Author: LFN
මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කෑගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඒ ඔස්සේ ඉදිරියටත් විමර්ශන ආරම්භ කර ඇති බවය. බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයෙකුට අවස්ථාවක් ලබාදී නොමැති බවත් බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. “ගිය අවුරුද්දේ අපි ගේනවා ක්ෂේත්‍ර 14ක් අනිවාර්යෙන් බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුයි කියලා. මහ පරිමාණ උපකාරක පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවාවන් සැපැයීම, ඉංජිනේරු සේවාන්, මිනින්දොරු සේවාවන් ඔය 14 තුළ තියෙනවා. ඒ…
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. එමෙන්ම මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බව ද ඒ මහතා කියා සිටියේය. රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (08) පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. පවතින අයවැය ප්‍රතිපාදන මත මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත්…
ළිඳේ සිටි සුරතල් මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලුණු පුංචි පුතෙකුව බේරාගැනීමට ඔහුගේ 15 හැවිරිදි පාසල් සිසුවෙකුට හැකිවූ පුවත් පුත්තලම, මහකුඹුක්කඩවල කිවුල් ගම්මානයෙන් වාර්තා වුණි. එලෙස ළිඳට වැටී තිබුණේ පුත්තලම, මහකුඹුක්කඩවල කිවුල අංක 4 ගම්මානයේ පදිංචි වයස අවුරුදු හතරක් වූ ආකාශ් නෙතුමිණ නම් පුංචි පුතාය. ළිඳේ ජලය කැලැත්තෙන අයුරු දැක, ඒ සමග සසිඳු නිම්සර නැමති පාසල් සිසුවා ළිඳට පැන දරුවා බේරාගෙන තිබේ. තමන් සමග සෙල්ලම් කරමින් සිට නිවසට යන බව පවසමින් පිටත්ව ඇති මෙම සිව් හැවිරිදි දරුවා මොහොතකින් නිවසට නොගිය බව දැන ගැනීමේන් පසු කඩිනමින් ළිඳ ළඟට දිවගොස් ඒ තුළට එබී බැලීමේ දී ජලය කැලතෙන අයුරු දැක ඇත. සසිඳුගේ වීර ක්‍රියාව…
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සම සලකා බැලීම අද (08) දිනයේ දී සිදුකිරීමට නියමිතය. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදු කෙරේ. පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය දා නම් කෙරුණි. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙනතුරු දැනට සැලසුම් කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ව්‍යවසායකයෙකු වූ සී.ඩී. ලෙනව මහතා විසින් පසුගිය බදාදා මෙම පෙත්සම ඉදිරිපත් කළේය. මේ…
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් ලබාදී ඇති රුපියල් 25,000ක දීමනා ඉහළ නැංවීම සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය. ග්‍රාම නිලධාරි, මිනින්දෝරු, සංවර්ධන නිලධාරි, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගය සඳහා එක්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළකරමින් ඊයේ (07) පස්වරු 4…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන…
පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව පවසමින් අන්තර්ජාලයේ සංසරණයවන ලිපියක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අදාළ ලිපිය මගින් දැවැන්ත දත්ත කොල්ලයක් සිදුකිරීමට හැකියාවක් ඇති බවට ඇතිවූ සැකයක් හේතුවෙනි. ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් වූ ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය වල සංසරණය වූ අතර එය 2024 ජූලි 01 වනදා පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා නිකුත් කළ බව හැඟවෙන අයුරින් සකසා ඇත. අදාළ ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව අනාවරණ කරගැනුණේ…
නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනැවිත් ඇති බවට සැක කෙරෙන අප්‍රිකානු කැලෑ බළලෙකු කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී බලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබේ. මෙම සතා මෙරට හඳුන් දිවියාට සමාන ය. යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම සත්ත්ව විශේෂය සුරතලයට ඇති කරන අතර එබැවින් ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුම ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීන් පවසයි. බලධාරීන් පැවසුවේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම සතාව ගෙනැවිත් ඇති බවයි. මෙම කැළෑ බළලා දෙහිවල සත්වෝද්‍යානය වෙත යවා ඇති බවට වාර්තාවන අතර ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ වැඩිදුර…
පසුගියදා නිමාවට පත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් 22 හැවිරිදි තරුණයෙක් පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වී තිබේ. විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් මැතිවරණය ජයග්‍රහණය කළ සෑම් කාර්ලින් “පාර්ලිමේන්තුවේ බේබි” ලෙස හැඳින්වීමට ඉඩ ඇති බවයි. ඔහු වයඹදිග කේම්බ්‍රිජ්ෂයර් කොට්ඨාසය නියෝජනය කරමින් වැඩි ඡන්ද 39කින් ජයග්‍රහණය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිලාභියෙක් වන සෑම් අතින් පරාජයට පත්වූයේ වසර 22ක් පමණ කාලයක් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ ශයිලෙෂ් වාරා ය. තම ජයග්‍රහණය “දේශපාලන භූමිකම්පාවක්” බව පවසන සෑම්, දේශපාලනය සඳහා වැඩි වැඩියෙන් තරුණ පිරිස් පැමිණෙතැයි තමා අපේක්ෂා කරන බව පැවසීය.
අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලුම කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ. එමෙන්ම එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන දිනයන්, වේලාවන් සහ ස්ථානයන් මෙන්ම එම දිස්ත්‍රික්කයන් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ තෝරාගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවෙහි පළකිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.…