Author: LFN

මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා අනුව මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම්වලට අදාළව 2021 වසරේදී 1,202ක්, 2022 වසරේදී 3,956 දෙනෙකුත්, 2023 වසරේදී 5,687 දෙනෙකුත් සිරගත කර තිබේ. ඒ අනුව එය 2021 වසරට සාපේක්ෂව සියයට 44ක කැපී පෙනෙන වර්ධනයකි. එමෙන්ම 2021 වසරේදී සොරකම් සහ මංකොල්ලකෑම්වලට අදාළව කාන්තාවන් 19 දෙනෙකු සිරගත වී ඇති අතර 2022 වසරේදී එය 49 දක්වාත් 2023 වසරේදී 61 දක්වාත් ඉහළ ගොස් තිබුණි. පුද්ගලයන් නොමග යවා රවටමින් මුදල් පැහැරගැනීමේ සිද්ධිද මේ වනවිට වැඩි වශයෙන් වාර්තා වෙමින් තිබේ.

Read More

මෙම සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, මඩකලපුව ප්‍රදේශයේ තරුණ පිරිස් හමුවූ අවස්ථාවේදීය. සිය නැගෙනහිර සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයට පැමිණියේය. එහිදී පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක්වූ අතර ඔවුන් සිය ගැටලු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේය. ප්‍රශ්නය – නැගෙනහිර පළාතේ පමණක් පෙර පාසල් 1800 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. නමුත් එහි ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. ඔවුන්ගේ දිමනාව වැඩි කිරීමට අදහසක් තිබෙනවාද? ජනාධිපතිවරයා – “පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500කින්…

Read More

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයින් 08දෙනා එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් අද (24) හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කර තිබුණි. හංවැල්ල පොලීසිය මගින් අදාළ සැකකරුවන් දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ. නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටීමක් සිදු නොවූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය. ඒ අනුව අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි‍.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඒ මහතා මෙලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Read More

මාතර පොලිස් වසමේ මැද්දවත්ත ප්‍රදේශයේ බැංකුවක් ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ. පොලීසියට ලද පණිවිඩයක් අනුව ඊයේ(23) උදෑසන මෙම මළසිරුර සොයා ගෙන ඇත. මියගිය පුද්ගලයා උස අඩි 05 අඟල් 04ක් පමණ වන සිහින් සිරුරක් සහිත තළෙළු පුද්ගලයෙක් බව පොලීසිය පවසයි. මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Read More

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත 6 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙලෙස පිටත්වීමට නියමිත ව බව මන්ත්‍රීවරයා පැවසුවේය. මෙම ශ්‍රී ලාංකික දුත පිරිස සහ රුසියානු රජයේ නියෝජිතයින් අතර නිල හමුව අනිද්දා (26) දිනයේ දී මොස්කව් නුවරදී පැවැත්වෙනු ඇති. එදින උදෑසන රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමගත් සවස්වරුවේ රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සමගත් මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එහිදී රාජ්‍ය තාන්ත්‍රක සාකච්ඡා වට කිහිපයක් ම පැවැත්වීමට නියමිත බව ගාමිණී…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

Read More

කුරුළු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසන්නේ රටවල් කිහිපයක යළි හිස ඔසවා ඇති කුරුළු උණ රෝග කාරක වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. පළමුවරට අමෙරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව ද මෙම රෝගය වාර්තාවීම දරුණු තත්ත්වයක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. එසේ වුවත් මෙරට තුළ ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ඇති බැවින් කුරුළු උණ රෝගය පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව…

Read More

හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 8දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ (23) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදුන්නේය. මේ අතර එම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙයි. 16 හැවිරිදි පාසල් සිසුවියක් ඇයගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් සමූහ දූෂණයකට ලක්කිරීමේ සිදුවීම ඉකුත් 21වනදා වාර්තා වුණේ හංවැල්ල ජල්තර ප්‍රදේශයෙනි. අදාළ දැරිය ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතාගේ නිවසේදී ඔහු සමග ලිංගිකව එක්ව ඇති අතර පසුව පෙම්වතාගේ මිතුරන් දෙදෙනෙකුද ඇය සමග ජල්තර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින ආදාහනාගාරයකදී ලිංගිකව එක්ව ඇති බව සඳහන් ය. පසුව ඔවුන්ගේ තවත් මිතුරන් තිදෙනෙකු…

Read More