Author: LFN
රත්ගම විදුර නමැති පාතාල කල්ලි නායකයා ලවා සිය බැංකු ගිණුම්වලට මුදල් බැර කරගත් බව කියන දකුණු පළාතේ පොලිස් නිලධාරීන් පිරිසක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සැකකාර පොලිස් නිලධාරීන් අතර, මෑතකදී රත්නපුර දිස්ත්රික්කයේ පොලිස් කොට්ඨාසයකට ස්ථාන මාරුවීමක් ලැබූ උසස් පොලිස් නිලධාරියෙකුද සිටින බව පැවසෙයි. මේ වනවිට විදේශගතව සැඟව සිටින දකුණේ ප්රබල පාතාල කල්ලි නායකයෙකු වන පුබුදුමුණී විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ හෙවත් ‘රත්ගම විදුර’සමග දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමීප සබඳතා පවත්වන බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි. රත්ගම විදුර අදාළ උසස් පොලිස් නිලධාරියාගේ පෞද්ගලික බැංකු ගිණුමට විශාල වශයෙන් මුදල් බැරකර ඇති…
කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක පසුගිය (02) රාත්රියේ ජීවිතක්ෂයට පත්වුණි. පොලීසිය පැවසුවේ, මෙය සියදිවි නසාගැනීමක් බවට සැක පළ කරන බවය. මොවුන් දෙදෙනා කොළඹ 7 ජාත්යන්තර පාසලක 10 වැනි ශ්රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබුණි. ඊයේ පාසල අවසන් වී සිසුවිය සහ සිසුවා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්යස්ථානයක් වෙත පැමිණ තිබුණි. ඔවුන් එහිදී ඇඳුම් මාරුකර, පාවහන් ගලවා, ඔවුන්ගේ පාසල් බෑග්ද එම මධ්යස්ථානය තුළ තබා නිවාස සංකීර්ණයේ 67 වැනි මහලට ගොස් ඇත්තේ පිටතින් ඇති තරප්පු පෙළ භාවිත කරමින්. පසුව ඔවුන්ගේ සිරුරු හමුවුණේ මහල් නිවාස සංකීර්ණයේ…
ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවන දින වකවානුව සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (03) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණි. ඒ, මොරටුව ප්රදේශයේ පදිංචි ව්යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි. ව්යවසායකයකු වන සී.ඩී. ලෙනව මහතා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කළ පෙත්සමෙන් දක්වා තිබුණේ 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් අපැහැදිලිතාවයක් නිර්මාණය වී ඇති බවය. 2015දී බලයේ සිටින ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් දක්වා අඩු කරන විට එය ජනමත විචාරණයකට යොමු කළ යුතු වුවත් එසේ සිදුවී නොමැති බව පෙත්සම්කරු පෙන්වා දෙයි. ඒ…
සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අංශ සඳහන් කරයි. ඊයේ (03) පෙරවරුවේ සෞඛ්ය ප්රවර්ධන කාර්යංශයේ පැවති මාධ්ය හමුවකට එක් වෙමින් ජාතික රෝහල් සම පිළිබඳ විශේෂඥ වෛද්ය ඉන්දිරා කහවිට මහත්මිය ඒ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ විශේෂඥ වෛද්ය ඉන්දිරා කහවිට මහත්මිය, “ලෝක සෞඛ්ය සංවිධානය සහා ශ්රී ලංක සෞඛ්ය අමාත්යාංශය අතර වැඩපිළිවෙළක් යනවා රසදිය පාවිච්චිය සම්පූර්ණයෙන් නැති කරන්න. ඒ කියන්නේ රසදිය ප්රමාණය බිංදුව වෙන්නේ ඕනේ. දැන් මේවා පාවිච්චි කරන්නේ එක තැනකට නෙමෙයිනේ මුළු ඇඟේම. මුළු සිරුරෙම විශාල රසදිය ප්රමාණයක් අලේප කළාම ඒක සම…
පාසල් අධ්යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්රව අධ්යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ කඩාකප්පල්කාරී ක්රියාවලට තමා ඉඩ නොතබන බවය. “විනයක් ඇතුව වැඩකරන්න. විනයක් නැතුව අධ්යාපන සේවයක් ගෙනියන්න බැහැ. මීට ඉස්සර ඇති වුණ වර්ජන… පාසල්වල ඒ වර්ජන හොඳ නෑ. හේතුවකුත් නැහැ. 2022දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එකම පඩි වැඩිවීම දුන්නේ මේ ක්ෂේත්රයේ. මේ අවුරුද්දේ අපි හැමකෙනාටම රුපියල් 10,000 දීමනාවක් දුන්නා දෙපාරකට. අන්න ඒක කරලත් එදා වැඩවර්ජනයක් තිබ්බා පංති කාමරවලට ආවේ නැහැ. ඊළඟ දවසේ…
කේරළ ගංජා සහා මත් පෙති තොගයක් පුලෝලි ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. කේරළ ගංජා කිලෝ 1යි ග්රෑම් 200 ක් සහ මත් පෙති කාඩ්පත් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් “ඩෙවොන් 05” ධීවර යාත්රාවේ ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙන විත් තිබේ. අද (03) උදෑසන අදාල මළ සිරුරු රැගත් යාත්රාව තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය. කාර්මික දෝෂයට ලක් ව තිබු එම යාත්රාව තවත් යාත්රාවක් යොදා ගනිමින් තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ. මහෙස්ත්රාත්වරයා පැමිණ මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණය පවත්වන තෙක් අදාළ මළ සිරුරු යාත්රාවේම තබා ඇති බව තංගල්ල පොලීසිය සඳහන් කළේය. මහෙස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ මළ සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙන යාමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව පැවසෙන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධකරණය නියම කළේය. එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්රණය ජූලි මස 29 වනදා පැවැත්වීමටද දින නියම කළේය.
ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවයේ III ශ්රේණියේ සාමාන්ය සේවක තනතුරු සඳහා 60 දෙනෙකුට පත්වීම් ලබාදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී එම උත්සවය ආරම්භ වූ බව ජානාධිපති මාධ්ය ඒකකය සඳහන් කරයි. මෙම පත්වීම්වලට අමතරව උපාධිධාරීන් 1,706 දෙනෙකුට සහ ඉංග්රීසි ඩිප්ලෝමාධාරීන් 453 දෙනෙකුට ජාතික පාසල්වල ගුරු පත්වීම් ලබාදී තිබේ.
නාමල් කරුණාරත්න මහතා ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ දෙකකින් නියෝගයක් නිකුත් කර තිබේ. අද (03) දින කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව මෙම නියෝග නිකුත් කර ඇත්තේ කොටුව මහෙස්ත්රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය විසිනි. සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරිගොවින් සුරකිමේ මධ්යස්ථානය හා වෘත්තිය සමිති විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළ මෙම නියෝග නිකුත් කෙරුණි. ඒ අනුව නාමල් කරුණාරත්න, ටි.බි සරත්, සුසන්ත කුමාර, සුමිත් අත්තනායක, බණ්ඩාර රඹුක්වැල්ල, සොසිරි රණසිංහ, නිලන්ත සිල්වා, සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරි ගොවීන් සුරකිමේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ප්රධාන ලේකම්, කිරි ගොවින් සුරකිමේ මධ්යස්ථානය ලේකම්, ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ශ්රී ලංකා පොදුජන සේවක…