Author: LFN

වෙඩිතබා ගෙන සියදිවි නසා ගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පිළිබඳ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ගම්පොළ ඇත්ගාල පොලීසිය පැවසුවේ, රැකියාවට යන මවට වැඳ කාමරයට ගොස් ඇති අදාළ සිසුවා කාමරයේ දොර අගුල් දමාගෙන පතොරම් තුවක්කුවකින් මුඛයට වෙඩිතබා ගෙන මියගොස් ඇති බවය. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බී.ආර්.ජී. කුලසේකර නමැති 18 හැවිරිදි සිසුවෙකි. ඔහු ගණිත අංශයෙන් මහනුවර ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ සිසුවෙකි. ඔහුගේ මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පුද්ගලික අංශයේ සේවය කරන්නෙකි. එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන වෛද්‍යවරියකි. පියා සතු මෙම ගිනිඅවිය සඟවා තිබියදී එය සොයා…

Read More

සංචාරක අමාත්‍යංශය මඟින් වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාව මඟින් එක් පාර්ශ්වයකට පමණක් සහන සැලසීමට කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ එමඟින් රජයේ අපේක්ෂිත කිසිදු අරමුණක් ඉටුනොවන බවය. “සියලුදෙනාම දන්නවා මේ වාහන ආනයනය 2020 මාර්තු 20 වෙනිද ඉදන් නැවැත්තුවා. ඊට පස්සේ මේ වෙනකම් අවුරුදු 04ක් 05 අතර කාලයක් කිසිම වාහනයක් ආනයනය කරන්න රජය විසින් කිසිම අවස්ථාවක් ලබාදීලා නැහැ. පළවෙනි කාරණය තමයි සංචාරක අමාත්‍යාංශය විසින් ඉදිරිපත්කරලා තියෙන මේ වාහන 1,000ක් ගෙන්න හදන කැබිනට් පත්‍රිකාව. මේක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ ඉඩම් හා සංචාරක අමාත්‍යාංශයෙන්. මේකේ තියෙන විදිහට වාහන 1,000ක් ඒ කියන්නේ බස්…

Read More

ඉදිරි කන්න දෙකේ දී සියලු වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රජය කළ ඉල්ලීමකට අනුව බංඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවය. කිසිදු පොහොර හිඟයක් රටතුළ නොමැති බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “පොහොරවල කිසිදු හිඟයක් නැහැ. යූරියා, බංඩි පොහොරත් ඇති වෙන්න තියෙනවා. අපිට විකුණ ගන්නත් බැරි තරමට තියෙනවා. හිඟයක් නෙවෙයි තියෙන්නෙ මං හිතන්නේ පොහොරවලට මුදල් එන්නෙ නැති ප්‍රශ්නෙ. මේ වතාවේ දැන් අපි මුදල් මේ වනවිට බිලියන 11ක් විතර ගොවියන්ගේ ගිණුම්වලට…

Read More

කුරුඳුවත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. ඊයේ (24) අලුයම් කාලයේදී එම සිරුර සොයාගෙන තිබුණේ කුරුඳුවත්ත පොලීසියට ලද පණිවුඩයකට අනුවය. මරණකරු රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීරය ඥාතීන් වෙත භාරදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර පොල්පිතගම පොලිස් වසමේ නියදවනය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී සැකකටයුතු ලෙස මියගෝ පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. මෙලස මියගොස් ඇත්තේ, මල්අස්න, පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු මාසයකට පමණ පෙර සිට ඇතුරුදන්ව සිට ඇති අතර මීමැස්මොරය රෝගය සඳහා ප්‍රතිකාර ලබාගන්න අයෙකු…

Read More

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී තුවාල ලැබූ නාවික හමුදා සෙබළෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය. එම පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඇති වූ සිදුවීමක දී නාවික සෙබළෙක් තුවාල ලබා ඇත.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ 2.7% සිට 2024 මැයි මාසයේ දී 1.6% ක් දක්වා පහළ බැස ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මැයි මාසයේ දී 0.5% ක් දක්වා පහළ ගොස් ඇත. මේ අතර 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් ලෙසින් වාර්තා වී තිබුණු ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2024 මැයි මාසයේ දී 2.4% ක් දක්වා සුළු වැඩිවීමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

විශ්වවිද්‍යාල අවට ප්‍රදේශවලට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය දැනුම්දෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවය.

Read More

‍අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙන බවය. සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 65ත් 75ත් අතර තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන්ය. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි ඇතිවිය…

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (24) සමත්විය. ඒ එම තරගය ලකුණු 27කින් ජය ගනිමිනි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කළේය. එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 92ක් රැස් කළේය. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් සහ මාකස් ස්ටොයිනිස් කඩුලු 2ක බැගින් දවා ගත්තේය. ලකුණු 206ක ඉලක්කයක් හඹා යෑම ඇරඹු ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 181ක් පමණි. ඒ අනුව අවසන් පූර්ව…

Read More

සිය අනියම් පෙම්වතා සමග නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් නැරඹීමට ගොස් සිටියදී එහි මිනීපෙට්ටියේ මෘතදේහය ලෙස සිටි විවාහක සැමියා ඇයව හඳුනාගැනීමෙන් එම ස්ථානයේ ගැටුමක් ඇතිවී තිබේ. එම අවස්ථාවේදී සැමියා විසින් අදාළ 21 හැවිරිදි බිරිඳට පහරදීමට තැත්කර ඇති අරත එහිදී ඇතිවූ ගැටුමේදී පුද්ගලයන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ඊයේ (24) නියෝග කර තිබුණි. මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19ත් 24ත් අතර වයසේ පසුවූ පිරිසකි. අදාළ විවාහක යුවළ කලක සිට වෙන්ව ජීවත්වී ඇති අතර නීත්‍යානුකූලව වෙන්වී නොමැති බවත් හෙළිවී…

Read More