Author: LFN
ඊයේ (01) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමක් සිදුකර නොමැත. ඒ අනුව එම කොට්ඨාසය ඇයට දැනුම්දී ඇත්තේ ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන බවය. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුවය. ඊට අදාළව ජුනි 18 වනදා කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරින් කියා සිටියේ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 780ක් වැය කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ජීප් රථය මිලදී ගෙන ඇති අතර තවත් රුපියල් මිලියන 148ක…
ඩෙවෝන් – 5 බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා ඇතුළු මියගිය ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සානුකම්පිතව සළකා බලා සුදුසු වන්දි මුදලක් ගෙවීම සඳහා කටයුතු කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා මෙම අවාසනාවන්ත මරණයන් සිදුවූ බවට පැවසෙයි. මේ අතර ඩෙවෝන් – 5 යාත්‍රාවේ තිබු යාත්‍රා නිරීක්ෂණ ආපදා බොත්තම ක්‍රියාත්මක කර ආපදාව පිළිබඳව දැනුම්දීමට කටයුතු කර නොමැති වීමද කනගාටුදායක කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. ඒසේ දැනුම් දුන්නා නම් මීට වඩා කඩිනමින් මුදාගැනීමේ කටයුතු සිදුකිරීමේ අවස්ථාවක් තිබූ බවද අමාත්‍යවරයා පැවසීය. ඩොවෝන් – 5 යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 360ක් එනම්…
ප්‍රංශ මහා මැතිවරණයේ පෙරමුණ ගැනීමට මරීන් ලා පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂය සමත්ව තිබේ. එහිදී ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ සන්ධාන පක්ෂය දැවැන්ත පසුබෑමක් ලබා තිබීම ද විශේෂත්වයකි. මේ අතර දක්ෂිණාංශික පක්ෂය ලැබූ ජයග්‍රහණයට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් පැරිස් අගනුවර වෙත රැස්ව සිටී. ඔවුන් සහ කැරලි මර්දන නිලධාරීන් අතර ගැටුමක් ද හටගත්තේ තිබුණි.
අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත අද (01) උදෑසන රැගෙන ගියේය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය. 1933 පෙබරවාරි මස 05 වැනිදා උපත ලද රාජවරෝදියම් සම්පන්දන් මහතාව කවුරුත් හඳුනාගෙන සිටියේ ආර්. සම්පන්දන් ලෙසය. යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු තවත් පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය හදාරා තිබුණි. වෘත්තියෙන් නීතීඥවරයකු වූ ඒ මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමුවරට…
මොනරාගල, දොඹගහවෙල පොලිස් බලප්‍රදේශයට අයත් හෙරලි ගස්යාය ප්‍රදේශයේ දී ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් මවට ඇගේ බාල පුත්‍රයා විසින් අමානුෂික ලෙස පහර දී තිබේ. පහරදීම හේතුවෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මේ වනවිට අදාළ මව ව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත. පහරදීම සිදුකළ සැකකාර පුත්‍රයා මේ වන විට ඔහුගේ බිරිඳ සහ දරුවාද සමඟින් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුට මව සහ පියා විසින් ඉදිකළ නිවස සහ ඉඩම ද ලබා දී තිබේ. ඒ අනුව මව්පියන් කුඩා නිවසක් ඉදිකර ගෙන එම වෙන්ව ජීවත්ව ඇත. රාත්‍රි ආහාරය වෙනුවෙන් ඉඩම ආසන්නයේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩා ගැනීමට උරණ වූ මෙම පුත්‍රයා…
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ. අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකර ඇත. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ. ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය. පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වේ.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. තුවාලකරුවන් මේ වනවිට වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
දියේ ගිලී අවුරුදු 17ක සිසුවෙක් අතුරුදන් වී තිබේ. ඊයේ (30) සවස ගල්කිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු අතරින් තිදෙනෙකු දියවැලකට හසු වී ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේ දී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දෙදෙනෙකුව බේරාගෙන තිබේ. නමුත් එක් අයෙකු දියේ ගිලි අතුරුදන් වී තිබේ. අතුරුදන් වී ඇත්තේ 17 හැවිරිදි අබේසේකර මාවත, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වු සිසුවා සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (01) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා පැවසුවේ, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවය. කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේය.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුද ප්‍රදේශය ඉතා රළු විය හැකිය. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට…