදසුනකි.‍ රුපියල් මිලියන 1500ක වියදමින් පොළොන්නරුව මෙත්සිරිපාය පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වන්නේ 2016 දෙසැම්බර් 16 වැනිදාය. ඒ හිටපු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව 2015 “යළි පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය” ජනපති වැඩසටහන යටතේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන එකම ස්ථානයකට ගෙනඒම එහි අරමුණ විය. නමුත්, මෙහි ඉදිකිරීම් සිදුකිරීමට තිබියදීත් උතුරුමැද ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය පමණක් සකසා එය 2019 නොවැම්බර් පළමුවැනිදා ජනතා අයිතියට පත්කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු…

Read More