Author: LFN
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් තමාට සහනයට ලැබුණු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. දේශපාලන ගැටුම් හේතුවෙන් කලකදී ශ්‍රී ලාංකිකයින්ද කරදරවලට මුහුණ දුන් බව ජනාධිපතිවරයා පැවසීය. ඔහු ඉල්ලා සිටින්නේ, සියලුදෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීතිගරුකව කටයුතු කළයුතු බවය.
වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (13) සවස් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත. එලෙස මියගොස් ඇත්තේ, 37 හැවිරිදි දකුණු කොරියානු ජාතික කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අනුරාධපුරය, ත්‍රිකුණාමල මාර්ගයේ අනුරාධපුර දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනයවෙමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් හොරොව්පතාන යාංඔය පාලමේ ආරක්‍ෂිත වැටේ ගැටී පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙක් රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ රියදුරාට නින්ද යාම හේතුවෙන් එම අනතුර ඊයේ (13) සිදුවූ බවත් තුවාලකරුවන් හොරොව්පතාන ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බවත් ය. එම පිරිස අතර සිටි කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුරය රෝහලට මාරුකර යවා ඇති බව සඳහන් ය. යාපනය ප්‍රදේශයේ එකම පවුලේ පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලික කටයුත්තක් සඳහා යමින් සිටියදී එම අනතුරු සිදුවී ඇති බව මුලික විමර්ශනවලින් හෙළිවී තිබුණි.
අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදීය. එම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. වෙඩි ප්‍රහාර එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම දිගාවී ඇති අතර ඔහුගේ කනක් අසල ලේ තිබෙන අයුරු දක්නට ලැබුණි. ට්‍රම්ප් පවසා ඇත්තේ වෙඩි උණ්ඩයක් දකුණු කනේ වැදුණු බව තමාට දැනුණු බවයි.
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙරවරු 3.00ට නිකුත්කළ එම නිවේදනය දැක්වෙන්නේ, අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙසය. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 10ත් 18ත් සහ නැගෙනහිර දේශාංශ 55 සහ 65ත් අතර මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 15ත් 18ත් සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 70 -80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු…
එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පසුගිය (12) සමු දුන්නේය. ඔහු ටෙස්ට් පිටියට සමුදුන්නේ වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වේගපන්දු යවන්නාට හිමි වාර්තාවද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමිනි. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 121කින් ජය ගැනීමට එංගලන්තය ඊයේ සමත් විය. එම තරගය ජේම්ස් ඇන්ඩර්සන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වූ අවසන් ටෙස්ට් තරගය වූ අතර ඔහු එම තරගයේදී කඩුලු 4ක් දවා ගත්තේය. සිය ටෙස්ට් දිවියේ අවසන් තරගයට එක් වූ ජේම්ස් ඇන්ඩර්සන් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ ආචාර මැද සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය…
ඓතිහාසික අනුරාධපුර නගරය නැවතත් ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධිය පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද සුර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ උත්සවයට එක්වෙමිනි. අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින පරිශ්‍රයට විදුලිය සැපයීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත සුර්යබල විදුලි පද්ධතියෙන් උත්පාදනය කෙරෙන විදුලිය ධාරිතාව කිලෝවොට් 150කි. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අපි අනුරාධපුර නගරය තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණය යන දෙකම කැඳවා මෙම වැඩකටයුතු කරගෙන යන ලෙස මම උපදෙස්…
පෑලියගොඩ පොලීසියේ කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ඩබ්.ඩී. අත්තනායක මහතා එංගලන්තයේ සංචාරක වීසා ලබාගැනීම සඳහා අයදුම් කර තිබුණේ සිය පුතුගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීමේ අරමුණිනි. නමුත්, ඔහුගේ මූල්‍යමය ප්‍රකාශනයේ පැවැති ගැටලුවක් හේතුවෙන් එය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී තිබුණි. පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේ පිහිටි වීසා උපදේශන ආයතනයක් වෙත යන්නේ යළි වීසා ලබාගැනීම සඳහාය. ඒ අනුව අදාළ ආයතනය පොලිස් නිලධාරියාට එංගලන්තයට යාමට අවශ්‍ය වීසා බලපත්‍රය ලබාදීමට මැදිහත්වී තිබුණි. අත්තනායක මහතා ජුලි 2 වනදා පෙරවරුවේ දෙහිවල පිහිටි අදාළ ආයතනයට යන්නේ, සිය විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහාය. එහිදී වීසා සකස් කිරීමට වැයවූ රුපියල් ලක්ෂ 10ක මුදල ගෙවා විදෙස් ගමන් බලපත්‍රය රැගෙන යන ලෙසට එම ආයතනයේ හිමිකරු…
ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි. ඒ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්ය. මෙවන් පසුබිමක මාකඳුරේ මදූෂ්ගේ දේහය භූමදන කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ ඉදිරිපස ඔහුගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදාර්ශනය කර තිබූ බව වාර්තාවේ. එහි සඳහන් කර තිබුණේ “අපේ අයියේ එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න.” යනුවෙනි. මේ අතර වසන්තගේ මුල්ගම වූ නුවරඑළිය නගරයද සුදුකොඩිවලින් සරසා තිබෙන අයුරු දක්නට ලැබූ බවද අප වාර්තාකරුවන් පැවසීය. අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 8වනදා වෙඩිතබා ඝාතනය කෙරුණි. ක්ලබ් වසන්තගේ දේහය තර්ජන…
සර්වජන බලය සන්ධානයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත ඊයේ (13) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් වෙත පිළිගැන්වීය. ඒ, එම සන්ධානයේ නායකයින් අද උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය. මෙලෙස පිළිගැන්වීම සිදු කෙරුණේ පසුගියදා ඉදිරිපත් කෙරුණු සර්වජන බලයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ඇතුළත් ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” පළමු කෙටුම්පත ය. සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් පළමුවෙන් මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගෙන තිබුණි. එම අවස්ථාවට මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා ගෙවිඳු කුමාරතුංග යන පිරිස එක්විය. අනතුරුව පක්ෂ නායකයින් අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී…