Author: LFN

ආර්. සම්පන්දන් මහතාගේ අභාවය හේතුවෙන් ජුනි 30 වනදා සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය. අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය හෙට දහවල් 2 සිට 4 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිත බවද කථානායකවරයා පැවසීය.

Read More

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ අලෙවි කරනු ලබන ඖෂධවල උපරිම සිල්ලර මිල ගණන් නිර්ණය කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව වාර්තාවේ. එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබේ. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි.

Read More

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ අන්තර්ගතය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එහි සාරාංශය… * ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇරඹුවා… * ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් * ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැපකිරීම් කළ යුතුයි…එය වේදනාකාරියි. * ණයහිමියෝ අපි කියන දේම කරන්න එකඟ වෙන්නේ නෑ… * අපේ ප්‍රකාශ කරන සමහරුන්ට ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේද ගැන අවබෝධයක් නෑ කියලා පෙනෙනවා… * අපේ ණය තිරසරභාවයක් නොමැති බව IMF කිව්වේ අපි අමාරුවේ වැටෙන්නත් කලින්… * IMF අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට වෙනස්… * 2032ක වනවිට රාජ්‍ය ණය 95%ක් දක්වා අඩුකර ගත යුතුයි… * ප්‍රතිව්‍යුහගතකරණ අභියෝගයන්ට මුහුණදුන්නේ වර්තමානයේ පවතින…

Read More

පොතුවිල් – අක්රපත්තුව මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් ඊශ්‍රායල් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (07) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පසුපස ගැටී එම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි ඊශ්‍රායල් ජාතිකයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවය. මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව පසුගිය ජුනි මස 4 වන දින අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් කරනු ලැබීය. එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩුකිරීමට පියවර ගනු ලැබු අතර ඒ අනුව එහි වර්තමාන මිල රුපියල් 3,790ක් වේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් පහත දැමුණු අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් පහත දමනු ලැබීය.

Read More

“උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති “උරුමය” ජාතික වැඩසටහනේ අදියරක් සමග පසුගිය (30) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණි. “මේ ඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි. සල්ලි ඉල්ලන්නේ නෑ. මේ හැම එක්කෙනාම අපේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට එකඟවෙන්න ඕනේ. ගොවිතැන් කරන අය. එතනට එන්න. අපි ආධාර උපකාර දෙන්නම්…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරටයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයටපත් කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළේය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් රැස්කළේය. එහිදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් මාක් චැප්මන් නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62ක් රැස්කළේය. පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක කඩුලු 03ක් දවාගත්තේය. ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට…

Read More

ප්‍රශ්නගත දුම්රිය රියදුරාගේ වැඩ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. පසුගිය (30) කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරුගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද දැනුම්දෙයි. කොළඹ සිට මහනුවර බලා පෙරේදා පෙරවරු 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය. ඔහු දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල ප්‍රදේශයේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා දුම්රිය නුවර දුම්රිය ස්ථානය තෙක් ධාවනය කර තිබුණි. පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට…

Read More