Author: LFN

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවය. වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙස දසුන් ගමගේ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට බොහෝ පිරිස් පෙළඹී සිටිය ද, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන්…

Read More

වීරකැටිය මොරයාය ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ මොරයාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක දී මෙම මරණය සිදුව ඇති බවය. තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන් වේ. මියගොස් ඇත්තේ 30 හැවිරිදි වීරකැටිය මොරයාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය පවසයි. ගැටුමේදී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහලට වලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read More

මනුෂ්‍ය ඝාතන 3ක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකය තොරතුරු වාර්තා කර තිබේ. එම ඝාතන ඊයේ (12 ) දිනයේ අලුයම සහ රාත්‍රී කාලයේ සිදු වී ඇති බව පොලීසිය පවසයි. ඒ අතුරින් එක් ඝාතනයක් වාර්තා වී ඇත්තේ ඊයේ (12) අළුයම පොතුපිටිය රඹුක, පින්නගොඩැල්ල ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයේ නිවසක් අසල පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් සිටින බවට පොලීසිය ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා අසල්වැසි කාන්තාවකට අයුතු යෝජනාවක් සිදු කිරීම හේතුවෙන් එම කාන්තාවගේ පුරුෂයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග පැමිණ පොලු වලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවය. මියගොස් ඇත්තේ 45 හැවිරිදි රඹුක, රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. සැකකරුවන්…

Read More

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 50ට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු කොට්ටාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 22 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර ඇත. එහිදී සැකකරු විසින් ලැප්ටොප් පරිගණකයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු 5ක්, බ්‍රේස්ලට් 4ක්, මුදු 2ක් සහ මුදල් රුපියල් 10,000ක් සොරාගෙන තිබේ. පසුව කොට්ටාව පොලීසිය විසින් සිදුකළ විමර්ශන අනුව සැකකරු හඳුනාගෙන ඇත. ඒ අනුව එම සොරා ගත් භාණ්ඩ සහ සොරකම සඳහා භාවිතා කළ යතුරුපැදියක් ද සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ති‌බේ. පොලීසිය පැවසුවේ මෙම සැකකරු මීට පෙර කොට්ටාව, තලංගම සහ මහරගම පොලිස් වසම්…

Read More

ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එහි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ පාසල් ළමුන් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දැනුම ලබාදීම සඳහා තවදුටරත් යටිතල පහසුකම් සංවර්ධනය කළයුතු බවය. චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

පාකිස්තානය තුළ විදේශ ආයෝජකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එරට වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සිය වාර්ෂික වාර්තාව මගින් අනාවරණයක් සිදුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හරහා රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය නරක අතට හැරී ඇති බව පෙන්වා දී ඇති බවය. පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරයක් වන කරච්චි නගරයේ වීදි අපරාධ සිදුවීම්වල තියුණු වැඩිවීමක් ද ඇති බව ඉන් හෙළිකර තිබේ. අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාකිස්තානයට ව්‍යාපාර ආකර්ෂණය කරගැනීම සඳහා ආරක්ෂාව ඉතා වැදගත් බවය.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාත, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

Read More

පසුගිය සමයේදී බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවූවන් සතුව තිබූ ජංගම දුරකථන රැසක් අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාට මරණ තර්ජන එල්ලවී තිබේ. ඩුබායි සිට ඇමතුමකින් සම්බන්ධ වූ පුද්ගලයෙක් බන්ධනාගාරයේ අධිකාරීවරයාගේ පියාට තර්ජනය සිදුකර තිබුණි. බූස්ස බන්ධනාගාරයේ සහකාර අධිකාරීවරයාගේ කටුනායක පිහිටි නිවසට පසුගිය (11) පස්වරුවේ යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබේ. එහිදී එක් අයෙක් සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ පියාට සිය ජංගම දුරකථනය ලබාදී ඇත්තේ, ඩුබායි සිට හීනටියන සංඛ නමැත්තාගෙන් දුරකථන ඇමතුමක් ඇති බව පවසමිනි. එහිදී සහකාර අධිකාරීවරයාගේ පියාට ‘පුතා දඟලනවා වැඩියි, වැඩිය නටන්න එපා කියන්න. නැත්නම් මරලා දානවා ” යැයි පවසා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරීවරයා මෙන්ම දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි…

Read More

සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ. ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි.

Read More

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් බොරැල්ල පොලීසියට වැඩිදුරටත් නියෝග කර සිටියේය.

Read More