Author: LFN
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක්ව ඇප මත මුදාහැර තිබේ.
රටක අධ්‍යාපනය තුලින් යහපත් පරපුරක් බිහි කිරීමේ බාරදුර කාර්ය සිදු කරන ගුරුවන් අද වන වට විට දේශපාලන අතකොලුවක් බවට පත්වෙමින් ගුරු ගෞරවය කෙලසමින් මහින්ද ජයසිංහලා.ජෝෂොප් ස්ටාලින්ලා. සමස්ථ දරු පරපුරේ රීරි මාශය උරා බොන ගුරු ලේබලය අලවාගත්ත දේශපාලන ගිජුලිහිනියෝ වෙමින් අපේ රටේ දරු පරපුරේ අනාගතය මරා දැමීමයි. දරු පරපුරේ අනාගතය මරා දැමීම යනු රටේ අනාගතය විනාශ කිරීමයි. එදා කෝවිඩ් සමයේ පාරට බැහැලා වෛරසය ගෙනියන වාහකයෙක් වෙන්න එපා කියලා සෞඛ්‍ය අංශවලින් දැඩිව උපදෙස් නිකුත් කරලා තිබියදීත් ඒ වෙලාවෙත් ස්ට්‍රයික් කරලා රටටම කෝවිඩ් බෙදන්න දායක උනේ ඔය ගුරු වෘත්තිය සමිති මාෆියාව නෙවෙයිද?ඇත්තටම මේවට සමස්ථ ගුරුවරු අදාල නැතිවුනත් මේ වෘත්තිය සමිති මාෆියාව ඇතුලේ අහිංසක…
ජූලි 1 වනදා සිට බස් ගාස්තු සියයට 5කින් පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28කි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. සාධාරණ හේතුවක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට බොරු චෝදනා එල්ල කිරීම ,අසත්‍ය තොරතුරු එල්ල කරමින් රහස් පොලිස් නිලධාරීන්ට බාධා කිරීම,අධිකරණයට හෝ පොලිසියට පදිංචි ස්ථීර ලිපිනයක් ලබාදීමට අපොහොසත් වීම සහ අධිකරණයක් මගින් වරින්තු ලද පුද්ගලයකු වීම හේතුවෙන් සැකකරුට ඇප ලබා දිම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත්වරයා ලබන පළවෙනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරියට නියෝග කරමින් දන්වා සිටියේය. නීතිය ක්‍රියාවේ යෙදවීමේ නිරත වන රහස් පොලිසියට හා…
ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි. සිකුරාදා උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටුණි. ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබුණි. එම සිදුවීමෙන් පසු පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇත. මේ වනවිට සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.
මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහ අනෙකුත් ණයහිමි රටවල් සමග ඇතිකරගත් එකඟතා, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා පියවරක් ඉදිරියට තැබීමක් ලෙස සැලකිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම එකඟතා ඔස්සේ ඩොලර් බිලියන 10ක පමණ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතය. රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ ඩොලර් බිලියන 12.5ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කර හිමියන්ව එකඟ කර ගැනීම කළ යුතු බවයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇති වෙයි.
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි. ඒ ඊයේ (27) පැවති අවසන් පුර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 68කින් ජයගැනීමත් සමගය. තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුනි. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය. නායක රෝහිත් ශර්මා පන්දු 39කදී ලකුණු 57ක් රැස් කළේය. ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 103ක් පමණයි. ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක්…