Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් දැරියක්ව සමූහ දූෂණය කිරීමේ සිද්ධිය ගැන එළියට ආ අලුත්ම කථාව
    Featured

    පාසල් දැරියක්ව සමූහ දූෂණය කිරීමේ සිද්ධිය ගැන එළියට ආ අලුත්ම කථාව

    By LFNJune 24, 2024No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 8දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ (23) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදුන්නේය.

    මේ අතර එම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙයි.

    16 හැවිරිදි පාසල් සිසුවියක් ඇයගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් සමූහ දූෂණයකට ලක්කිරීමේ සිදුවීම ඉකුත් 21වනදා වාර්තා වුණේ හංවැල්ල ජල්තර ප්‍රදේශයෙනි.

    අදාළ දැරිය ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි සිය පෙම්වතාගේ නිවසේදී ඔහු සමග ලිංගිකව එක්ව ඇති අතර පසුව පෙම්වතාගේ මිතුරන් දෙදෙනෙකුද ඇය සමග ජල්තර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින ආදාහනාගාරයකදී ලිංගිකව එක්ව ඇති බව සඳහන් ය.

    පසුව ඔවුන්ගේ තවත් මිතුරන් තිදෙනෙකු ද එහි පැමිණ ඇයව දූෂණයට ලක්කර ඇති බව වාර්තා විය.

    අනතුරුව සිය නිවස කරා යෑමට එම දැරිය සැකකාර තරුණයන්ගෙන් මුදල් ඉල්ලා ඇතත් ඔවුන් ඇයට ලබාදී තිබුණේ රුපියල් 40ක් පමණයි.

    කෙසේවෙතත් ඔවුන් යතුරු පැදියකින් දැරිය ආටිගල මංසන්ධියට ගෙනැවිත් දමා තිබුණි.

    අනතුරුව නිවසට යෑමට නොහැකිව හඬමින් සිටි දැරියව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හමුව තිබුණේ ඒ අතරවාරයේදීය.

    සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය (22) රාත්‍රීයේ අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ වනවිට සැකකරුවන් 8දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ දැරියගේ පෙම්වතාද ඒ අතර වෙති.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමපටබැඳි මෙනවිය විසින් හංවැල්ල පොලිසියට ඊයේ අවසර ලබාදුන්නා.

    එමෙන්ම සිදුවීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙක් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ අතර මේ වනවිට රෝහල්ගත කර සිටින දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඇය සිදුවීමෙන් පසුව සිය පෙම්වතාට යැවූ කෙටි පණිවුඩයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

    එහි සඳහන්ව ඇත්තේ “ඔය දෙන්නට මුකුත් වෙන්න දෙන්නේ නැහැ” යනුවෙන්.

    පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පණිවිඩයෙන් දැරිය සිය පෙම්වතා සහ ඇයව සිදුවීම සිදු වූ ස්ථානයට රැගෙන ගිය තරුණයාව බේරාගන්නා බවට අදහස් කර ඇති බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පමත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ හංවැල්ල පොලිසිය මගින් සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.