Author: LFN

මූතූර් පොලිස් වසමේ මූතූර් 5 ප්‍රදේශයේ දී පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (25) සවස ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති බවය. එහිදී පාසලට යාබඳ නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පාසල් සිසුන්ට හා ගුරුවරයාට බඹරු දෂ්ඨ කර ඇත. එහිදී සිසුන් 22ක් හා සිසුවියන් 8 දෙනෙකු මෙන්ම ගුරුවරයා ද මූතූර් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Read More

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද අලුයම 3.30 නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සඳහා වඩාත් සැලකිලිමත් වන ලෙස අදාළ නිවේදනයේ දැක්වේ. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැ.කි.මී 65 – 75 දක්වා ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.…

Read More

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනුකර තිබෙන පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබෙන නඩුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර තිබුණි. ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන්, මායාදුන්නේ කොරයා සහ චමත් මොරායස් යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය. තවද අදාළ නඩුව සැප්තැම්බර් මස 25 වනදා විභාගයට ගැනීමට විනිසුරුවරයා විසින් දින නියම කළේය.

Read More

බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බවද වාර්තා වෙයි. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩිතබා ඇති බවත් ඉන් 5 දෙනෙක් මියගොස් ඇති බවත් ය.

Read More

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් සහ මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටී. සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහනෙහි අම්පාර දිස්ත්‍රික් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉඩම් උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවය. සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණේ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදීය. එහිදී සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,758ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු පිරිනැමුණි.

Read More

ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති සහ ලේකම් තනතුරු දරන විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ. මේ අතර අධිකරණ සේවා සංගමය පෙරේදා නිවේදනය කළේ, අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අධිකරණ දුන් තීන්දුවලින් අතෘප්තිමත් වූ විජයදාස රාජපක්ෂ මහතා අපක්ෂපාතී විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක නිරත වී සිටින බවය. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදුකරන ලද වගකීම් විරහිත ප්‍රකාශ තුළ අධිකරණයේ…

Read More

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබේ. පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරත් ඇත. පෙත්සම්කරුවන් කියා සිටින්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කළ නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීතිඥවරයෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ බවය. එම පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර…

Read More

පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිපවැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07ක සිරදඬුවම් නියම කර තිබේ. ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු බවත් සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් ය. එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසරක සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ දැක්වෙන බව වාර්තාවේ. මෙම නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම…

Read More

2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර ඇත. එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගවල උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා ගෙවනු ලබන දීමනා ප්‍රතිශතයාත්මකව ඉහළ දැමීමට අනුකමිටු නිර්දේශය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වේ. තව ද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වු මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට ගුරු වෘත්තීය සමිති දැනුම්වත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරන ලද යෝජනාව කොමිසම විසින් සලකා බලා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට නියමිතය. මේ අතර 2022 වර්ෂයට වඩා 2024 වර්ෂය වන විට අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය අභ්‍යාස පොත් හා උපකරණ මිල අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව…

Read More