Author: LFN

රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කළේය. මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වෙයි. ඊට අදාළ චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වෙන බවද දැනුම්දෙයි.

Read More

මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය. මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින් ඔන්ලයින් හරහා මුල්‍ය ජාවාරමක් සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත ඊට අදාළව විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අද පස්වරුවේ තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ නිවසක් විමර්ශන නිලධාරීන් විසින් වටලනු ලැබීය. එහිදී ඉන්දීය ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර,…

Read More

2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය පවත්වන දින නිවේදනය කර තිබේ. ඊට අනුව පළමු කුඹල් පෙරහැර 2024 අගෝස්තු මස 10 වනදා ආරම්භ කෙරෙන අතර අවසන් මහ රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා වීදි සංචාරය කෙරෙයි.

Read More

ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමට අවශ්‍ය ප්‍රධාන අදියර තුනෙන් අදියර 2ක් මේ වනවිට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ ඉතිරිව ඇති අනෙක් අදියර වන පෞද්ගලික බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් ණය ගෙවන කාලය ආසන්න වශයෙන් 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුවන බවත්ය. “නැවත ආර්ථිකය යථාවත් කිරීමේදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ වෙනුවෙන් රටේ ජනතාව විශාල කැපකිරීම් රාශියක් කළා. ජනාධිපතිතුමා දීපු නායකත්වය මේ රටේ ආර්ථිකය ගැන සම්බන්ධයෙන් නැවත බලාපොරොත්තුවත් ඇති කර ගැනීමට හැකි වුණා. මෙතන වැදගත් වෙන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන්…

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබේ. අද (27) එම පෙත්සම සලකා බැලීම සිදුකළ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු ඉදිරිපත් කළේය.

Read More

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පරිසර සංවිධාන කිහිපයක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.

Read More

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික හමුදා සෙබළෙකු ජීවීතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළවලට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉන්දීය ධීවරයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නාවික හමුදාව පවසයි. පසුගිය 25 වනදා යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම යාමේ දී ඉන්දීය ධීවර යාත්‍රාව කලහකාරී ලෙස හැසිරවීම හේතුවෙන්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යේෂ්ඨ නාවිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබිණි. ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා නාවික හමුදා භාරයට ගෙන තිබූ අතර ඔවුන්ට එරෙහිව මෙරට මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු…

Read More

මෙරට මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ වැඩි සංඛ්‍යාවක් යතුරුපැදි අනතුරු බව පොලීසිය පවසයි. රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසන්නේ දෛනිකව මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු පමණ මිය යන බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා මේ බව සඳහන් කළේය. “ලංකාවේ අනතුරුවලින් වසරකට 12,000ක් පමණ මියයනවා. ඒ අතරින් හතරෙන් එකක්ම මාර්ගයේ සිදුවන අනතුරුවලින් මියයන පිරිස. එතකොට ලංකාවේ අනතුරුවලින් දිනකට 7 දෙනෙක්, 8 දෙනෙක් විතර ජීවිතක්ෂයට පත්වෙනවා. එයින් වැඩිපුරම ජීවිතක්ෂයට පත්වෙන්නේ යතුරුපැදිවල පැදිකරුවන් සහ පසුපැදිකරුවන්. ලංකාවේ තරුණ ප්‍රජාව අවුරුදු 18 – 28 ඵලදායි තරුණ ජීවිත අහිමිවෙනවා. පසුගිය වසරේ 2,310 දෙනෙක් මියගිහින් තිබුණා. එතකොට…

Read More

හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී පුපුරනද්‍රව්‍ය තොඟයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොඟය සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී ඇමෝනියා කුඩු කිලෝ 01 ග්‍රෑම් 550ක්, සෙන්ටිමීටර් 116ක් දිග සේවා නූලක් සහ ඩෙටනේටර් 03ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37, 50 හා 60 යන වයස්වල පසුවන මිනිපේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. සැකකරුවන් මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් ඇති බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත. පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (27) උදෑසන 3.30ට නිකුත් කර ඇති අදාළ නිවේදනය ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ හේතුවෙන් ඉතා තද සුළං ඇති විය හැකි බවත් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.…

Read More