Author: LFN

මාස 05ක කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු දින 7කට තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් මෙලෙස තහනම් කර ඇත්තේ ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු 3කි. ඒ අනුව, පසුගිය ජුනි මස 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ සැමියාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125ක වටිනාකමින් යුත් ස්ථාවර තැන්පත් ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු හේතුවෙන් දින 7ක් සඳහා තහනම්…

Read More

මාස 2ක බිළිඳෙකුට කිරි හිරවීම නිසා රෝහලට රැගෙන ඒමෙන් පසු අදාළ රෝහල බිළිඳාව භාර නොගැනීම හේතුවෙන් වෙනත් රෝහලකට රැගෙන යන අතරතුර බිළිඳා මියයෑමේ සිද්ධියක් වාර්තා විය. මාතර දිස්ත්‍රික් නව රෝහලට රැගෙන ආ බිළිඳාව එලෙස භාරගෙන නොතිබුණු බව වාර්තා විය. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කඹුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි ඔසඳ ආකිෂ් නමැති මාස 2යි දින 27ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනාගේ වැඩිමහල් බිළිඳාය. පසුගිය (03) අලුයම් කාලයේදී මෙම දරුවාට කිරි ලබාදී ඇති අතර එහිදී කිරි සිරවීමක් සිදුවී ඇත. දෙමව්පියන් විසින් ත්‍රීරෝද රථයකින් බිළිඳාව වහාම මාතර කොටවිල ප‍්‍රදේශයේ පිහිටා ඇති මාතර දිස්ත්‍රික් නව රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. මව්පියන් පවසන පරිදි, එහිදී ආරක්ෂක නිලධාරීන්…

Read More

යුක්තිය 2 මෙහෙයුමට සමගාමීව සෝදිසි මෙහෙයුමක් අද (04) උදෑසන අම්බලන්ගොඩ ආඳාදොළ ප්‍රදේශයේදී සිදුකළේය. ඒ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක්වුණි. එම මෙහෙයුමේදී පාසල් ශිෂ්‍යයෙක් අපහරණය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ. ඊට අමතරව එම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 5 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. එමෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරයේ විශ්වාස කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ව්‍යාපාරිකයෙකු වන දයාන් ලෙනව මහතා විසින් ඊයේ (03) ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එම පුද්ගලයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර තමාගෙන් හෝ තමාගෙන් නීතිඥයින් සමග මේ සම්බන්ධයෙන් කිසිදු…

Read More

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත. එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි. අනතුරින් බස් රථයේ බද කොටසට දැඩි හානි සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවති…

Read More

අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කරන බව පොලීසිය පවසයි. මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය. අද දිනයේ කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරෙන බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Read More

වැටලීමකට ගිය අවස්ථාවේ තලාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට පහරදීමක් සිදුව තිබේ. ඊයේ (03) රාත්‍රී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ එහි සිටි කිසියම් පුද්ගලයෙකු විසින් ස්ථානාධිපතිවරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ. පහරකෑමෙන් තුවාල ලැබු ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. පහරදීම සිදුකළ සැකකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මරණ දඬුවම නියමවී සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමේදී රටින් පළාගොස් තිබේ. එලෙස ඇයව අත්අඩංගුවට ගැනීමට සූදානම්වී ඇත්තේ, ඇය විසින් උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 30ක පමණ රන් භාණ්ඩ තොගයක් උකස් කළ බවට තහවුරුවීමත් සමගය. ඒ අනුව ඇය දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. මේ අතර, වාසනා දිල්රුක්ෂි නම් අදාළ කාන්තාවටත් දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන්ගේ හා ඔහුගේ බිරියටත් අයත් දේපළ පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළ නීති කෘත්‍ය එළැඹෙන 25වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී ආරම්භවීමට නියමිතයි. ඔවුන්ට අයත්…

Read More

වීරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක එක්දරු මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝග්‍රෑම් 15ක් පමණ වූ ගෙඩියක් සාර්ථක ලෙස සැත්කමක් මගින් ඊයේ (03) ඉවත් කර තිබේ. ඒ, හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි. සැත්කමට භාජනය වූ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More