Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලේ නෑකමට එහා ගිය සහෝදරත්වය
    Featured

    ලේ නෑකමට එහා ගිය සහෝදරත්වය

    By LFNJuly 9, 2024No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ළිඳේ සිටි සුරතල් මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලුණු පුංචි පුතෙකුව බේරාගැනීමට ඔහුගේ 15 හැවිරිදි පාසල් සිසුවෙකුට හැකිවූ පුවත් පුත්තලම, මහකුඹුක්කඩවල කිවුල් ගම්මානයෙන් වාර්තා වුණි.

    එලෙස ළිඳට වැටී තිබුණේ පුත්තලම, මහකුඹුක්කඩවල කිවුල අංක 4 ගම්මානයේ පදිංචි වයස අවුරුදු හතරක් වූ ආකාශ් නෙතුමිණ නම් පුංචි පුතාය.

    ළිඳේ ජලය කැලැත්තෙන අයුරු දැක, ඒ සමග සසිඳු නිම්සර නැමති පාසල් සිසුවා ළිඳට පැන දරුවා බේරාගෙන තිබේ.

    තමන් සමග සෙල්ලම් කරමින් සිට නිවසට යන බව පවසමින් පිටත්ව ඇති මෙම සිව් හැවිරිදි දරුවා මොහොතකින් නිවසට නොගිය බව දැන ගැනීමේන් පසු කඩිනමින් ළිඳ ළඟට දිවගොස් ඒ තුළට එබී බැලීමේ දී ජලය කැලතෙන අයුරු දැක ඇත.

    සසිඳුගේ වීර ක්‍රියාව නොවන්නට පුංචි පුතාගේ දිවි අහිමි වීමට පවා ඉඩ තිබුණු බව ගම්වාසීන් පවසයි.

    දරුවා වැටී ඇත්තේ අඩි 36කට වඩා වැඩි ගැඹුරකින් යුතු අනාරක්ෂිත ළිඳකට වන අතර එහි පැති බැම්ම වර්ෂාව සමග ළිඳ තුළට කඩා වැටී ඇත.

    දියේ ගිලුණු පුංචි පුතු නිරන්තරයෙන් සසිඳුගේ නිවසට යන එන අයෙකු වන බවත් ඔහු සසිඳුගේ නිවසේ රැඳෙමින් ආහාර පවා ගන්නා බවත් පැවසේ.

    ජීවිතයක් බේරාගත් සසිඳු තමන් සිදුකළ වීර ක්‍රියාව මෙලෙස පවසන්නට වුණි.

    “චුටි මල්ලිට මම බත් කවමින් හිටියේ, එයා බත් කාලා ඊට පස්සේ වතුර බීලා ගෙදර යනවා කිව්වා. මම කුස්සියට ගිහින් පිඟාන සෝදලා එළියට එද්දි සසිදු අයියේ කියලා මල්ලී කෑ ගැහුවා. මට සැක සිතුනා මම ඉක්මනට පිඟාන තියලා එළියට දුව ගෙන ආවා සද්දයක් නැති නිසා මම ළිඳ ළඟට දිව්වා. ළිඳේ වතුරු කැලැත්නෙනවා දැක්කා. ඒ එක්කම මල්ලී ළිඳ ඇතුළෙන් උඩ මතු වුණා. මම එකපාරම ළිඳට පැනපු ගමන් උඩ ආපු මල්ලීව අල්ලා ගත්තා. ඒ එක්කම මෝටරයට දාලා තිබුණ බටයේ එල්ලුනා. ඒ එක්කම හයියෙන් කෑගහලා බේර ගන්න කිව්වා. මල්ලිගේ අම්මායි අනිත් අයයි ඇවිත් අපි දෙන්නාම අමාරුවෙන් ගොඩ ගත්තා.”

    දිවි බේරාගත් පුංචි පුතුගේ මව මෙලෙස අදහස් දැක්විය.

    “මට එකපාරම සසිඳු කෑගන සද්දයක් ඇහුනා. මම ගේ ඇතුළින් එළියට ඇවිත් බැලුවා. ළිඳ පැත්තෙන් සද්දේ ආවේ. මම එතැනට දුවගෙන ගියා. ඒ එක්කම අහල පහල කිහිපදෙනෙකුත් ආවා. ඒ වෙද්දි සසිඳු ළිඳට දාල තිබුණ වතුර මෝටරේ පයිප්ප බට අල්ලගෙන හිටියේ චුටි පුතාත් එක්ක. මට හිතා ගන්න බැරි වුනා. මමයි තව එතෙන්නට ආපු දුවලා දෙන්නෙකුයි එකතු වෙලා දෙන්නාම දෙපාරකට ගොඩ ගත්තා. ලොකු කෙනෙකුවත් කරන්නේ නැති වීර ක්‍රියාවක් සසිඳු කළේ.”

    සසිඳුගේ මව පවසා සිටියේ, පුංචි පුතාට ඇති ආදරය නිසාවෙන්ම අඩි 36 ගැඹුර තියෙන ළිඳකට සසිඳු දෙපාරක් නොසිතා පනින්නට ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 202601 Views

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ…

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.