Author: LFN

තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ එම සංකේත වර්ජනය මධ්‍යම තැපැල් හුවමාරුවේ අද (07) සවස 04 සිට ආරම්භ කිරීමට තීරණය කළ බවය. එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද (07) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරම්භ කරන බවද චින්තක බණ්ඩාර මහතා පැවසීය. ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඇතැම් විට ඉදිරියේ දී ඒ හේතුවෙන් මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බවය. කඩිනමින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව උපුල් රෝහණ මහතා පවසයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…

Read More

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙමෙයි. ඒ වගේම අපි බයත් නෑ ණයත් නෑ කියලා සඳහන් කරන්නේ ඉතාම ගෞවරයෙන්. අපේ පක්ෂයේ සියලුදෙනාම තීන්දුවක් අරගත්තා ඒ අවස්ථාවේ හැටියට මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඔබතුමාට කියලා. අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා. ඉදිරියටත් ඒ සහයෝගය…

Read More

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා නිල සංචාරයක් සඳහා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඒ අනුව, දෙදින නිල සංචාරයක් සඳහා හෙට (07) දිනයේ දී විදේශ අමාත්‍යවරයා සිංගප්පුරුව බලා යාමට නියමිතය. සිංගප්පුරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියම් බාලක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එම සංචාරයේ නිරත වෙයි. දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් විදේශ අමාත්‍යවරයා එම සංචාරයේදී සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත. හෙට සහ අනිද්දා යන දෙදෙන තුළ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පවත්වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජුලි 09වනදා සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත “2024 රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිපික් සමුළුවට” සහභාගී වීමට නියමිතය.

Read More

ඉරානයේ 9වන ජනාධිපතිවරයා ලෙස මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් තේරී පත්වී තිබේ. ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ පවා ප්‍රසාදය හිමිකරගත් සයිඩ් ජලීලි පරාජයට පත් කරමිනි. ඉරාන ජනාධිපතිවරණය 2025 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව පැවතියත් හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවුණේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි මරණයත් සමගය. පසුගිය මැයි 28 වනදා ජනාධිපතිවරණය පැවතියත් එහිදී කිසිවෙකුටවත් සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අපොහොසත් වීමෙන් දෙවැනි මත විමසුමක් සඳහා යොමුවීමට සිදුවිය. ඒ අනුව ඊයේ පැවති ඡන්ද විමසීමෙන් මනාප මිලියන 16.5ක් දිනා ගනිමින් ජනාධිපතිවරණ සටන ජය ගැනීමට 71ක් හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකු වන මධ්‍යස්ථ මතදාරී මසූඩ් පෙසෙෂ්කියන් සමත්වුණි. ඒ ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ…

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ (06) පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 13නික් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසීය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස් කළේය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Clive Madande නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර Dion Myers ලකුණු 23ක් රැස් කළේය. පන්දු යැවීමේදී Ravi Bishnoi කඩුලු 04ක් දවාගත්තේය. ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත…

Read More

රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී එළඹෙන සඳුදා (08) සහ අඟහරුවාදා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ලංකා ගුරු සංගමය හා ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් එම වැඩ වර්ජනයේ නිරතවන බව වාර්තා වෙයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙක් අද මහානායක හිමිවරුන් බැහැදැක තිබුණි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව ලේකම් වෛද්‍ය ප්‍රභා සුගතදාස මහතා සඳහන් කර සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ යම් අරමුණු තිබේදැයි සැක පවතින බවය.

Read More

පසුගියදා දෙහිඕවිට රංගේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළුවී පවුම් 4ක පමණ රන් භාණ්ඩ සහ ලක්ෂ 4කට අධික මුදල් සොරාගත් සොහොයුරන් දෙදෙනෙකු දෙහිඕවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සොරාගත් මුදල්වලින් දෙලක්ෂ අනූ අටදහසක මුදලක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.

Read More

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් එය සිදුකළ නොහැකි බව ජනපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට ඊයේ (06) වැල්ලවායේදී එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බවය. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ පළමු සැසිය ද ආරම්භ කෙරුණි. උත්සවය පැවැත්වුණේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී ය. මෙම ප්‍රජා පොලිස් කමිටු, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් රට පුරා දියත්…

Read More