Author: LFN

හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රීයේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. 1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්පන්දන් මහතා මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි. ආර්.සම්පන්දන් මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1977 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. එමෙන්ම ඔහු 2015 වසරේ සැප්තැම්බර් 03 වන දින සිට 2018 දෙසැම්බර් 18 වන දින දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය. මේ අතර ආර්. සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු…

Read More

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 344කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 379කි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් රුපියල් 355 දක්වා අඩුකර ඇත. ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස්කර නොමැත. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 317ක් වන අතර භූමිතෙල් මිල රුපියල් 202 කි.

Read More

මෙම වසරේ සහ එළඹෙන වසරේ මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කෙසේනමුත් ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නම් හැකියාවක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය මූල්‍යම පහසුකම් නොමැති බවත් ජනාධිපතිවරා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30) මාතර පැවති ”එක්ව ජයගමු” ජන රැලියට එක්වූ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ කුණාටුවකට මුහුණ දුන් ශ්‍රී ලංකාව නමැති නෞකාව තමන් මේ වන විට සුරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් ඇති බවත් එය පැන ගිය කපිතාන්වරයකුට යළි බාරදෙන්නේ ? නැත්නම් මේ ආකාරයට ඉදිරියට රැගෙන යන්නේ ද ? යන්න තමා ජනතාවගෙන් විමසා සිටින බවයි. ”එක්ව ජයගමු” මැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…

Read More

මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මේ වනවිට මියගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තහවුරු කරයි. ඒ අනුව මියගොස් ඇති ධීවරයින් ගණන 5කි. ඩෙවොන් 5 යාත්‍රාවේ අසාධ්‍යව සිටි දෙදෙනෙක්ව අද (30) සිංගප්පුරු වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන තිබුණි. ඉන් එක් අයෙක් මියගොස් ඇති බවට වාර්තා වූ බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

Read More

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (30) පෙ.ව 6.00 එම නිවේදනය නිකුත්කර ඇත. අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහා එම නිවේදනය නිකුත්කළ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 06ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 68 අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි බවය. ඒ හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල…

Read More

බලන්ගොඩ සිට මහනුවර දක්වා ධාවනය කරවමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පසුපස රෝදවල ඇණ බුරැල්විම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට බස් රථයේ රියදුරා සමත්වී තිබේ. එම අවස්ථාවේ බස් රථයේ මගීන් 100කට ආසන්න පිරිසක් ගමන්කර තිබුණි. බලන්ගොඩ ඩිපෝවට අයත් එම බස් රථයේ රියදුරු ලෙස අජිත් කුමාර මහතා කටයුතු කර ඇති අතර ඔහුගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවන්නට ගිය අනතුර වළක්වා ගෙන තිබූ බව අප වාර්තාකරු පැවසීය. අද උදැසන 6.50ට පමණ මහනුවර බලා බලන්ගොඩ නගරයෙන් එම බස් රථය පිටත්ව ගොස් තිබේ. රෝදවල ඇතිවූ ඇති වු දෝෂයත් සමග බස් රථය, රියදුරුගේ පාලනයෙන් ගිලිහී යෑමට පටන් ගෙන තිබූ අතර එහිදී රියදුරු බස්…

Read More

අද (30) මධ්‍යම රාත්‍රී සිට බස් ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසා සිටියේ, ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව එය ක්‍රියාත්මක වන බවයි. බස් ගාස්තු 5.27%කින් අඩුකරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වෙන බවත් ඔහු සඳහන් කළේය. “ආණ්ඩුව පිළිගත්තා මින් ඉදිරියට ඒ කියන්නේ අද (30) මධ්‍යම රාත්‍රියේදී සිදුවෙනවා නම් ඩීසල් මිලෙහි අඩුවීමක් මේ අඩුවීම කිසිසේත් බස් ගාස්තු අඩුවීමකට බලපෑමක් සිද්ධ කරන්නේ නෑ කියන එකඟතාවය මත මේ 5.27%ක බස් ගාස්තු අඩුවීමකට අපි එකඟ වන්නේ. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුව විසින් යම් යම් චක්‍රලේඛ ගෙනල්ලා මේ…

Read More

රාත්‍රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබේ. පීලි පැනීමට ලක් වු දුම්රියේ එන්ජිම නාවලපිටිය සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් පීලිගත කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය පීලි පැනීමෙන් අද (30) අලුයම සිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

Read More

ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ දියේ ගිලීම් සිද්ධි 3කින් අවුරුදු 05ක කුඩා දරුවෙකු සහ තවත් අයෙක් මියගොස් ඇති අතර 14 හැවිරිදි සිසුවෙක් අතුරදන්ව තිබේ. ඊයේ (29) එම සිදුවීම් වාර්තා වූ බව පොලීසිය පවසයි. කඳාන පොලිස් වසමේ උතුරු බටගොඩ ප්‍රදේශයේ පිහිටි උද්‍යානයක පිහිණුම් තටාකයක දිය නාමින් සිටි කුඩා දරුවෙකු දියේ ගිලී මියගොස් ඇත. එසේ මියගොස් ඇත්තේ, දෙමටගොඩ, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. එම දරුවා ඇතුළු තවත් දරුවන් කිහිපදෙනෙකු සමග පිහිණුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙසේ දියේ ගිලී ඇත. දරුවාගේ පියා විසින් දරුවාව ජාඇල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය…

Read More

ත්‍රිකුණාමලය නිලාවැලි ප්‍රදේශයේ Rolex Guest House Nilaveli හෝටලයේ නවාතැන් ගෙන සිටි ඊශ්‍රායල ජාතික කාන්තාවක් පසුගිය 26 වන දා සිට අතුරුදන්ව ඇති බවට හෝටල් හිමියන් ඊයේ (29) වන දින පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත. පසුව පොලිසිය හා යුද හමුදා බුද්ධි අංශය නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුමකදී යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ ( 29) සල්ලි කෝවිල අසල කැලෑ කන්දේ සිටියදී අදාල කාන්තාව සොයාගෙන ඇති අතර, පසුව ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව උප්පුවේලී පොලිසිය වෙත භාර දී ඇති බවට වාර්තාවේ.

Read More