Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෑලියගොඩ ට්‍රැෆික් OICගේ UK ගමන දෙහිවලින් බොඳවෙයි
    Featured

    පෑලියගොඩ ට්‍රැෆික් OICගේ UK ගමන දෙහිවලින් බොඳවෙයි

    By LFNJuly 14, 2024No Comments3 Mins Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෑලියගොඩ පොලීසියේ කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ඩබ්.ඩී. අත්තනායක මහතා එංගලන්තයේ සංචාරක වීසා ලබාගැනීම සඳහා අයදුම් කර තිබුණේ සිය පුතුගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීමේ අරමුණිනි.

    නමුත්, ඔහුගේ මූල්‍යමය ප්‍රකාශනයේ පැවැති ගැටලුවක් හේතුවෙන් එය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී තිබුණි.

    පසුව ඔහු දෙහිවල ප්‍රදේශයේ පිහිටි වීසා උපදේශන ආයතනයක් වෙත යන්නේ යළි වීසා ලබාගැනීම සඳහාය.

    ඒ අනුව අදාළ ආයතනය පොලිස් නිලධාරියාට එංගලන්තයට යාමට අවශ්‍ය වීසා බලපත්‍රය ලබාදීමට මැදිහත්වී තිබුණි.

    අත්තනායක මහතා ජුලි 2 වනදා පෙරවරුවේ දෙහිවල පිහිටි අදාළ ආයතනයට යන්නේ, සිය විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහාය.

    එහිදී වීසා සකස් කිරීමට වැයවූ රුපියල් ලක්ෂ 10ක මුදල ගෙවා විදෙස් ගමන් බලපත්‍රය රැගෙන යන ලෙසට එම ආයතනයේ හිමිකරු පවසා තිබුණි.

    තම ගුවන් ගමන් බලපත්‍රය ලබානොදීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසියේ කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ඩබ්.ඩී. අත්තනායක මහතා දෙහිවල පොලීසියට පැමිණිල්ලක් කරන්නේ ඒ අනුවය.

    පොලීසිය පැවසුවේ, එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසියට පැමිණෙන ලෙසට අදාළ ආයතන ප්‍රධානියාට දැනුම්දීම සඳහා දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එදින පස්වරුවේ එම ආයතනයට ගිය බවය.

    ඉන් පසු දෙහිවල අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වීසා උපදේශන ආයතනය විසින් දොරවල් වසා රඳවා ගත් බවට වාර්තා වෙයි.

    ඒ පිළිබඳව එම නිලධාරීන් දෙහිවල පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු ස්ථානාධිපතිවරයා එහි පැමිණ තිබේ.

    එහිදී පොලිස් රාජකාරියට බාධාකිරීම මත ආයතන හිමිකරු සහ කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබුණි.

    වීසා ආයතනයේ හිමිකරු චෝදනා කළේ පොලිස් ස්ථානය තුළදී තමන්ට පහරදීමක් සිදුවූ බවය.

    ඉන් පසුදින වීසා උපදේශන ආයතනයේ හිමිකරු සහ කළමනාකරු දෙහිවල පොලීසිය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ, පොලිස් රාජකාරියට බාධා කිරීම සහ විදෙස් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනා යටතේය.

    ඔවුන් දෙදෙනා ඇප මත මුදාහැරි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කළේ, පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසය.

    නමුත් වීසා ආයතනයේ නීතිඥයින් කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම පොලිස් නිලධාරියාගේ එංගලන්ත වීසා මීට පෙර අවස්ථාවකත් ප්‍රතික්ෂේප වී තිබීම හේතුවෙන් මොහු යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බවය.

    එබැවින් විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින්නේනම් රුපියල් ලක්ෂ 10ක මුදල් තැන්පතුවක් මත මුදාහරින ලෙස නීතිඥයින් අධිකරණයට පවසා තිබුණි.

    එම ඉල්ලීම පිළිගත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ රුපියල් ලක්ෂ 10ක මුදල් තැන්පතුවක් මත විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීමට නියෝග කළාය.

    නමුත් තවමත් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය සතුව පවතින බව වාර්තා වෙයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද දෙරණ පෑලියගොඩ පොලීසියේ කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති ඩබ්. ඩී. අත්තනායක මහතාගෙන් විමසීමක් කළේය.

    ඔහු පැවසුවේ කොල්ලුපිටියේ වීසා උපදේශන ආයතනයක් හරහා අයදුම් කළ එංගලන්ත සංචාරක වීසා ප්‍රතික්ෂේප වූ බැවින් සිය මිතුරෙකුගේ මාර්ගයෙන් දෙහිවල පිහිටි වීසා උපදේශන ආයතනය වෙත ගිය බවය.

    එහිදී සිය මිතුරා සමග පවතින මිත්‍රත්වය මත මුදල් අයකිරීමකින් තොරව වීසා සම්පාදනය කර දීමට එම ආයතනය එකඟ වූ බව අත්තනායක මහතා පවසයි.

    කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ එළැඹෙන සතියේ පැවැත්වෙන සිය පුතුගේ උපාධි ප්‍රදානෝත්සවයට තමාට සහභාගි වීමට නොහැකි වනු ඇති බව ද ස්ථානාධිපතිවරයා අද දෙරණට ප්‍රකාශ කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත විමර්ශනයක් සිදුකිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.