Author: LFN
පස්සර ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙක් ග්‍රාමීය බැංකුවක තැන්පත් කර තිබූ මුදල වංචනික ලෙස එම බැංකුවේ කළමනාකාරිය සහ ලිපිකාරිනියක් එකතුවී වංචා කර ඇති බව වාර්තා වෙයි. එම 65 හැවිරිදි මව සහ ඇයගේ පුතා දිවා රෑ නොබලා වෙහෙසෙ මහන්සි වී ගම්මිරිස් වගාව ඇතුළු වගාවෙන් සහ කිතුල් කර්මාන්තයේ උපාය ගත් මුදලින් එම බැංකුවේ ඒකාබද්ධ ස්ථාවර ගිණුමක් ආරම්භ කර තිබුණි. ඔවුන් එසේ ස්ථාවර ගිණුමක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණේ රෝගාබාධයකින් පෙළෙන සුනිල්ගේ බිරිඳගේ ප්‍රතිකාර සඳහා මෙන්ම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලට සහ අළුතින් තනන නිවසේ ඉදිරි වියදම් සඳහා යොදා ගැනීමේ අරමුණ ඇතිවය. මෙම ගිණුමේ මුදල කල්යත්ම රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ ගියේය. එහෙත් පසුගියදා…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු නොකර ජනාධිපතිවරණයක් පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) සලකා බැලීමට නියමිතව තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති වීම නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පසුගිය සිකුරාදා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. අදාළ පෙත්සම මගින් පෙත්සම්කරු පෙන්වාදී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන…
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා ඔලී තේරිපත් වී තිබේ. නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් ව තිබුණි. ඒ අනුව නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව ඇති බව වාර්තා වේ. කේ.පී ශර්මා 72 හැවිරිදි වියේ පසුවන අතර ඔහු මීට පෙර අවස්ථා දෙකකදී නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දරා ඇති බව සඳහන් වේ. නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා සහ නව කැබිනට් මණ්ඩලය අද (15) දිනයේ දී දිවුරුම් දීමට නියමිතය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් අද (15) සිට සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ. සිය ඉල්ලීම් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත. මේ අතර සිය ඉල්ලීම් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව අද දිනයේ දී ඉටු නොකළහොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සිය සංගමය හෙට (16) දිනයේදී රැස්වී අවසන් තීරණය ගන්නා බවය.
තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහායි. නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශ සඳහා යාත්‍රා නොකරන ලෙස ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. අදාළ නිවේදනය පහතින් දැක්වේ. මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි…
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුව ඇති බව එම ඒකකය පෙන්වාදෙයි. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 30,227 දෙනෙකු දිවයින පුරා වාර්තා වී තිබේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 6,965කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,126 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයෙන් 3,998 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,441 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 21ක් ඩෙංගු අධි අවදානම් කලාප…
පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත. ඊට අමතරව මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ. මීට පෙර පෙබරවාරි මස 13…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ. වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්‍නේ පළමු වතාවටය. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකි බව සඳහන් වේ. මෙලෙස තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතු අතර එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය වේ. තායිලන්තයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරිම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල් උලකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සැකකරු රත්ගම පොලීසිය විසින් අද (14) සවස අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (15) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලකඩ, ගණේගොඩ, රත්ගම ලිපිනයේ පදිංචි කුමාරවඩු සුමිත් (49) නැමැති අයයි. රත්ගම, රණපනාදෙණිය පදිංචි දඩල්ලගේ විමලසේන (67) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුව රත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය (12) සවස 5.47 ට මෙම ඝාතනය සිදුව තිබෙන බවත් එය එදින රාත්‍රී 7.00ට පොලීසියට වාර්තා වූ බවත් රත්ගම පොලීසිය පැවසීය. මරණකරු රත්ගම, රණපනාදෙණිය ප්‍රදේශයේ අක්කර දෙකක පොල් ඉඩමක හිමිකරුවෙකි. මරණකරු සමග ඔහුගේ මව සහ මවගේ නැගණිය…
ප්‍රදේශ කිහිපය සිදුවූ රිය අනතුරු 04කින් පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ, අත්තනගල්ල, ලුණුගම්වෙහෙර, ගිරිඋල්ල, අම්බලන්ගොඩ යන පොලිස් වසම්වලින් එම අනතුර වාර්තා වූ බවය. ඊයේ (13) එම අනතුරු සිදුව තිබුණි. ගිරිඋල්ල – හමන්ගල්ල මාර්ගයේ කොහිලවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, කුලියාපිටිය හා ගිරිඋල්ල ප්‍රදේශවල පදිංචිව සිටි 19 හා 21 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි. මේ අතර ගාල්ල – කොළඹ මාර්ගයේ අම්බලන්ගොඩ නගරයේදී සිදුවූ යතුරපැදි අනතුරකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිත්කෂයට පත්ව තිබේ. ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවට ලිස්සා ගොස්…