Author: LFN

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන්ය. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන සිදු කෙරේ. මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් වරින් වර ලැබී ඇති බවය. ව්‍යාපාරිකයකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඊයේ (08) උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි. එම අවස්ථාවේ…

Read More

නීතිපති තනතුරට ජේෂ්ඨත්වය අනුව ඉහළම සුදුසුකම ඇති අයේෂා ජිනසේන මහත්මිය ඒ තනතුර නොදී හැලුවේ කුමන පදනමක් මතදැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළාය. ලෝකයාට පේන්න කාන්තාවන් සවි බල ගන්වන පනත් ගෙනාවට ප්‍රායෝගිකව ඒ දේවල් ඉටු නොවන බව පැවසූ මන්ත්‍රීවරිය කාන්තාවන්ට තැනක් දීමට මේ ආණ්ඩුව කැමති නැතැයිද සඳහන් කළාය ඇය මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

Read More

උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල් වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . බස්නාහිර පළාතේ පාසල් වල විශාල වශයෙන් ගුරු හිඟයක් පවතින බව ද අමාත්‍යවරයා කීය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි රැකිය විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් අද (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි. ගුරු විභාගයක් පවත්වා බස්නාහිර පළාතට ගුරුවරුන් බඳවා ගත්තත් විෂයානුබද්ධව බඳවා ගැනීම් සිදුකෙරෙන විට සමහරුන් අත්හැරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

Read More

රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10ක මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 14ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත. රුපියල් ලක්ෂ 85ක මුදලකට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් විකිණීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරකට අනුව එය මිලදී ගන්නා මුවා වෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අයත් බවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් මිහිජය සෙවන…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. විදුලි බල පනතට අනුව මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඊට පෙර මෙම මහජන අදහස් විමසීම සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය. ඒ අනුව අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී වාචික මහජන ලබා ගැනීමේ සැසිය සිදුකිරීමට නියමිතය. අද දිනයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියොජනය කරමින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ලියාපදිංචි වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන්…

Read More

නාඳුනන කාන්තා මළ සිරුරක් කලවංචිකුඩි, කුරුක්කල්මඩම් ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන ඇත. ඊයේ (08) උදෑසන කලවංචිකුඩි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන තිබේ. මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 05යි අඟල් 04ක් පමණ වන කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි. මළ සිරුර මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කලවංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අතුරුගිරිය පොලීසිය විසින් අදාළ ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය. වෙඩි තැබීම සිදුවූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්ය. අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් “ක්ලබ් වසන්ත” ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. එම වෙඩි තැබීමේ සිද්ධියෙන් ගායන ශිල්පි කේ. සුජීවා ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය. පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයකට…

Read More

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ. ඒ අනුව, වනිඳුට තරග මුදලින් සියයට 25ක දඩයක් සහ බිනුරට තරග මුදලින් සියයට 20ක දඩයක් නියම කෙරුණි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායම්වල ක්‍රීඩකයින්ගේ විනය පිළිබඳ මෙවර දැඩි අවධානයක් යොමු කිරීමට LPL තරග සංවිධායකයින් කටයුතු කරයි. ඒ අනුව ක්‍රීඩකයින්ගේ ඇඳුම් පැළඳුම් හා ක්‍රීඩා උපකරණ පිළිබඳවද දැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇති අතර කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අයත් නොවන හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක වනිඳු හසරංගට තරග මුදලින් සියයට 25ක…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඊයේ (09) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී ඇත. ඊයේ (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම, දෙල්මෑල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී එම වෑන් රථය සොයාගෙන තිබේ. එම වෑන් රථය අයගම දෙස සිට බුලත්සිංහල දෙසට පැමිණ ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇතැයි අප වාර්තාකරු පැවසීය. අදාළ වෑන් රථයේ ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති අතර ආදායම් බලපත්‍රයේ පිටපතක්ද ඉදිරිපස වීදුරුවේ අලවා ඇති බව වාර්තා වෙයි. ඊයේ (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක්…

Read More