Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අභාවප්‍රාප්ත සම්පන්දන්ගේ දේහය බොරැල්ලට
    Featured

    අභාවප්‍රාප්ත සම්පන්දන්ගේ දේහය බොරැල්ලට

    By LFNJuly 1, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත අද (01) උදෑසන රැගෙන ගියේය.

    කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

    මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

    1933 පෙබරවාරි මස 05 වැනිදා උපත ලද රාජවරෝදියම් සම්පන්දන් මහතාව කවුරුත් හඳුනාගෙන සිටියේ ආර්. සම්පන්දන් ලෙසය.

    යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු තවත් පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය හදාරා තිබුණි.

    වෘත්තියෙන් නීතීඥවරයකු වූ ඒ මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමුවරට පාර්ලිමේන්තු වරම් දිනාගත්තේය.

    ඒ අනුව 1977 සිට 1983 දක්වාත් , 1997 සිට 2000 දක්වාත් , 2001 සිට මියෙනතුරුත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

    යහපාලන ආණ්ඩුව පැවති සමයේ වසර 3ක කාලයක් ආර්. සම්පන්දන් මහතා මෙරට පාර්ලිමේන්තුවේ 14 වැනි විපක්ෂ නායකවරයා ලෙසද පත්ව සිටියේය.

    දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් සිය හඬ අවදි කළ ආර්. සම්පන්දන් මහතා මෙරට දෙමළ දේශපාලන ව්‍යාපාරය තුළ කේන්ද්‍රීය සහ තීරණාත්මක සාධකයක් විය.

    මේ අතර ආර්. සම්පන්දන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා x සටහනක් තබමින් ශෝකය ප්‍රකාශ කර තිබේ.

    එමඟින් දැක්වෙන්නේ, අඩසියවසකට වැඩි කලක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සේවය කළ ආර්. සම්පන්දන් මහතා සියලුම ශ්‍රී ලංකිකයන්ට සම අයිතිය ලබාගැනීම සඳහා බලාපොරොත්තුවේ ප්‍රදීපයක් වූ බවය.

    එමෙන්ම සම්පන්දන් මහතාගේ අභාවය මෙරට දේශපාලන ක්ෂේත්‍රයට දැරිය නොහැකි පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සිය X අවකාශය ඔස්සේ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය ය අවසන් කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා කරුණු පැහැදිලි කළේය.

    එහිදී ඔහු පැවසුවේ හෙට (02) දිනය පුරාම ආර්. සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තබා පසුව එළැඹෙන බදාදා (03) දිනයේ දී ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තුව වෙත ගෙන යන බවය.

    පසුව එතුමාගේ දේහය ත්‍රිකුණාමලය වෙත ගෙන යන බවත් අවසන් කටයුතු සිදුකරන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉරිදා (07) දිනයේ දී අවසන් කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සුමන්දිරන් මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.