Author: LFN

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා ඊයේ (12) යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

Read More

අපනයන ආර්ථිකය, නිෂ්පාදන, සංචාරක හා තාක්ෂණ අංශ මෙන්ම නවීන කෘෂිකර්මාන්තය දියුණු කිරීම තුළින් රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බවත්, ඒ සඳහා මූලික පදනම මේ වනවිට ආණ්ඩුව විසින් තබා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙස අක්කර 1,000ක පමණ වපසරියක් සහිත බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන් වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (12) පැවති උත්සවයට එක්වෙමිනි. රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. බිංගිරිය ආයෝජන කලාපය සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසුව ඇමරිකන් ඩොලර් මිලියන…

Read More

ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම භාරගත් බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි දැක්වෙයි. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, “ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවට කළයුතු උපරිමයෙන් මම කරනවා. එසේම මගේ කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වනවා…” යනුවෙනි.

Read More

අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරියන්ට තර්ජන එල්ල වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු පැවසුවේ පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ප්‍රචාරය කර එම නිලධාරීන් ඝාතනය කරන බවට තර්ජනය කර ඇති බවය. ඊයේ (11) මාධ්‍යට අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. එසේ තර්ජන තිබුණ ද කිසිදු විටෙක පාතාල මර්දනයේ යෙදී සිටින පොලිස් නිලධාරියන් පසුබට නොවන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය. විශේෂයෙන් සමාජයේ සංසරණය වන නීති විරෝධි ගිනිඅවි පොලිස් භාරයට ගැනීම සඳහා කටයුතු කරන බවද ඔහු පැවසීය.

Read More

අපරාධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යන්හි පළවීම සම්බන්ධ‍යෙන් පොලිස් කොමිෂන් සභාවේ දැඩි අවධානය යොමු ව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගය වලට පටහැනිව මාධ්‍යට මුදා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම ට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම සිදුවීමට අදාළව සති දෙකක් ඇතුළත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් සිදුකර එය පොලිස් කොමිෂන් සභාව වෙත දැන්වීමට පොලිස්පතිවරයා ට නියෝග කර ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ (11) රැස් වූ අවස්ථාවේ එම තීරණ ගෙන අදාළ නියෝග නිකුත්…

Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සිය වර්ජනය අත්හැරීමට තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය කර ඇති බව වාර්තා වේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මාස 2කකට අධික කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරතව සිටී.

Read More

අද දිනයේ (12) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ටවැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේ, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ…

Read More

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. මේ අතර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ඔවුන් සේවයට වාර්තා කළහොත් “සේවය හැරගියා සේ සලකා” නිකුත්කළ ලිපි ඉවත්කර ගන්නා බවයි.

Read More

ජාතික ගමනාගමන කොමිෂන් පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාසනය ලැබී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පවසයි. අද (10) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එමෙන්ම ඔහු පවසා සිටියේ දැනට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණක් මැදිහත් විය හැකි නමුත් පාසල් වෑන් රථ, ත්‍රීරෝද රථ සහ වෙනත් වාහන සඳහා ද නියාමනයක් සිදු කිරීමට හැකිවන පරිදි පනත සංශෝධනය කර ඇති බවය. “අපි ඉතාම බරපතළ ලෙස පිළිගන්නවා ත්‍රීරෝද රථ විශාල මහජන සේවාවක් කරනවා. එය අවශ්‍යයෙන්ම නියාමනය කළ යුතුයි. නමුත් ඒ සඳහා අවශ්‍ය බලතල නැති නිසා මම ජාතික ගමනාගමන කොමිෂන් පනත සම්පුර්ණයෙන් සංශෝධනය…

Read More

රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එමෙන්ම ඔහු පවසා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවය. “අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කථා කරලා දැනුම්දීලා තියෙනවා අපි අගොස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට… පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපබෝගී වාහන වැඩපිළිවෙළක් හදනවා කියලා. ඒ නිසා මේ කමිටුව ජුලි මාසේ 04 වනදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත ඒ කියන්නේ අගෝස්තු මාසයේ දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ…

Read More