Author: LFN

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලැබෙන බව ජනාධිපතිවරයා පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණයහිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණයහිමියන් එකඟවී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය. ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බව ජනාධිපති පෙන්වා දෙයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමට ඊයේ (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ…

Read More

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය. එම මාධ්‍ය සාකච්ඡාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එක්වී සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “ස්වෛරී බැඳුම්කරවලින් ගත්ත විශාල ණය ප්‍රමාණයක් තියෙනවා බිලියන 14ක් පමණ. එකෙන් 12.5ක ණය ලබා දීපු අයත් එක්ක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවා. අපිට පුළුවන් වුණා…

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද (05) පෙරවරුවේ කොළඹදී විවෘත කළ අවස්ථාවේදීය. එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

Read More

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාරගත්තේය. පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර ඔහු එම කටයුත්ත සිදුකළේ ඉන් අනතුරුව ය.

Read More

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. අද (05) උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබුණි. එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කර මෙම තීරණය ගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ උතුර-මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග…

Read More

කෙරවලපිටිය – යුගදනවි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ගෙන යන දැවිතෙල් සොරකම් කර ඒවා වෙනත් ආයතනවලට විකුණන ජාවාරමක් වැටලීමට කොළොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශය ඊයේ (04) සමත් වුණි. මෙම වැටලීමේදී, සොරකම් කරන ලද දැවිතෙල් ලීටර් 33,000ක් සමග බවුසර් රථයක් සහ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති දෙවැනි විශාලතම තාප විදුලි බලාගාරය වන කෙරවළපිටිය යුගදනවි බලාගාරය මගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට සම්ප්‍රේෂණය කරයි. මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා භාවිත කෙරෙන දැවිතෙල් සොරාගන්නා ජාවාරමක් පිළිබඳ වත්තල, බෝපිටිය ප්‍රදේශයෙන් තොරතුරු අනාවරණය විය. ඒ අනුව හෙළිවී ඇත්තේ, යුගදනවි බලාගාරයට රැගෙන යන දැවිතෙල් වත්තල, බෝපිටිය ප්‍රදේශයේ බවුසර් රථ…

Read More

ජාත්‍යන්තර බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව සහ ණයහිමියන් පසුගිය (03) එකඟතාවකට පැමිණ තිබේ. ඒ යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිතය. විදෙස් ද්වීපාර්ශ්වික ණය සහ දේශීය ණය දැනටමත් ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ඇති අතර බැඳුම්කර ණය සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ණයහිමියන් පෙරේදා එකඟතාවකට පැමිණියේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අදියර ද සාර්ථක කරගනිමිනි. ශ්‍රී ලංකාවේ මුළු ණය අමෙරිකානු ඩොලර් බිලියන 100 ක් වන අතර ඊට ඩොලර් බිලියන 57ක දේශීය ණය, ඩොලර් බිලියන 37ක විදෙස් ණය සහ ඩොලර් බිලියන 6ක ඇපකර ඇතුළත් ය. විදෙස් ණය ඩොලර් බිලියන 37 තුළ ද්වීපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහු පාර්ශ්වීය ණය ඩොලර් බිලියන 11.7ක්…

Read More

කොම්පඤ්ඤ වීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව විවෘත තීන්දුවක් දෙමින් ඔවුන්ගේ දේහ ඥාතීන් වෙත භාරදී ඇති බවය. මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණේ කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රෙණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් සහ සිසුවියකි. ඔවුන්ගේ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදී සොයා ගැනුණු අතර, එම යන්ත්‍රවල ගැටීම හේතුවෙන් සිරුරුවලට බරපතළ හානි සිදුවී තිබුණි. මෙම සිසුවා සහ සිසුවිය අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී…

Read More